ජයන්ත සමරකෝන්
කුරුවිට බන්ධනාගාරයේ පිටුපස තාප්පයෙන් දුම්කොළ, කේරල ගංජා ඇතුළු නීතිවිරෝධී පාර්සලයක් දැමූ සැකකරුවන් තිදෙනෙකු සමඟ ත්‍රීරෝද රථයක් අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීහු සමත්වුහ.
ඊයේ (18) රාත්‍රී 9.00 ට පමණ තාප්පයෙන් රක්ෂිත බන්ධනාගාර සැකකරුවන්ගේ වාට්ටුවක් දෙසට වැටී ඇති සැකකටයුතු පාර්සලයක් අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරිමේ දී දුම්කොළ 20 ක් කේරල ගංජා ග්‍රෑම් 50 ක් ලයිටර් 2 ක් ඇතුළු නීතිවිරෝධී ද්‍රව්‍ය හා උපකරණ රැසක් තිබී ඇත.
ඒ මොහොතේම පිටත එළිමහන් සිරකඳවුර දෙසට දිවගොස් කරන ලද වැටලීමේ දී පිටුපස මාර්ගයේ වේගයෙන් ගමන්ගත් ත්‍රීරෝද රථයක් නතර කර ගැනීමට හැකිවී තිබේ.
පසුව එහි සිටි පුද්ගලයින් තිදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් ත්‍රීරෝද රථය ද සැකකටයුතු පාර්සලය ද කුරුවිට පොලිසියට බාරදී ඇත.
කුරුවිට බන්ධනාගාර අධිකාරි අජිත් බස්නායක මහතාගේ අධීක්ෂණයෙන් නිලධාරින් කණ්ඩායමක් පරීක්ෂණ කටයුතු පවත්වාගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd