
(තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක ජනතාවට පානීය ජලය සැපයීම පිනිස ඇරඹා ඇති කරස්නාගල ජල ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට සැලසුම් කොට ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් - 101 ක්, අත්තනගල්ල කොට්ඨාසයේ වසම් - 151 ක්, මිනුවන්ගොඩ කොට්ඨාසයේ වසම් - 121 ක්, මීරිගම කොට්ඨාසයේ වසම් - 34 ක් සහ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් - 36 ක් සදහා පානීය ජල පහසුකම් ලබා දීමට සැලසුම් කොට ඇත.
කරස්නාගල ජල ව්‍යාපෘතිය යටතේ අත්තනගලු ඔය ආශ්‍රිතව ඝන මීටර් මිලියන 3 දශම 5 ක ධාරිතාවකින් යුත් බස්නාගොඩ ජලාශය සහ පිරිපහදුව ඉදි කෙරෙන අතර ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් 2020 වසරේදී අවසන් කිරීමට නියමිතව තිබුනද රටෙහි උද්ගතවූ විවිධ තත්ත්වයන් මත එය මෙතෙක් අවසන් කිරීමට නොහැකිවී ඇත.
ව්‍යාපෘතියෙහි ඉතිරිව පවතින කටයුතු සදහා ඉදිරි අයවැයෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරවා ගනිමින් කටයුතු අවසන් කිරීම වෙනුවෙන් වූ සාකච්ඡාවක් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පවත්වනු ලැබීය.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් රත්නායක , ගම්පහ දිසාපති ඩබ්ලිව්.ජේ.සත්‍යානන්ද , කරස්නාගල ජල ව්‍යාපෘති අධ්‍යක්ෂ දේහින් ධර්මපාල , අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් එස්.පී.ගුණවර්ධන යන මහත්වරුන් ඇතුලු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd