ශත සංවත්සර ප‍්‍රංශ සවාරියේ නමවැනි අදියර ජය ගැනීමට අයිරිෂ් ජාතික ඩැනියෙල් මාටින් සමත් වූවත් සමස්ථ තරගයේ පෙරමුණ ගත් බි‍්‍රතාන්‍ය ජාතික කි‍්‍රස් ෆ්‍රෝම් දෙවැනි වතාවටත් කහ බැනියම රැකගත්තේය. කි‍්‍රස් ෆ්‍රෝම්ගේ තරග කාලය පැය 36 මින්ත්තු 59 තත්පර 18 කි.
තරගයේ 9 වැනි අදියර ඊයේ (7
වැනිදා) පැවැති අතර ඩැනියෙල් ගාමින් ශාප් කණ්ඩායම නියෝජනය කරයි. ඩෙන්මාර්කයේ ජේකාබ් ඩෙමර් නමවන අදියරේ දෙවන ස්ථානයත් පෝලන්තයේ මයිකල් ක්වැත්කොව්ස්කි තෙවන ස්ථානයත් හිමි කර ගත්තේය.
සමස්ත තරගයේ පෙරමුණ ගෙන සිටින කි‍්‍රස් ෆ්‍්‍රරෝම් (මහා බි‍්‍රතාන්‍ය), ඇල්බර්ටෝ කොන්තඩෝර් (ස්පාඤ්ඤය) සහ කැඩෙල් එවන්ස් ( ඕස්ටේ‍්‍රලියාව) සමග පැමිණියේ ඩැනියෙල්ට වඩා තත්ත්පර 20 ක් ප‍්‍රමාදවීමෙන් වුවත් කි‍්‍රස් සමග ස්කයි කණ්ඩායමේ සාමාජිකයෝ නොසිටියහ. කි‍්‍රස් සහ ප‍්‍රංශ සවාරිය දෙවරක් ජයගෙන සිටින ඇල්බර්ටෝ කොත්තඩෝර් අතර කාල පරතරය තත්පර 111 ක් පමණි.
”ඊයේ (6 වැනිදා) මගේ පාපැදි ජීවිතේ අමාරුම දවසකින් එකක්. ඊයේට වඩා අද (7 වැනිදා) ගොඩක් හොදයි කියලා මට හිතෙනවා” යනුවෙන් 9 වැනි අදියර අවසානයේ කි‍්‍රස් ෆ්‍රෝම් පැවසීය.
අද (8 වැනිදා) ප‍්‍රංශ සවාරියේ විවේක දිනයයි.
සමස්ථ තරගයේ ඉදිරියෙන් සිටින තරගකරුවෝ
01. කි‍්‍රස් ෆ්‍්‍රරෝම් (මහා බි‍්‍රතාන්‍ය)
02. ඇල්ජැන්ඩෝ වල්වර්ඞ් (ස්පාඤ්ඤ)
03. බූක් මොලේමා (නෙදර්ලන්තය)
04. ලොරෙන්ස් ටෙන් ඩෑම් (නෙදර්ලන්තය)
05. රෝමන් රෙසිගර් (චෙකොස්ලොවැකියාව)
06. ඇල්බර්ටෝ කොන්තඩෝර් (ස්පාඤ්ඤය)
07. නයිරෝ කොන්ටනා (කොලොම්බියාව)
08. ඩැනියල් මාටින් (අයර්ලන්තය)
09. ජොකින් රොඞ්රිගස් (ස්පාඤ්ඤ)
10. රුයි කොස්ටා (පෘතුගාලය)
11. මිකෙල් නේව් (ස්පාඤ්ඤ)
12. ජැකොබ් ඩෙමර් (ඩෙන්මාර්කය)
13. මයිකල් ක්වැත්කොව්ස්කි (පෝලන්තය)
14. ජේන් කි‍්‍රස්ටෝපර් (ප‍්‍රංශය)
15. ඇන්ඩි‍්‍ර ස්ලෙක් (ලක්සම්බර්ග්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd