අයවැයෙන් බදු වැඩි කිරීමත් සමග උම්බලකඩ, හාල්මැස්සන්, කරවල, මුං ඇට, පීස්, දොඩම් හා සීනි මිල වැඩි වේ.
උම්බලකඩ හෝ උම්බලකඩ ආදේශක සඳහා කිලෝව රුපියල් 27කින් ද, වියලි හාල්මැස්සන් කිලෝව රුපියල් 16 කින් ද, සෙසු කරවල රුපියල් 27 කින් ද, මුංඇට රුපියල් දෙකකින් ද, පීස් හා චික් පීස් රුපියල් දෙක බැගින් ද, දොඩම් රුපියල් පහකින් ද, සීනි රුපියල් පහකින් ද වැඩි වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන පාරත් අපේ කට්ටිය මෙයලාටම දෙයි චන්දෙ දැන් කොච්චර බැන්නත්. අපෝයි කියලා වැඩක් නැහැ.(ස)
මේක ජනතාවගේ දුර්වල කමක් (ස)
කරවල කෑල්ලක් තමයි කාලා හිටියේ. දැන් කන්න වෙන්නේ සුදුබත් සහ ලුණු. අනේ ලුණු වැඩි කරන්න එපා (නි)
අමිල , නැහැ එහෙම වෙන්නේ නැහැ. පුන්නක්කු, තණකොළ සහ පිදුරු වල බදු අයින් කරලා සාදාරන මිලකට දෙන්න යෝජනා කරලා තියෙනව.ඒ ට සබ්බන්දව බදු සහන ඇමති වරයෙකුත්(නව ඇමති තනතුරක්) පත් කරන්න සුදානම්.(ස)
මම ඕස්ට්‍රේලියාවට අාවේ 2008දී. මේ අවුරුදු 5 හටම පෙට්‍රල් පාන් වගේ දේවල් වල මිළ වෙනස් වුණේ නැහැ. මට තේරෙන්නේ නැත්තේ ඕස්ට්‍රේලියාවට නැති ලෝක වෙළද පොළක් ලංකාවට තියෙන්නේ කොහොමද කියලා. (නි)
හරිම ආඩම්බරයි අපිට මේ වැඩ ගැන (නි)
නිශාන්ත ඔබ කිවුවා වගේම අපි රට ඉන්න නිසා හොදයි.කුලියක් කරලා ජිවත් වන මිනිසුන් කොහොම ජිවත් වෙන්නද මන්දා.එහෙත් අපි ලංකාවට ගිය දවසට?සාමානයෙන් එදිනෙදා ගන්න බඩු ඔහොම නම් අනිත් බඩු කොහොම වෙයිද.ලංකාවට ගිහින් ඉක්මනටම අනිත් පැත්තට එන්න වෙනවා.හොදයි නියමයි. අපි අනාථයි. (නි)
අයියෝ ඔයගොල්ලෝ පිස්සු කතා කරනවද? පුන්නක්කු සහ තණකොළ වල මිළ වැඩි කරලා කොහොමද? (නි)
මුං ඇට කෑවෙ නැතිවුණාට කමක් නැහැ, හැබැයි කඩල කව්පි එහෙම නම් වැඩි කරන්න එපා (නි)
කාලත් හමාරයි වගේ නේද? (නදී)
ලංකාවෙ ඇතුලත ඒවට බදු නැහැනෙ. මමනම් කියන්නෙ ඔය රටවලින් ගෙන්වන ඒවට බදු වැඩිපුර ගහන්න ඕනා. (නදී)
යු ටියුබ් එකේ වගේ ඕනෙම කමෙන්ට් එකක් එඩිට් නොකර මේකෙත් පලකරනවා නම් නවීන සහ ආකර්ෂනීය පරුෂ වචන රාශියක් අපටත් ඉගෙන ගන්න තිබුනා. (නදී)
බන්දුල පෙරේරා වෙත, ඔබගේ කතාව හරියටම හරි. එදා වේල සොයාගෙන කන කට්ටියට අන්තර්ජාලයේ සැරිසරන්න වෙලාවක් සහ හැකියාවක් නැති නිසා ඔයාට එයාලගේ ලතෝනිය තේරෙන්නේ නැහැ (නි)
