මෝටර් රථයක් පදවමින් සිටි දොම්පේ හිමි නමක් දළදාගමදී අද (31) සවස අත්අඩංගුවට ගත් බව මහව පොලීසිය කියයි.
හිමිනම හැරෙන්නට එහි අන් කිසිවකුත් නොසිටි බවත් මොටර් රථයේ අදාළ ලියවිලි තිබු නමුත් හිමි නමට රිය පැදවීමට බලපත්‍රයක් නොතිබු බවත් පොලීසිය සදහන් කරයි
හිමි නම වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කළ බවද ඔහු බීමත්ව සිටියේදැයි තහවුරු කිරිමට එසේ කළේ යැයි පොලීසිය කියයි.
හිමිනම මහව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
ශ්‍රි ලංකාවේ භික්ෂුනට රියදුරු බලපත්‍ර දිය නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරකද කවුද කියලා පොඩ්ඩක් හොයලා බැලුවොත්? (නි)
දැන් කාලේ හැටියට වාහනයක් නැතුව මොනවද කරන්න පුළුවන්? (නි)
නිශාර්ඩ් , ගිහිගෙයින් නික්මී පැවිදි වූ උපසම්පදා වූ ස්වාමින් වහන්සේලායි අන්‍යාගමික පූජකවරුයි සමතැන තියන්න බැහැ.ජාතික ගීය යනකොට වාඩිවී සිටීමේ අයිතිය භික්ෂුන් වහන්සේලාට රටේ ව්‍යවස්ථාවෙන් ලබාදීලා තියෙන්නේ. අන්‍යාගමික පූජකවරුන්ට එහෙම අවස්ථාවක් නැහැ.එක හින්දා අන්‍යාගමික පුජකයෝ කරන වැඩ ස්වාමින් වහන්සේලා කළ යුතු නැත.ඇතැම් ආගමික පූජකවරුන්ට විවාහ වීමට අයිතියක් තිබුණාට ස්වාමින් වහන්සේලට එහෙම කරන්න බැහැ.අනිත් පූජකවරුන් මෙන් නොව ඔබ නොදන්නා විනය ශික්ෂාපද භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කළ යුතුය. (නි)
එකිනෙකාට අවශ්‍ය ලෙසට බෞද්ධ ප්‍රතිපත්ති වෙනස් කරන්න බැහැ. ශාසනයේ පැවැත්මට ඒවා අවශ්‍යයි. (නි)
පළමුවෙන්ම සොයා බැලිය යුතුයි මොහු සැබෑම හිමිනමක්ද කියන කරණය .මොකද අද පැවිදි වේශයෙන් නොමනා වැඩ කරන කණ්ඩායම් ගොඩක් තිබෙනවා බෞදයන් අපහසුතාවයට පත්කරන. (ස)
එහෙනම් කොහොමද අර අහවල් පන්සලේ හාමුදුරුවෝ කාර් එක එලවාගෙන යන්නේ...? පොලිසියෙන් අල්ලන්නේ නැහැනේ (නි)
හාමුදුරුවන්ටත් බලපත්‍ර දුන්නොත් මොකද? (නි)
සිවුරු දා ගත්තත් ජන්මේ අත් හරින්න බැහැ නේ. (නි)
මගේ නොදන්නාකම ගැන අනුකම්පා කරලා කවුරුහරි කියා දෙනවද මොන ඇවතද හාමුදුරුවන් වාහන පැදවීම නිසා කැඩෙන්නේ කියල? බයිසිකල්වල, මෝටර් සයිකල්වල ඉඳගෙන යාමත් වැරදිද කියල සමාවෙලා කියාදෙන්න. (ස)
අපේ හාමුදුරුවරුන්ටත් බලපත් දුන්නනම් හරිනේ. (ස)
"එහෙනම් කොහොමද අර අහවල් පන්සලේ හාමුදුරුවෝ කාර් එක එලවාගෙන යන්නේ...?" නම දන්නේ නැහැනේ. පොඩි ඉඟියක් දෙන්න කෝ (නි)
