පුත්තලමේ කරුවලගස්වැව ප්‍රදේශීය ලේකම් කාර්යාලයට අයත් නෙලිවැව හා සියඹලාගස් වැව ගම්මාන වටා අලුතින් ඉදිකර ඇති අලිවැට නිසා වසර 50 වැඩි කලක් වල් අලීන්ගෙන් බැට කෑ ජනතාව දැන් එයින් මිදී සිටිති.
නෙලිවැව ගම වටා කිලොමීටර් 5ක්ද සියඹලාගස්වැව ගම වටා කිලෝමීටර් 6 ක්ද වැට ඉදිකර ඇත. කරුවලගස්වැව ප්‍රදේශීය ලේකම් ජනක තුෂාර බාලසුරිය මහතාගේ උපදෙස් හා සංවිධාන ශක්තිය මත ගම නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් එක්ව වනජීවි දෙපාර්තමේන්තුව නිලධාරින්ගේ තාක්ෂණ උපදෙස් මත , සිවිල් ආරක්ෂක බළකායේ දායකත්වයෙන් අලිවැට සුරකීමේ සංවිධානය සමග අලිවැට ඉදි කැර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොද වැඩක් ජනතාව මේ විදුලි වට ආරක්ෂා කරන්න ඕනේ මොකද මේක නැති වුනාම අසරණ වෙන්නේ එයාලම (හේ)
හොඳ වැඩක් (නි)
ගොඩක් හොඳ දෙයක් (නි)