මොකද මේ මුං ඇටයි චික් පීසුයි. මුංඇටයි කඩලයි කිව්ව නම් ඉවරයිනේ. (නදී)
අපිට කැසිනෝ තියෙනවා. මුං ඇට, කව්පි නැතිවට කමක් නෑ. ඇරත් කව්පිත් කෑමක්ද? අනේ ජයවේවා! (නදී)
අපිට හරිම සතුටුයි. (නි)
නියමයි ජනාධිපති තුමනි ඔය අය එනකම් තමයි දුගී ජනතාව බලාගෙන හිටියේ ඔබට ජයවේවා
මට නම් නිකන් පිස්සු වගේ බෝඩිං වෙලා උයාගෙන කන අපි වගේ අය ඉවරටම ඉවරයි (අ)
කැසිනො වල කරවල බෙදන්නෙ නෑ. ඉතින් ඕක ගානක් නෑ (අ)
තව මදි ලංකාවම කලා එවර කරන්න අපි සංසාරේ මොනතරම් කාර්ම කරලාද්ද මේ වගේ පාලකයෝ බිහිවෙන්න (අ)
ඔන්න අපේ අය ඇගට දැනෙන්න කරපු තවත් වැඩක්.ආඩම්බරයි නේද. (නි)
ගෙනාපු බෙන්ස් කාර් වලට කොහොමද ඉතින් ගෙවන්නේ.......පරිප්පු, කරෝල කන මිනිස්සුනේ බෙන්ස් කාර් වල යන්නේ (අ)
අය-වැය පියවා ගැනීමට කියා දුප්පතාගේ බඩටම ගහන එක හරිම අසාදාරණයි. ගෙදරකට මාළු ටිකක් ගන්න බැරිකමටනේ කරවල සොච්චමක් අරන් ඇවිත් හොද්දක් හදන් කන්නේ. ඒකත් ගන්නේ ග්‍රෑම් 50 -100 වගේ. හදාගන්නත් වෙලා තියෙන්නේ හට්ටිය පිරෙන්න හොද්දක්. නැත්නම් ගෙදර අයට මදි වෙනවා. දැන් ගන්න වෙන්නේ ගෙදර සාමාජිකයන් ගානට හාල්මැස්සන් ගණන් කරලාද? සීනි අල්ලට අරන් තේ බොන්නේ නැතිකමටනේ? දැන් ඒකටත් බදු වැඩිකරලා සීනි නැතිව තේ බොන්න කියන්නද කියන්නේ? දුප්පත් අපිට අර පීස් මේ පීස් ඕනේ නැහැ. මැරෙන කම් කන්ට නැති වුනත් ලෙවකන්ටවත් ගන්න පුළුවන් විදිහට අපේ කම ටිකට වත් දිගින් දිගට ගහගෙන ගහගෙන යන ඔය උලව් බද්ද නවත්වලා දෙන්නකෝ? පොහොසත් අයට ඔය බදු ගහන්නකෝ.(නදී)
මේ අයට පණපිටින් නිවන් සුව (අ)
නියමයිනේ. අපි ඒත් බලන් හිටියා මොකෝ ප්‍රමාද වුනේ කියලා. (නදී)
ඉස්සර අපි ඩුබායි ඉදලා ලංකාවට එනකොට ගෙනාවේ විදුලි සහ ඉලෙක්ට්‍රොනික් උපකරන. දැන් අපි ඩුබායි ඉදලා අරන් එන්නේ හාල් මැස්සෝ, කට්ට කරවල, තලපත්. ලංකාව වගේ දුප්පත් නොවුනත් මෙහෙ කන බොන දේවල් හරි ලාබයිනේ. ඒත් කරවල හාල් පිටි සීනි,කිරිපිටි පෙට්ටිය වටේ කැරකිලා ඒකටත් රුපියල් 8000-12000 ක් බදු ගහනවා. ඉහලින් ඕඩර් ලැබිලා තියෙන්නේ පුළුවන් තරම් රටට බදු ගහල සල්ලි හොයල දීපල්ලා කියලා. කරවල ගද ගහන පෙට්ටියටත් බදු ගහන රටක් ලංකාව කියන්නේ. තව ඉතින් අනික් ඒවා ගැන කුමට කතාද? (නදී)
නියමයි! (නදී)
රට යන අත මේකද? (නදී)
රට වට කර සාගරයි, එහි සම්පත් සාගරයයි. (නදී)