මෙයත් අර සේනා මේ සේනා වලට අයත් ද දන් නැ. (ස)
හාමුදුරුවරුන් සියලුම රැකියා වලින් අයින් වියයුතුයි. දේශපාලනය වැඩ නතර කල යුතුයි. කල යුතු එකම දේ නම් සසර කෙටි කර ගන්න හැටි මිනිසුන්ට පෙන්නා තමනුත් ඒ මාර්ගයේ ගමන් කිරීමයි. මිනිසුන්ට අනුශාසනා කරමින් යහ මග පෙන්නා දෙන එකයි. මැර දේශපාලකයන්ට පිරිත් නුල් බැඳීමෙන් පමණක් මේවා ඉටු වෙන්නේ නැහැ. (ස)
මේක ලොකු දෙයක් ලෙසට සලකන්න එපා. (ස)
හාමුදුරුවන්ට යන පාර වැරදිලා වෙන්න ඇති. මේවා අපේ නීතිය කරවන නිලධාරීන්ගේ බොරු වැඩ. මේ යුගයේ හිමිනමකගේ අවශ්‍යතාවයන් වසර සියදහස් ගණන් වලට පෙර විසු හිමි නමකගේ අවශ්‍යතාවයන්ට වෙනස් විය යුතු කාලය පැමිණ ඇත (නි)
මම නම් මොකුත් කියන්නේ නැහැ. කවුද දන්නේ තව අවුරුදු 10ක් වෙනකොට මෙයා මුළු මහත් ලංකාවේම ගැලවුම්කාරයා වෙන්නත් පුලුවුන්. මොකද අරයත් මෙහෙමනේ පටන්ගත්තේ (නි)
සිවුරක් කරට දාගත් හැම කෙනෙක්ම භික්ෂුවක් නොවේ. ඔහුන්ව තෝරා බේරා ගන්න එකයි ප්‍රශ්නේ. භික්ෂුවකට රැකියා යුතු කෝටියක් සංවර සීලයන් තිබෙනවා.නමුත් පන්සිල් පද පහවත් රකින්නේ නැති කෙනෙකුට භික්ෂුසුවක් කියන්නේ කොහොමද?හැබැයි මම ඇගිල්ල දික්කරන්නේ අපේ මහානායක හාමුදුරුවරුන්ට.දුශ්ශීලයන්ව පන්නන්න බය ඇයි? මම දැක්කා මහා නායක නමක් කියලා තිබෙනවා මෙයාො මානවහිමිකම් ඉල්ලාගෙන යයි කියො. නැහැ හාමුදුරුවනේ තවම අපේ ගෙවල්වල ඉලපත් තිබෙනවා. (නි)
මේකේ ඉන්න අයට බොදුබල සේනාව ගැන පුදුම අමාරුවක්නේ තියෙන්නේ. මේක අපේ රට,අපිට ඕනෑ සේනාවක් අපි හදනවා. (නි)
භික්ෂුන් තරම් මෑතකදී අපහාසයට පත්වූ තවත් පිරිසක් හොයාගන්න පුලුවන්ද? (නි)
මං මේ දන්නේ නැති නිසා අහන්නේ. හාමුදුරුවෝ ගුරුකම් කරනවා, ඡන්දෙ ඉල්ලනවා, උද්ගෝෂණ කරනවා, හොරකම් කරනවා, මැරකම් කරනවා, මංකොල්ල කනවා, දුෂණ වැඩ කරනවා... එහෙත් වාහන එළවන්න බැරි ඇයි කියලා තේරෙන්නේ නැහැනේ මට. මාව දැනුවත් කරන්නකෝ (නි)
අනේ.... අපොයි.....ශාසනේ......! චිවරය දරන්නේ පිකටිං කරන්න, කඩවලට ගහන්න, උද්ඝෝෂණ කරන්න, දේශපාලනය කරන්න නෙමෙයි. සිවුර දරාගැනීමේ ඒකායන අරමුණ විය යුත්තේ නිර්වාණය අවබෝධය සහ පෘතග්ජනයින්ට නිවන් මග පෙන්වා දීමයි. මේ සමාජ ක්‍රමය තුල ළමයාගේ පටන් මහල්ලා දක්වා අසීමිත ආශාවන් වලට පොළඹවා විනාශ කරන රටාවක් නිර්මාණය කරලා තියෙනවා. මේ නිසා තාත්තලා පුතාලව විනාශ කරනවා. (නි)
වීර, ඔයා වගේ හිතන නියම සිංහලයෝ අපේ රටේ ඉන්නවා නම් අද මෙහෙම තත්වයක් උදා වෙන්නේ නැහැ. මේවා තේරෙනකොට පෙරහැර ගිහින්. (නි)
