කිරුළපන සිද්ධාර්ථ මාවතේ දී 2012 වසරේ ජූනි 30 වැනිදා සය හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනය කර මරා දැමූ රවීන්ද්‍රන් කුලේන්ද්‍රන් හෙවත් බෝලේට (23) මරණ දඬුවම නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද (25) නියෝග කළාය.

පැමිණිල්ල විසින් සියලු චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කර ඇති නිසා විත්තිකරුට මරණ දඬුවම නියම කරන බව විනිසුරුවරිය කියා සිටියාය. නඩුවට සම්බන්ධ බවට නීතිපති මීට පෙර නම් කර තිබූ තවත් සැකකරුවන් දෙදෙනකු නිදොස් කර නිදහස් කිරීමට ද අධිකරණය තීන්දු කළේය.