රට දියුණු වෙනවා නම් අපිට තව අවරුදු 15 ක් 20 ක් ඉවසන්න බැරි නැහැ (නදී)
රජ කාලේදී පවා බදු වර්ග 10 යක් ක්‍රියාත්මක වුන.රජයක් පවත්වාගෙන යන්න බදු ගහන්නම ඕන.බදු ගහල රටේ ජනතාවට රිදවන්නම ඕනේ. (අ)
කවුද මේ.. නිවුස් එක සිංහලෙන් ලිවුවේ.. සුද්දේක්ද ? (අ)
මම ලංකාවට නිවාඩුවට ආවට පස්සේ ලංකාවේ එන්න මිනිසුන්ගේ මුහුණවල් දැක්කම දුකත් හිතෙනවා.හරියට"(අ)
මේ තමයි ආසියාවේ ආශ්චාර්ය කියන්නේ. පොඩි මිනිහම තමයි හැම තැනකින්ම තැලෙන්නේ. ආණ්ඩුව කරන්නෙත් පොඩි මිනිහව තලා පෙලා දාන එක තමයි. ආය බෝ වේවා මහා රජාණෙනි (අ)
ගෙනාපු කෝටි ගානක කාර් ටික හොරු අරන් කියල ලංකාවේ පොලිසියකට ගිහින් පැමිණිල්ලක් දාන කෙනෙක් නැද්ද? (අ)
නියමයි නියමයි ජයවේවා! (නි)
බඩු මිළ ඉහළ ගියාට අපිට නම් ප්‍රශ්නයක් නැහැ (නි)
දැන් ඉතින් අපිට හුළං තමයි (නි)
අස්ච්ර්රේ මාවතට අපි දැන් වේගයන් පැමිණ ඇති බව ඔබට පැහැදිලිව පෙනෙන්නට ඇත ........බෙදා ගත්තෝ නිසියාකරව නිවැරදිව ..බෙදා ගන්න ....ගේ වට පිට තියන ...වස වර්ග ......තියනවනම් ....ලගට ...ගනිල්ලා .....ජනතාවෙනි..... (අ)
සනීපද ඡන්දෙ ලක්ෂ ගානට දුන්න අයට කිව්වනේ මහින්ද මහත්තයට අපි ඉන්න බව පෙන්නන්න පණිවුඩයක් යවමු කියලා කෝ අහුවයැ දැන් සීනි නැතිව තේ බොමු උම්බලකඩ ලූනු නැතිව රොටි කමු (අ)
පසුගිය දිනවල විදේශ රටවලින් ගෙන්නලා බාල් නටනකොට කීවනේ බර අදින්න වෙන්නේ අපිට කියල.සමුළුව අගේ කළ අය දැන් නිශ්ශබ්දයි. (අ)
ඔන්න චෝගම් එනවා පටි තදකර ගනිල්ලා (w)
මේ ලෝකේ ඕනෑම කෙනෙක් "සංසන්දනය කිරීම" මගිනුයි තීරණ ගන්නේ. නිදසුනක් හැටියට, පරිප්පුද මාළුද ගන්නේ කියන එක නම් ප්‍රශ්නය, ඒ දෙකේ මිළ, නැත්නම් ගුණය, නැත්නම් බඩු තියෙන්නේ ළඟ කඩේද ඈත නගරයේද, ඔන්න ඔය වගේ දේ 'සංසන්දනය' කරලයි තීරණය කරන්නේ දෙකෙන් මොකක්ද මිළ දී ගන්නේ කියලා. ජීවිතයේ ඕනෑම තීරණයක් අපි ගන්නේ එහෙමයි. දැන්, කාලයක් තිස්සේ අපට දීලා තියෙනවා සංසන්දනය කරන්න කරුණු දෙකක්. "1. කොටියාගෙන් බේරා ගත්තට කෘතගුණයද" නැත්නම් "2. බඩ ගැන හිතනවද" කියන කාරණා දෙක. තවම අපි 1 කාරණය හොඳයි කියලා තීරණ ගන්න බව දිගින් දිගටම පේනවා. එහෙම නොහිතන්න අපිව පොළඹවන්න තරම් වෙනත් දක්ෂයින් පිරිසකුත් නැති එකේ ඉදිරියටත් කවුරුත් ඔහොමම හිතයි. හොඳයි, බලන්න නැද්ද කියලා? (නි)
කිව්වානේ ඡන්දෙ දෙනකොට පණිවිඩයකුත් දෙමු කියලා කෝ අහුවයැ(අ)