බුද්ධ සාසනේ ගෞරවය කෙලෙසන මෙවැනි හොරදෙටුවන්ට දැඩි දඩුවම් දිය යුතුයි. ධර්ම රාජ්‍ය ගොඩනගන්න සෝම හිමියන්ගේ දේහයත් විකුණලා, කවුන්සිලේ ගිය ඇත්තන් බාර් කැසිනෝ අනුමත කරන කාලෙක මේකත් මහා ලොකු වරදක් නොවේ එක අතකින්. (ස)
මම දන්නා හාමුදුරුකෙනෙක් ඉන්නවා, කාරයකුත් තියෙනවා. ඉඳහිට ඒක පදවගෙන යනවා දැකලත් තියෙනවා. උන්නාන්සේට කියන්නේ ජීප් හාමුදුරුවෝ කියලා. මොකද කලින් එයාට ජීප් එකක් තිබුනා. එයාද කියලා බලන්න ඕනෑ. (නි)
රජය මේවා නවත්තන්න දැන්වත් මැදිහත් වෙන්න ඕන. අපිත් මෙවැනි දේවල් හෙළ දකිනවා. (ස)
දේසපාලනය කරන්න හොදනම් වාහන එලවන්න බැරි අයි? (ස)
ඉන්දික හාමුදුරු කෙනෙක් වරදක් කලොත් එක කුමන්ත්‍රණයක් .කව්රු කලත් එය වරදක් නම් වරදක් වෙදිහට පිළිගන්න පුරුදුවෙන්න .අර කවුද වගේ හැම එකටම බටහිර කුමත්‍රණයක් කියන්න නැතුව (දී)
සිවුරු වෙසින් ආ වෙනත් අයෙක්ද? (නි)
අනාගත වංශය කියවන්න
හදිසි අවද්ථාවකටවත් කාර් එකක් ගෙනියන්න ඉඩ දෙන්න. “ලෙඩා මලත් බඩ සුද්දයි“ කියන දෙය නම් ඕන , කමක් නැහැ. (ස)
කෝ මේ වීර මේකට නැද්ද ප්‍රතිචාර ? (ස)
කාර් එකේ තව හිටිනේ කවුදැයි පරීක්ෂා කළ යුතුයි (නි)
මේ රටේ ඉන්න සත්‍යපාලලාට ඇත්ත පේන්නේ නෑ. හැබැයි සත්‍යපාල කියල තිබුනෙත් හාමුදුරුවරු යයි කියාගන්නා අය කරන ෙද්වල් තමයි. පොදු සමාජය ගැන අවදියෙන් ඉන්න. එතෙකාට තමයි සත්‍ය දකින්නෙ. (ස)
තව ඉස්සරහාට ඔයිට වැඩියි, සංගායනාවක් තියන්නැ ඕනේ
ජයවර්දන,ලලිත්,මෙරටේ සුළු ජාතින් වෙනුවෙන් හඩනගන සංවිධාන වැලි කැට ගානට තිබෙනවා.තමන්ගේ රටේදීම බුරුමයේ වගේ සුලු ජාතින් අතින් බෞද්ධයාට සිදුවන කෙනහිලිකම් පිළිබදව, බෞද්ධයාගේ අනාගතය වෙනුවෙන් හඩ නගන බොදුබල සේනාවට අපහාස කරන්න එපා.රට බේරගන්න සටනේ කුඩාපොළ හිමි,ගුණානන්ද හිමි, වැනි වීර ස්වාමින් වහන්සේලා සිටි බවත් අමතකද?බලන්න එක මුස්ලිම් ජාතිකයෙක් වත් ජමියතුල් උලමාට විරුද්ධව එක අදහසක්වත් දමන්නේ නැහැ.ඇයි සිංහලයෝ විතරක් මේ වගේ ජාතිද්‍රෝහී කැත වැඩ කරන්නේ.ඕවට බොදුබල සේනාව බොරුවට ගාවගන්න එපා. (නි)
අනේ රටට ගිය කලක්. (ස)
නිමල් ජයසිංහ මහත්තයෝ කලයුත්තේ ඔබතුමා ලිය ඇති ලැයිස්තුවේ බොහෝ දෙයට තහංචි දැමීම මිසක් වාහන බලපත් දීම නොවෙයි. පැවිදි විනය රැකගැනීමට මහා නායක හිමිවරුන් වහාම කතිකාවතක් පැවැත්විය යුතයි. (දී)
නියමිත දඩුවම උපරිමයන්ම දිය යුතුයි (අ)
