තබ්බෝව වැවේදී වාරිමාර්ග නිලධාරියකුට පහරදුන්නැයි රිමාන්ඩ් භාරයේ සිටි කරුවලගස්වැව ප්‍රාදේශිය සභාවේ සභාපති නීල් වීරසිංහ දැඩි ඇප කොන්දෙසි මත අද (23) මුදා හරිනු ලැබීය.
රුපියල් 5000 කමුදල් ඇපයක්ද සමග රුපියල් ලක්ෂයක ශරිර ඇපයක් තබන ලෙස පුත්තලම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඔහුට නියෝග කළේය.
සාක්කිකරුවනට බලපෑම් නොකරන ලෙස ඔහුට තරයේ අවවාද කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් මේක සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. මේවා ගැන කිව්වට අහන්නට පොලිසියක් නැතිකල, රටේ පාලකයන් නැතිකල අපි කාට කියන්නද? (නි)
කොහොමත් ඇප ලැබෙන බව අපි දන්නවා (නි)
ප්‍රාදේශීය සභා මන්ත්‍රී ත්‍රස්තවාදය පිටු දකින්න කවුද ඉදිරිපත් වෙන්නේ?(නදී)
5000 ක්? මදි. මදි. 50,000 ක්වත් ගැහුවා නම් තමයි හොද (නි)
දුෂිත මනාප ඡන්ද ක්‍රමය , ඡන්දදායකයාට කුමක් වුවත් දේශපාලකයාගේ යහපත සලකන බල ලෝභීත්වය සහ අත කැපුවත් පක්ෂයට හෝ පක්ෂ නායකයා වෙනුවෙන් ඡන්දය දීම පවතින තුරු, දේශපාලන දුෂිතයන්,දේශපාලන මැරයන් මහජන නියෝජිතයන් වශයෙන් පැමිණීම වැලැක්විය නොහැක. වරද දකිමින්ම වැරදිකරුවන්ට සමහරු ආශිර්වාද කරති. (නි)
රටට මොනවා වෙලාද කියලා මට තේරෙන්නේ නැහැ, අනේ මට නිකන් පිස්සු වගේ. (නි)