අපේ ඡන්දෙ අරගෙන අපිටම ගහනවා නේද? (නි)
ජයවේවා ................(අ)
මේ හැම භාණ්ඩයකම මිල වැඩිකලත් කමක් නැහැ.ඇමතිවරු තව වැඩි කලත් කිසිම ප්‍රස්නයක් නැහැ.ඇමතිවරුන්ගේ වැටුප් තව වැඩි කලත් කමක් නැහැ.අපිට පුන්න්ක්කුයි,තනකොලලයි තිබුනොත් ඒ හොදටම ඇති.ඔබලාගේ පැවැත්ම වෙනුවෙන් දිවි හිමියෙන් ඇප කැප වෙන්නම්,කබුරන්නම්. (අ)
චෝග්ම් කාලා වෙච්ච දෙයක්.(නදී)
අයියෝ ඕවා නම් මොනවද? (නි)
බඩ ගැනමයි හිතන්නේ කියූ මෝඩ හෙන්චයියල දැන් නිශ්ශබ්දයි.රට බොහෝ වේගයෙන් සංවර්ධනයෙන් ප්‍රපාතයට යනවා නේද?තාම අලි විතරයි මැරෙන්නෙ.මොනවා කරන්නද?මෝඩයින්ට බුද්ධිය පෑදෙනකම් බලාඉන්නම්. (අ)
විනිසුරුවන්ට 30% කින් පඩි වැඩි කලා කියන්නේ දේසපලකයන්ටත් ඒ ගණන වෙනවා කියන එකනේ. කෙලින්ම ගාන කියන එක අප්සට්ද රජයේ සේවකයන්ට 1200 මහා ඉහලින් කියනකොට .; "බලනු තිහ සියයට වැඩිකර හැටපහ යොදලා" අවමය විසිදාහක් විතර නේ ද ? (අ) ෂෝක්........!
ඔහොම යං.දයාසිරිට දුන්න වගේ රෙකෝඩ් එකක් තියමු. අපේ පොඩි උන් මලත් ඡන්දෙ දීල රෙකෝඩ් එක අලුත් කරමු. (නදී)
කිම් බෙනට්ට වැරදිලා.මටත් ආර්ථික ප්‍රශ්න තිබෙනවා.නමුත් මේ විදියට අදෝනා ලතෝනි තියන්නේ නැහැ.තමන්ට ලැබෙන දේට අනුව ආදායමට අනුව වියදම සකසා ගන්න පොළොවේ පය ගහලා ජීවත් වෙන කොටසක් මේ සෝබනකාරයෝ අතර තාම ඉන්නවා මහත්තයෝ. (නි)
උතුමාණෙනි,දේශප්‍රේමයට තව අයිසින් ටිකක් දාල ඩෙකරේෂන් කරලා ,ඇග කිලිපොලා යන දේශප්‍රේමී වචන ටිකක් අඩි හප්පලා ,සිංහකොඩිය ඉඹල,ලෙවකාල දෙන්නකෝ.එතකොට කොච්චර නය අරගෙන නාස්තිකරලා ,බඩු මිල අහස උසට ඉහල දැම්මත් අපිට දැනෙන්නේ නැහැ ,ඇග හිරිවැටිලා දේශප්‍රේමයෙන් මත් වෙලා යනවා. (අ)
හැමදාම ආණ්ඩුවට බනින්න එපා. ඔයාලා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. කවුරු අාවත් බනින්නමයි සූදානම (නි)
බහින්නේ මොනවද? බතලද නැත්තම් අපේ බොක්කද?. හැබැයි අපි දේශ මාමකයෝ. දෙන්න උතුමනි හුඹස් මැටි, ඒක කාළා දිවි ගෙවන්නෙමු. වැජඹේවා සුව දහස් කල්!. (නදී)
කමක් නැහැ, අපි කවදත් ඔය සැළකිල්ල බලාපොරොත්තුවෙන් හිටියා.එදා අපි පවුලේ හත්දෙනෙක් පාන් රාත්තල හතට කපා,කෙසෙල් ගෙඩිය බැගින් කෑවා.(70_78).දවාලට බත් කෑවේ බිලින් ගෙඩි ලුණු වලින් තම්බා ඒවා සමගයි.සීනි දියකර බොන්න තරම් වත්කමක් තිබුනේ නැහැ,තව බොහෝ දුක් ගැනවිලි ඇතත් මම ලියන්න කැමති නැහැ. නමුත් එදා රජයේ දුෂණ /අල්ලස්/කොමිස්/ගැහිලි කිසිවක් තිබුනේ නැහැ. මුදල් වලට කෑදරකමින් දේශපාලනය කළ පුද්ගලයෝ වර්තා වුණේ නැහැ.අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිළ මීට වඩා ඉහළ ගියත් වචනයකින් හෝ විරුද්ධත්වයක් දක්වන්න හදවත් නැති ජනතාවක් අපේ අහළ පහළත් ඉන්නා නිසා මේ ගැන තවත් කතා කර තේරුමක් නැත (නි)
අරුණ .පෙමුකා ඔයාල හරි .(අ)
හැමදේම නැති බැරි මනුස්සය අසරණ වෙන දේවල් තමයි ඉතින්.රට දියුනු වෙන්න ඕනි ..එත් මේ එකට සුදුසු ක්‍රමයක් නෙමෙයි. (අ)
ජනතාවට සුරංගනා ලෝකයක් පෙන්වලා මෙහෙම කරන එක කැතයි (නි)
එක හොඳ වැඩක්.ණය ගන්නවට වැඩිය බදු වැඩි කරලා රටෙන්ම සල්ලි හොයා ගන්න ඕනෑ. දැන් ලංකාවේ මිනිස්සුන්ට ඕනෑතරම් සල්ලි තිබෙනවා. බලන්න. අධිවේගී මාර්ගවල මිනිස්සු සල්ලි දීලා කොච්චර යනවද? අමතර පන්ති වලට ළමයින්ට කොච්චර සල්ලි වියදම් කරනවද? (නි)
මම ඉන්නේ ඩුබායි මගේ ගෙදර අයට අඩුවක්නම් නැ එත් බඩුමිල වැඩිවෙනකොට පපුව පත්තු වෙනවා අසරණ මිනිස්සු ගැන මොකද මාත් ඒ කාලෙ එදාවේල කන්න නැතුව අනන්ත බඩගින්නේ දස දුක් විදලා තියෙනවා එක නිසා අ අසරණකම මට හොදට තේරෙනවා රවින්ද සහ ලක්ෂ්මන් ජයවර්දන කියපුවට දුකඊ අත්තමඊ අද මගේ අම්ම තාත්ත මොනතරම් දුක් වෙන්න ඇද්ද මගේ දරුවන්ට හෙට උදේට මොනවාද කන්න දෙන්නේ කියල මොකද තාත්ත කළේ කුලී වැඩ සියලුම දෙනාටම යහපතක්ම වේවා මගේ රටට දළදා හිමි සරණි (අ)
තිලක් ඔබ හරි මම එකගයි. ගෑස් ටිකත් මෙහෙන් ගෙනිච්චොත් තවත් හොදයි.(නදී)
මත්තල අලුත් වරාය අධි වේගී පාර මේවා රටේ දුප්පත් ජනතාවගේ අනාගත අභිවෘධිය වෙනුවෙන් කල දේවල්.කරවල මුන් ඇට නැතිව අපිට කන්න හැකිනෙ.මේක තමයි රටේ චින්තනය. (අ)
අපිට ඔහොම උනාට ඇමති වරුන්ට සැප නේද (අ)
කට්ටිය මේකේ කොච්චර තප්පුලවත්, ඡන්දයක් එනකොට ඔය හල්මස්සෙක්, කරවල කැල්ලක් ගන්න බැරි ඡන්ද දයකයම තමයි උදේම් ගිහින් කතිරය ගහන්නේ. ඉතින් අපි මෙතන කොච්චර ක ගැහුවත් වාදක නැහැ. වෙලාවකට හිතෙනවා තව ටිකක් වැඩි කල නම් හොදයි කියල, එතකොටවත් මේ දෙසප්‍රෙමි ඡන්ද දායකයට තේරෙන්නේ නැතැයි (අ)
මට හිතෙන්නේ ඔය ලොකු පුටුවලට අවම ඉස්සර කපු කරෝල ගද තාමත් දැනෙනවා ඇති. අනික් රටවටේම මුහුද මෙ මිනිස්සු මොකටද මෙච්චර අල්ලපු ගමන් කන්න පුළුවන් මාළු ඉදිද්දී කරවල කන්නේ කියල දුක හිතෙන්න ඇති. දැන් කලේ හුගක් අයට සීනිත් වැඩියිනේ. ඉතින් එයාලට හිතෙන්න ඇති මහජනතාව ගැන හිතලම මේ වගේ දේවල් වැඩි කලොත් හොදයි කියල. අනේ එත් රජතුමනි මේ මිනිසුන්ට ටිකක් සැපට යන්න ඔය සුව වාහන වල බදු අයින් කලානම් !!!! (අ)
දැන් ඉතින් කැසිනෝ පාරක් ගහල ආතල් එකේ ඉන්න තමා තියෙන්නෙ. (අ)
මදි මදි හොඅටෝම මදි.........වැඩිකරන්න වැඩිකරන්න දෙනවා අපේ මනාපේ...(අ)
මේ පොඩි දේවල් වැඩි වුණාට ගානක් නැහැනේ.උදේ ඉඳලා හඳේ එළිය වැටිලා ,ආපහු ඉරේ එළිය වැටෙනකම්ම සෙල්ලම් කරලා දරු පවුල් රකින්න කැසිනෝ දීලා තියෙනවනේ. තම උත්සාහය තියෙන්නම ඕනෑ සෙල්ලම් කරලා දිනලා බිරියවයි ළමයින්වයි රකින්න (නි)
අනේ මන්දා ඊළග ඡන්දෙදි මොනවා වෙයිද කියලා (නි)
මේ ඔක්කොම ජාති ලංකාවේ වවන ඒවා. ඉතින් කොහොමද මිල ඉහළ යන්නේ? පිටරටින් ගෙනෙනකන් බලා ඉන්නේ නැතුව දැන් ලංකාවේ වවන්න. මෙම ආනයන ද්‍රව්‍ය වල මිළ වැඩි වීම හොඳ දෙයක්. (නි)
යුද්ධය ජයගත් සැබෑ වීරයෙකු, රජෙකු ජනාධිපතිව සිටීම රටකට භාග්‍යයක්. මිනිසුන්ගේ හදවත් තුල ඇති ඒ අවංක හැගීම තේරුම් ගෙන රට පාලනය කිරීමට ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා නම් රටත් ඔහුත් දෙගොල්ලම ජයග්‍රහණය කළා වෙනවා.විකල්පයක් නැති රටක ඡන්දයෙන් පමණක්ම නිසි තක්සේරුවක් ගෙන දෙනවා කියන එක මුලාවක්.රට සංවර්ධනය කරන්න තමයි මිනිසුන් ඡන්දය දෙන්නේ.නමුත් සංවර්ධනය මුවාවෙන් රට සූරා කන දේශපාලකයින් ඔවුන්ගේ හෙන්චයියන් වන ඇතැම් රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හා දාමරිකයින් පෝෂණය කරන රජයක් අපට වැඩක් නැත. මේ තරම් කුඩා රටකට මේ තරම් ලොකු කැබිනට් එකක් අවශ්‍ය නැති බව මෙම නායකයින්ට තේරෙන්නේ නැද්ද?ඇයි මේවාට පිළියම් යොදන්න රටේ ජනතාව ලබාදුන්න ජනවරම ප්‍රමාණවත් නැද්ද? සැබෑ වීරයෙක් වන්න හැකි වන්නේ දුප්පතා සූරා නොකන රටට ගැළපෙන බදු ප්‍රතිපත්තියක් ඇතුව දූෂකයින් හා දූෂණය නැති කරලා දාන දිගුකාලීන බුද්ධිමත් ක්‍රියාදාමයකට ගියොත් තමයි. (නි)
අයියෝ, මදිනේ. රු 86 යි නේ ඔක්කොම. රු 1200න් තව රු 1114 ක්ම ඉතුරුයිනේ.. (නදී)
සීනි වලින් දියවැඩියාව.....,,පීස්,මුන් ඇට,කඩල,උම්මලකඩ අවශ්‍යමද? (අ)
ටිකිරේ මාළු කන්න කරවල නොකා රටේ ප්‍රගතිය උදෙසා දායක වන්න (අ)
මෙහෙම වෙන්නේ ඇයි ? (නි)
