ලොව පුරා කිත්රනු බැතිමත්හු අද (18) මහ සිකුරාදා කිතු සමිඳානන්ගේ කුරුසියේ දිවි පිදුම සිහිපත්කරති. අදින් දින හතලිහකට පෙර සිට කිතුණු බැතිමත්හු යාඥාවෙන්, පරිත්‍යාගයෙන්, නිරාහාර ශීලයෙන් ක්‍රිස්තු තුමන්ගේ ජීවිත පූජාව සිහිපත් කිරීම සඳහා සූදානම් වූහ. එතුමන් ජෙරුසලමට පැමිණීම සිහිකරමින් විශේෂ දේව මෙහෙයක් ලොවපුරා කිතුනු දේවස්ථානවල ගිය ඉරිදා පැවැත්විණි. මහා බ්‍රහස්පතින්දා එතුමන් සිය ගෝලයන් දොළොස් දෙනා සමග අවසන් රාත්‍රී භෝජනයට එක්වූ අයුරු සිහි ගන්වමින් විශේෂ දිව්‍ය යාගයන්ට එක්වූ අතර මිනිසාට ඇති අසීමිත ප්‍රේමය නිසා කල්වාරියේ කුරුස ගසක් මත සිය ජීවිතය පූජා කිරීම අද සිහිපත් කරති.
අද තුන්පෑ ධ්‍යානය ලෙස හැඳින්වෙන විශේෂ දේව මෙහෙයක් සෑම දෙව් මැදුරකම පැවැත්වෙන අතර මේ දිනවල පාස්කු නාට්‍ය , පසන්, යාඤා මෙහෙය පවත්වමින් සිහි ගන්වන්නේද ක්‍රිස්තු දුක්ඛෝත්පත්තියයි.
කිතුනු බැතිමත්හු අතිශයින් උතුම් වූ රාත්‍රිය ලෙස හෙට ආලෙයිලුයියා සෙනසුරාදා සලකමින් ඉතාම දීර්ඝ දිව්‍ය යාගයකට එක්වෙති.
පාස්කු ඉරිදා කතෝලික සභාව කිතු සමිඳාණන්ගේ උත්ථානයේ ජයග්‍රහණය මහත් හරසරින් සමරයි. කිතුනු ඇදහිල්ලේ හා විශ්වාසයේ පදනම ලෙස සැලකෙන්නේ මේ ක්‍රිස්තු උත්ථානයයි.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුරුසියේ දිවි පිදූවන් සිහිපත් කරයි