මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ අලුත් අවුරුදු උත්සවය උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට විද්‍යාලයේ ගුරු මණ්ඩලය සහ දෙමව්පියෝ කටයුතු කළහ.
මෙහිදී අවුරුදු චාරිත්‍ර අනුව සියලු කටයුතු ක්‍රියාවට නංවා තිබූ අතර ගැමි ගෙදරක ආකෘතියක් ද ඉදිකරමින් ඊට වී බිස්ස , කුරහන් ගල, ලබු කැටය, පැදුරු ආන, ඉලත්තට්ටුව, ආදි ගැමි ගෙදරක සියළු අංගෝපාංග එහි විය..
කිරි ඉතිරැවිම,හිසතෙල් ගෑම, ගනු දෙනු කිරීම, ආහාර අනුභවය සහ අවුරුදු ක්‍රිඩා ද පාසල් පරිශ්‍රයේ සූදානම් කර තිබූ අතර ජන ගී උලෙළ හැඩ කළේය.
ගැමි ගෙදර කඩුල්ලෙන් ඇතුළු වී ගෙපිලට ගොඩවන්නන්ට බුලතින් සත්කාර කිරීමටද අනතුරුව කැවිළි පෙවිළි සංග්‍රහයෙන්ද අඩු නොවූයේය.
ආච්චි සීයා ඇතුළු මව පියා යන චරිත නිරූපණය කරමින් දරු දැරියෝ එහි විසූහ. විදුහල්පති ඩී. එම්. එම්. ඩබ්ලිව්. ජී. ගුණතිලක මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කළ මේ සඳහා වලල්ලාවිට කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ දීපාල් මුණසිංහ මීගමතැන්න මෙරිල් කාරියවසම් මධ්‍යමහා විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ආරාධිතයෝ විශාල පිරිසක් එක්ව සිටියහ








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ අලුත් අවුරුද්දක් වේවා!! ආදර්ශමත් වැඩක්. පාසලේ දරු දැරියන්ට හා ගුරු දෙගුරුන්ට මගේ ප්‍රණාමය. අප අතරින් අභාවයට යන පැරණි චාරිත්‍ර අප රැක ගත යුතුයි. (ස)
විඳගන්නට ඔබේ මේ අවුරුදු සතුට!........හිතුණා මටත් නෑගම් එන්නට හනික! (ස)
ලස්සන පින්තුර ටිකක්. සදාකාලිකවම මේ වගේ ගෙවල් වල ජිවත් වෙන්න උනොත් මොනතරම් කර්කෂ වෙයිද කියල හිතුණා... (ස)