අත්තිඩිය තෙත් බිමට අයත් බෙල්ලන්විල කුරුලු අභය භූමී සංවේදී කලාපයේ පර්චස් සීයයක් ගොඩ කිරීමේ උත්සාහය නතරකළ බව තරුණ සත්වවේදීන්ගේ සංවිධානය හා අත්තිඩිය වන ජීවී අඩවි කාර්යාලය කියයි.
පර්චස් පහක් පමණ ගොඩ කැර තිබිණි
අනවසරයෙන් කුරුලු අභයභූමිය ගොඩ කරන්න්ට එරෙහිව නීති මඟින් කටයුතු කිරීම අපහසු යැයිද වනජීවී කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් සොබ දහම විනාශ කරන අයඅපේ රටෙත් ඉන්නවනේ (අ)
"අනවසරයෙන් ගොඩකරනවා" , "නීති මගින් කටයුතු කිරීම අපහසුයි"... මෙහෙව් රටක්... හිනත් යනවා... එත් සරලවම කීවොත් හරිම දුකයි...(අ)
නීතියෙන් ක්‍රියා කිරීමට අපහසුයි නම් නීතියක් හදන්න තියෙන්නේ රට ගෙන හිතල. (අ)
දේශප්‍රේමී ලේබලය ගහ ගෙන රටට ආදරෙයි,මව්බිමට ආදරෙයි කියා නිතරම කෑ ගහන අය තමයි දේශයට ද්‍රෝහී වන්නේ.දේශය විනාශ කරන්නේ.දැන් මුළු රටම විනාශ කරලා ඉවරයි.(අ)
තවත් දේශපාලුවෙක්ගේ වැඩක්ද? මේ සම්බන්දව ජනපතිතුමාව දැනුවත් කරන්නකෝ. එවිට බලමු මොනවද වෙන්නේ කියලා.(නදී)
80 දශකයේ මුල් භාගයේදී උත්සාහ කළා බෙල්ලන්විල අවට ඇති වගා නොකරන කුඹුරු සියල්ලම ගොඩ කර ගෙවල් හදල විකුනන්න. ඔහුට ඒ කාලයේ දේශපාලන හයියක් තිබුනත් පළාතේ පරිසර වේදීන් තදින්ම ඊට විරුද්ධ වූ නිසා සිහිනය බොඳ උනා. (නදී)
එතුමාව අමුතුවෙන් දැනුවත් කරන්න දෙයක් නෑ. එතුමා ජනාධිපති මේ ලංකාවට නැතුව එංගලන්තෙට නෙවෙයිනේ. (නදී)
ඔය එහා පැත්තේ වැව ගොඩ කරන අයගෙම වැඩක් වෙන්න ඇති. බැකෝ යන්ත්‍ර ඔක්කොම තියෙන්නේ එතනනේ.(නදී)
පිස්සු කතා කරනවා. පර්චස් පහේත් ගෙවල් හදන රටේ කුරුල්ලන්ට කූඩු හදන්න මොකටද මේ තරම් ඉඩකඩක් වෙන් කරලා.(නදී)
අපේ රටේ දැන් කාලේ ඕවා ඔහොම තමයි. නීතිය සැමට ක්‍රියාත්මක කළ යුතුයි.(නදී)
වනසම්පත විනාශ කරලා,අලි ඇතුළු අනෙකුත් සතුන්ගේ වාසභූමි අහිමි කරලා, ගම් වදින අලි මරා දමනවා. මුතුරාජවෙල ගොඩකරලා වටිනා පරිසර පද්ධති රටට අහිමි කරනවා. වන රක්ෂිත එලි පෙහෙළි කර විකුනනවා. ගංගා බැකෝ වලින් හාරා විනාශ කරනවා. ජල උල්පත් සිදී යනවා. නිධන් හාරා ඉපැරණි වස්තුන් විනාශ කරලා නිදහසේ කුඩු ගෙනෙනවා. බාල අපරාධ ස්ත්‍රී දුෂණ හැමතැනම. විසදුම් පෙනෙනතෙක් මානයකවත් නැත. දේශය ඇස් ඉදිරිපිට විනාශ වෙද්දී ,ව්‍යාජ දේශප්‍රේමය නම් වැහි වහලා.(නදී)
නීති මගින් කටයුතු කරන්න බැහැ කියන්නේ ගිහිල්ල කණට දෙකක් ගහන්න ඕනා කියන එකද? මොකටද නිතිය රකින නිලදාරීන් රජයෙන් පඩි ගන්නේ ක්‍රියාත්මක කරන්න බැරි නම්.(නදී)