IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කරුවල මෝල්ගස මිනී මැරුමක් අල්ලයි

වසර 24ට පෙර අනියම් සැමියා සමඟ එක්වී විවාහක සැමියා මරා දැමීයැයි සැකපිට බිරිය ද අනියම් සැමියා ද අත්අඩංගුවට ගනු ලැබ සිටති. 1989 දී කරුවල මෝල්ගසකින් ගසා ගොවියකු වන සැමියා මරාදමා මෝල්ගස රුපියල් 50ට විකුණා ඇතැයි ද පොලීසිය පවසයි.



අදහස් (0)

කරුවල මෝල්ගස මිනී මැරුමක් අල්ලයි

ප්‍රමුඛ. Wednesday, 13 November 2013 12:31 PM

මිනීමරුවන් කීදෙනෙක් මැතදී දේශපාලන මැදිහත් වීමෙන් නිදහස් කලාද?කුඩු ගෙන්වූ කී දෙනෙක් නිදහස් කළාද? කුඩු කිලෝ 8 ක් සහිතව අත් අඩංගුවට ගත් තවත් කෙනෙක් ඊයේ නිදහස් කළා. පොලිසිය මහන්සි වී සොයා ගන්න මිනීමරුවෝ අපරාධකරුවෝ,දේශපාලකයන්ගේ මැදිහත්වීමෙන් නිදහස් කරනවා. (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 13 November 2013 12:35 PM

ෆස්රුල් ගෆූර්, ඔබට මගේ ප්‍රණාමය ! පිටු 10-15 කිව යුතු දේවල් ඔබ සරලව වචන 50 - 60 කින් ලියලා.ඔබ හරියටම හරි. (ස)

:       0       0

රෝහණ සල්ගාදු Wednesday, 13 November 2013 12:49 PM

ගෆුර්, ඔබ හරි. ඒ වගේම සංවේදී කෙනෙක්. ඔබට සියලු ලාංකිකයන් වෙනුවෙන් මගේ ප්‍රණාමය (නි)

:       0       0

චන්දි Wednesday, 13 November 2013 12:49 PM

ෆස්රුල්, ඔබ සමග එකග වෙමි.ඉතාමත් තියුණු ලෙස ඔබ ගෙන හැර දැක්වූ දෙය ඉතාම වටී. ඒත් ඉතින් බිරි අලින්ට ''විනා''වැයුවට වැඩක් නැහැනේ (නි)

:       0       0

ඉන්දික බහරේන් සිට, Wednesday, 13 November 2013 05:33 PM

ෆස්රූල්, ඔබ සිංහල හොදට යොදාගෙන කළ පැහැදිලි කිරීම ඉතාම අගනා එකකි.ඔබ ඉතා නිවැරදිය. ඔබේ අදහසට මම එකග වෙමි (නි)

:       0       0

සජී Wednesday, 13 November 2013 05:58 PM

ගෆුර්, ඔයා හරි. ඒත් ඔයා කියන දේවල් කිසිම රටක ඒ විදිහටම වෙන්නේ නැහැ.දැඩි නීති රීති වලින් අපරාධ පාලනය කරන්න බැහැ. එහෙම නම් දැඩි නීති තිබෙන ඉරානය සෞදිය වැනි රටවල අපරාධ නැති වෙන්න ඕනෑ, තවමත් ඒ රටවල අපරාධ සිදුවෙනවා, (නි)

:       0       0

උදය Thursday, 14 November 2013 12:04 AM

ගෆූර් දන්නේ නැති නිසා අහන්නේ. දැන් ඔය දැඩි නීති තියෙන සෞදි වල හාම්පුත්තු ශ්‍රී ලංකික සේවිකාවන්ගේ ඇඟට ඇන ගහන්නේ නැද්ද? දුෂණය කරන්නේ නැද්ද? (දී)

:       0       0

උපාලි Wednesday, 13 November 2013 03:00 PM

ෆස්රුල් ගෆූර්, මේ මැච් එකේ වීරයා. ඔබ තනිවම සටන් කරා. අපි සියලුම දෙනාගේ අදහස් වෙනුවෙන්. (ස)

:       0       0

විනෝද Thursday, 14 November 2013 01:44 AM

කළකම් පල දෙනවා දවසක (දී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 13 November 2013 07:34 PM

මාගේ අදහස් වලට ප්‍රතිචාර දැක්වූ සියලු සහෝදරයන්ට ස්තුතියි. සජී , වෙනත් රටවල් වල අපරාධ සිදුවෙනවා ඔබ හරි. හැබැයි අපේ රටේ සුළු දේවල් වලටත් අහිංසක ජීවිත බිලිවෙනවා. බීඩි ඔතන ආබාධිත පුද්ගලයකු මරා ඔහුගේ මුදල් කොල්ල කන තත්වයට අපේ සමාජය පිරිහිලා. කුඩා දරුවන් හා මහලු කාන්තාවන් දූෂණය වෙනවා මේකට ස්ථීර විසඳුමක් අපට අවශ්‍ය වෙනවා. ඒ සඳහා දැඩි නීති ක්‍රියාත්මක කිරීමට වගකිවයුතු බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය. (නි)

:       0       0

රේණුකා Thursday, 14 November 2013 02:49 AM

අපි ට මේ පුංචි ලංකාවේ තියෙන අපරාධ හිතා ගන්නවත් බැහැ.නිතිය නෙමේ මානුසික හැගීමක් වත් නැද්ද? (දී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 13 November 2013 10:38 AM

අද අපේ රටේ බහුලව සිදුවෙන අපරාධ වලට එක හේතුවක් තමා අනියම් පෙම. මේ වරද ස්ත්‍රී / පුරුෂ දෙපාර්ශය විසින්ම සිදුවෙනවා. තමාගේ ස්වාමියා හෝ බිරිඳ සමඟ ජීවත් වීමට අපහසු නම් කරුණාකරලා දෙදෙනාම සාකච්ඡා කරලා ඒකමතිකව තීරණයකට එළඹිලා නීත්‍යානුකූලව වෙන් වෙන්න. ඊට පස්සේ තමුන් කැමති කෙනා සමඟ විවාහ වෙන්න. ඇයි මේ අහිංසක ජීවිත බිලිගන්නේ? ඒ මදිවට අලුතෙන් කැන්දන් එන කුඩම්මා මුල් විවාහයෙදී ලැබුණු දරුවන්ට නොයෙක් නොයෙක් වද හිංසා කරාවි. කිසිවක් නොදන්නා අහිංසක දරු පැටවූ මැරී මැරී ඉපදේවි. මව තමන්ගෙන් වෙන්වුන දුක, පියාගෙන් තමන්ට නොලැබුන ආදරය, කුඩම්මාගේ වද හිංසා ටිකක් හිතල බලන්න මොන තරම් පවක්ද? සමහර විට අම්ම අනියම් සැමියෙක් කැන්දා ගෙන ආවොත් ඔහු කරන්නේ ඊටත් වඩා දරුණු අපරාධ ඒ මදිවට කුඩා දියණියන් දූෂණයට පවා ලක්වෙනවා එම අනන්ගයන්ගෙන්. තමුන්ගේ සිත පාලනය කරගන්න බැරිව සුළු සුළු ආශාවන් ඉටුකර ගැනීමට තමාගේ මුළු පවුලම විනාශ කරන මේ වගේ අයට උපරිම දඩුවම් දෙන්න. එල්ලලා මරන්න ඕනේ. නමුත් අවාසනාවකට වගකිව යුතු සියලු දෙනා අන්ධ, ගොළු හෝ බිහිරිය. දඩුවම සුළුය වතුර පොම්පයක් සොරකම් කිරීමේ වරදට පොලීසියේදී ගහල ගහල මරල දානවා. මිනී මරපු එවුන්ට ජන්දය ලබා දීල අති සුඛෝපබෝහි ජීවිතයට මඟ පාදා දෙනවා. මේක තමා අද තත්වය. දැඩි නීතිරීති ක්‍රියාත්මක වන තුරු මිනී මරුවන්ට කිසිම පැකලීමක් හෝ බියක් නැත. (ස)

:       0       0

ආරියසේන Thursday, 14 November 2013 03:17 AM

අපරාධයක් කොලොත් එය කවදා හෝ හෙළිවෙයි එයින් බේරී සිටිය නොහැක . (දී)

:       0       0

අශෝක Wednesday, 13 November 2013 04:23 PM

ඔයා හරියටම හරි ෆස්රුල්, මේවට හැමෝම වග කියන්න ඕන. (ස)

:       0       0

චමත් ඉතාලිය Wednesday, 13 November 2013 11:02 AM

ගෆුර් ඔයා හරි. (ස)

:       0       0

ධම්ම Wednesday, 13 November 2013 11:36 AM

ෆස්රුල් ගෆූර් කාරණය ඉතා සරලව විස්තර කරනවා. හරි පැහැදිලියි. අපේ නීති පොතේ ඇති තරම් දැඩි නීතිරීති තියෙනවා. ඒත් ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය දේශපාලනීකරණය වෙලා. (ස)

:       0       0

වනිතා Wednesday, 13 November 2013 11:59 AM

ෆස්රුල්, ඔයා හරි. අපට ලියන්න තියෙන්නෙත් ඔය ටිකමයි.මේ නිසා තමයි අපරාධ කාරයො වැඩි වෙන්නෙ. (ස)

:       0       0

මිලින්ද Wednesday, 13 November 2013 12:04 PM

ගෆුර්, බොහොම හොඳ විග්‍රහයක් ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 304 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site