රුපියල් ලක්ෂ අටක පමණ වටිනා ගංජා කිලෝග්‍රැම් විසිපහක් සමග සැකකරුවෙකු කෑගල්ල නගරයේ තටාක පාරේ දි අත්අඩංගුවට ගත් බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය කියයි.
සැකකරු 45 වියැති තිදරු පියෙකි. ඔහු මීට පෙරද ගංජා ප්‍රවාහනය කර අත් අඩංගුවට පත්ව ඒ සම්බන්දයෙන් මහාධිකරණයේ නඩුවක් පවතින බවද සුරාබදු නිලධාරීහු පවසති.
සුරාබදු නිලධාරින් සති කීහිපයක් තිස්සේ සිදුකරන ලද විමර්ශනයකින් පසුව මෙම වැටලිම සිදුකර ඇති අතර සැකකරුගේ මෝටර් රථය පසු පස ෂුක්ෂම අයුරින් හබා ගොස් කෑගල්ල තටාක පාරේදි මෝටර් රථය නවතා මෙම වැටලීම සිදුකර ඇත.
මෝටර් රථයේ රෝද හතරට ඉහලින් ගංජා පාර්සල් ලෙස අසුරා පිටතට නොපෙනෙන ලෙස යටින් ඇලුමිනියම් තහඩු ඇණ මගින් සවිකර තිබු බව සුරාබදු නිලධාරීහු පවසති.
සැකකරු කාලයක් තිස්සේ අදාල මෝටර් රථය උපයෝගි කරගෙන ගංජා ප්‍රවාහණය කර ඇති අතර එක් ගමන් වාරයක් සදහා ඔහුට රුපියල් හැත්තෑ පන්දහසක මුදලක් ලැබෙන බව සුරාබදු නිලධාරින් ඉදිරියේ පාපොච්චාරනය කර ඇත.
සැකකරු මෙම ගංජා කෑගල්ල ප්‍රදේශයේ ගංජා ව්‍යාපාරයේ යෙදෙන පුද්ගලයෙකුට ලබා දිමට රැගෙන ආ බව සුරාබදු නිලධාරින් ඉදිරියේ පාපොච්චාරණය කර ඇත.
මෙම ව්‍යාපාරය අගුණකොලපැලස්ස ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් මෙහෙයවා ඇති බවට සුරාබදු නිලධාරින්ට තොරතුරු ලැබි ඇත.
මෙම වැටලිම සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජි.ගුණවර්ධන මහතාගේ නියෝග මත නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (අපරාධ) ජේ.පුෂ්පකුමාර සිල්වා මහතාගේ අධික්ෂණය යටතේ සුරාබදු අධිකාරි රොහාන් විජේරත්න මහතාගේ සහ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ඒ.ආර්.ලැම්බට් මහතාගේ මෙහෙයවිම මත සුරාබදු පරික්ෂකවරුන් වන ඒ.ටි.විරමන්, උපුල් සෙනවිරත්න, සුරාබදු සැරයන් මේජර් එල්.බි.ගාමිණි, සුරාබදු නියාමකවරුන් වන අරවින්ද, අරුණ චන්ද්‍රසිරි, සුරාබදු රියදුරු ප්‍රභාත් ඇතුළු නිලධාරි කණ්ඩායමක් විසින් සිදුකර ඇත.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාරයෙන් ගංජා පනී
නිශාර්ඩ් ප්‍රීනා Friday, 08 January 2016 03:10 AM
මොන විදියේ ක්‍රම සහ විධි භාවිතා කලත් කවද හරි මට්ටු වෙනවමයි. (ම)
නිහාල් Friday, 08 January 2016 06:20 AM
මත් ද්‍රව්‍ය අනවසර දැව හොරබඩු ප්‍රවාහනය කරන වාහන සේරම රාජසන්තක කරන නීති ගෙනෙන්න ඕන (බ)
ලක්මාල් Friday, 08 January 2016 04:43 AM
මිනිහට නඩු තිබිලත් එකම වරද නැවත කරන්නේ බය නැති කම නිසානේ? නීතිය මීට වඩා තද විය යුතුයි. (බ)