චෝගම් එකට වියදම් කළ සල්ලි කන්දරාව දැක්කම හිතුනා මෙදා සැරේ අපේ බඩේ පහර තමයි කියලා. ඔහොම යමු ඔහොම යමු. (නි)
සංජිව රටට අවශ්‍ය රටේ නායකයා වික්‍රම බහු ගේ සහ මංගලගේ උදව්ගෙන පවතින රනිල්ද නැතිනම් ජ .ව්.පෙ ලනුව කාලා දිරෝගන්න බැරුව දගලන සරත්ද (අ)
වැඩි දෙනෙක් ලියා ඇති දෙයින් එක් කාරණයක් පැහැදිලි වෙනවා. ආණ්ඩුව දේශප්‍රේමීකම පෙරටුකර සුද්දාට බැනලා දැවෙන ප්‍රශ්න වෙන අතකට හරවන්න මෙතෙක් අනුගමනය කළ පිළිවෙත දැන් හොඳටම පිළුණු වී ඇති බව පැහැදිලියි. (නි)
තරහ වෙන්න එපා.මේ පාර නම් කොපමණ දේශප්‍රේමි කතා කිවුවත් ඡන්දෙ නම් දෙන්නේ නැහැ. (නි)
දෙන්නම්කෝ ඡන්දය (නි)
"රට දියුණු වෙනවා නම් අපිට තව අවුරුදු 15 ක් 20 ක් ඉවසන්න බැරි නැහැ" පාසල් යනකාලේ බයිසිකලයක් නොතිබුණ අය දැන් යන්නේ බෙන්ස් වලින්. අපි තව ඉවසමු. ඉවසන දනා රුපු යුදයට අර මොකක්ද කිවුවලු (නි)
චෝගම් එකට කෝටි 88 කම බෙන්ස් කර ගෙනාව.හා.හා.හි.හී හු.හු.උබලා , කරෝල කැල්ලක්,හාලමස්සෙක් කන්න නැතුව උඩ බලාගෙන ඉන්නකොට .අපේ ගරු ඇමති උතුමන්වරුන් තම බිරින්දෑවරුන් කැටුව මේ බෙන්ස් කාර් වල උජාරුවට ගමන් කරනවා දකින කොට මට නම් දැනෙන්නේ පුදුම සතුටක්.ඒ සතුට වචනවලින් කියන්න බැහැ.(ස)
අයවැය පියවා ගැනීම යනු රටක් පාලනය කරන යම් ආණ්ඩුවක් විසින් අක්‍රමවත් ක්‍රියා පිළිවෙත් සහ දුෂණය නිසා කඩා වැටුණු ආර්ථිකයේ හිඩැස පිරවීමට යොදා ගන්නා ක්‍රියාපිළිවෙතකි (නි)
චෝගම් එකට කෝටි 88 කම බෙන්ස් කර ගෙනාව.හා.හා.හි.හී හු.හු.උබලා , කරෝල කැල්ලක්,හාලමස්සෙක් කන්න නැතුව උඩ බලාගෙන ඉන්නකොට .අපේ ගරු ඇමති උතුමන්වරුන් තම බිරින්දෑවරුන් කැටුව මේ බෙන්ස් කාර් වල උජාරුවට ගමන් කරනවා දකින කොට මට නම් දැනෙන්නේ පුදුම සතුටක්.ඒ සතුට වචනවලින් කියන්න බැහැ.(ස)
එදිරිසිංහ බයවෙන්න එපා ඔයාලගේ ලනු කාපු චින්තන වැද්දෝ තාම ඉන්නවා (ස)
කමක් නැහැ. අපිට ලැම්බෝගිනි තියනවනේ (නි)
උතුමාණනි අහන්න, එක පාර මා මරන්න (නි)
බහුතරයක් ජනයාගේ බුද්ධිය හීන වූ විට,ඔවුන් අදුරේ අත ගාන විට,සංවේදී යයි කියා ගන්න අයගේ සංවේදී නහර ඔවුන් නොදැනුවත්වම හිරි වැටී ගියවිට ආර්ථිකය මෙසේ උඩු යටිකුරු වේ. (ස)
මේවා ඔක්කොම සුඛෝපභෝගී භාණ්ඩ. ඒ අයගේ ලෙඩ අඩුකරන්න තමයි මේවායේ මිළ වැඩි කරලා තියෙන්නෙ (නි)
මෙතන ලතෝනි දෙන්නේ වැඩියෙන්ම තුන්වේල හොදට කාලා වාහන තියාගෙන එක්කෝ රට රස්සා කරන එහෙම නැත්නම් මාසෙට 50000/100000 පඩි ගන්න කට්ටිය.එදා වේල උපයාගෙන කන කට්ටිය මේ විදියට ලතෝනි දෙන්නේ නැහැ කවදාවත්.ආනයනික අාහාර ද්‍රව්‍ය සදහා බදු අඩු වැඩිවීම් එක එක කාල වලට සිදු වෙනවා.මේවා අත්‍යවශ්‍ය අාහාර ද්‍රව්‍ය නෙමෙයි.සීනි වලට වැඩි වූ රුපියල් පහ දුප්පත් මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. කොහොම වුණත් මේ අාහාර ද්‍රව්‍ය සදහා වන බදු වලට අත නොතියා ආනයනික වාහන, මත්පැන්, දුම්වැටි, සුඛෝපභෝගී විදුලි උපාංග වගේ දේවල් වල බදු වැඩි කළා නම් හොදයි කියලා මාත් හිතනවා (නි)
අපිව බඩගින්නේ තියන්නද මේ හදන්නේ? (නි)
මම නම් කියන්නේ රටේ නායකත්වයට දැන් සුදුසු ෆොන්සේකා සහ සජිත්ගෙන් පිරිපුන් පක්ෂයක්. මොකද දන්නවද? අපි දන්නවා සජිත් කියන්නේ ප්‍රේමදාස මහතාගේ පුතනුවන්. දුප්පත් මිනිසුන්ගේ දුක හදුනන නායකයෙක්. ෆොන්සේකා කියන්න කෙලින් තීරණ ගන්න සැබෑ නායකයෙක්. මොවුන් එකතු වීම තම මෙම රට ගොඩගැනීමට හැකි එකම ක්‍රමය (නි)
පුනක්කු සහ තණකොළ වැඩි වුුණේ නැත්නම් ඇති. (නි)
කුනක්කු සහ තණකොළ කන්න අපි පුරුදුවෙමු.මොකද ඡන්දදායකයන්ගේ සහ හරක්ගෙ වෙනසක් නැති නිසා. ඒවා නම් වැඩි කරන්න එපා (නි)
චෝගම් එකට හුරේ දමපු අය දැන් මොකද කියන්නේ? (නි)
කවදත් කලේ පොඩි මිනිහගේ බඩට ගහන එක තමා මේ පාර ලාම්පුතෙල් අමතක වෙලා වෙන්න ඇති. හොයා හොයා දුප්පතටම ගහන්නකෝ. එතකොට හෙන ඒවි. (ස)
අනේ රත්තරං තණකොල වලටනම් බදු ගහලා අපේ ඡන්ද දායකයන්ට බකට් දාන්න එපා. (ස)
හෙට ඡන්දයක් තියන්න. අපි පරද්දවන්න මේ රටේ ජනතාව සුදානම් නැහැ. බඩු මිළ හෝ රටේ කෙරෙන දුෂණය ගැන ජනතාව ගණන් ගන්නේ නැහැ. විපක්ෂයේ අයට ජනතාව ගැන දුක් වෙන්න කාරණයක් නැහැ. සියල්ලෝම සතුටින් බීලා කාලා ඉන්න රටක්. මීට වඩා මොන අාශ්චර්යක් ද? (නි)
බස් ගාස්තුත් වැඩි . කළා . ඉඳල හමාරයි (ස)
චෝගම් වලට ජය වේවා! (නි)
අනේ අපේ දුක කාට කියන්නද මාලු ටිකක් ගන්න සල්ලි මදි නිසා කරවල ග්‍රෑම් 50 අරන් ගෙදර හැමෝටම ඇතිවෙන්න හොද්දක් හද ගත්ත දැන් එකටත් තව ගානක් වැඩි වෙලා මේ දුප්පත් අපිව මරලම දානවනම් ඔබතුමාට පින් සිද්ද වෙනවා ගරු ජනදිපතිතුමනි
ඉදිරි වසරේ ඉලෙක්ෂන් තියෙන්න , අපිට බත් පැකට් , අරක්කු බෝතලේ හම්බු වෙනවා , එකහින්ද බදු වල ගාණ ගැන අපිට ප්‍රශ්නයක් නැ (ස)
සමීර තමයි දවසේ කියමන කියලා තියෙන්නේ. (නි)