මෙයාලා සිවුර අත්හැරලා කසාද බැන්දා නම් ඉවරයි (නි)
හැංගි හැංඟී කරන ඒවා නතර කරන්න නම් හාමුදුරුවන්ට කසාද බඳින්න අවසර දුන්නත් කමක් නැහැ නේද?පවුල් පන්සල් වෙනවා කියන්නේ ඒකට තමයි! (නි)
දැන් කිසිම විද්යේ නීතියක් රටේ නැ. (ස)
ඔහු ඇත්තටම හාමුදුරු කෙනෙක් ද කියල බලන්න ඕනේ ඉස්සෙල්ලම. මේවා බුදු දහම අපකීර්තියට පත්කරන්න කරන කුමන්ත්‍රණ විය හැකියි. (ස)
පිටරටවලදී නම් හාමුදුරුවරුන්ට වාහනවලට ලයිසන් දෙනවා. ඉතිං ලංකාවෙ සංස්කෘතිය හැටියට තමයි නොදෙන්නෙ. (අ)
කවුරුහරි කියලා තියෙනවද හාමුදුරුවන්ට රියදුරු බලපත්‍ර දෙන්න එපා කියලා. එහෙනම් වාහනවල යන එකත් වැරදිනේ. (නි)
මහත්වරුනි, ගිහියන් වන අපට සංඝයා වහන්සේ විවේචනය කිරීම අකැපයි. නුසුදුසුයි. අපි මේ ප්‍රසිද්ධියේම ඒක කරන එක කොහොමවත් හොඳ නැහැ. සද්ධාතිස්ස කුමාරයා අයියට බයේ දුවල ගිහින් පන්සලේ ඇඳ යට හැංගුන වෙලාවේ දුටුගැමුණු රජතුමා ඔහුව ලුහු බැඳගෙන ගියානේ. හාමුදුරුවෝ කිව්වා 'මහරජ, තිස්ස නැත' කියල. මල්ලිගේ පාදයක් ඇඳ යටින් දැක්ක රජ්ජුරුවෝ. එත් රජ්ජුරුවෝ කිව්වා, "හොඳයි ස්වාමීනි, මට පේනවා තිස්ස නැති බව. කමක් නැහැ. ගිහියන් වන අපට ස්වාමීන් සමග වාද කිරීම සුදුසු නොවේ" කියල යන්න ගියා. (දී)
මහන වෙනකොට ගුරුහමුදුරුවන් ගෝලයට සිවුර දෙන්නේ සියලු දුක් නැතිකොට නිවන් අවබෝධ කිරීම සඳහා මම ඔබ පැවිදි කරවමි යන පාඨය කියවීමෙන් පසුවය. නිවනට යාමට රියදුරු බලපත්‍ර අවශ්‍ය නැති බව අධිකරණය පැහැදිලිව විස්තර කර දීමෙන් අනතුරුව බලපත්‍ර නොදීමට තීරණය කර ඇත. එහෙම තියන නීතියට අනුව කටයුතු කරන්ට තරම් විනය ගරුක වෙන්න බැරි මොකද? (ස)
මොකක්හරි සේනාවක කෙනෙක්ද දන්නෙ නැහැ (නි)
ශාසනය ශුද්ධ කරන්න වුවමනා නම් හාමුදුරුවන්ට රක්ෂා ලබා දීම පළමුවෙන්ම නතර කළ යුතුයි.පන්සල් වල කරගෙන යන මුදල් ඉපයීමේ ව්‍යාපාර තහනම් කළ යුතුයි. හාමුදුරුවරු ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් විය යුතුයි. කට්ටඩිකම් කරන චීවරධාරීන් එලවා දැමිය යුතුයි. පන්සල් බොහොමයක් අද වෙළඳ ව්‍යාපාර මධ්‍යස්ථාන බවට පත්වෙලා. සමහර උන්නාන්සේලා ලෞකික සම්පත් වලට ගිහියන්ටත් වඩා ආසයි. (නි)
ඕක මොකක්ද? මේ ලංකාවනේ (නි)
"අපේ හාමුදුරුවරුන්ටත් බලපත් දුන්නනම් හරිනේ" දැනට හැංගි හැංගි කරන දේවල්වලටත් අපට අත උස්සල අවසර දෙන්න කියාවි. සාසනයයි බුදුසසුනයි විනාස නොකර බෞද්ධ ප්‍රතිපත්ති රකින්න බැරිනම් සිවුරු ගලවා තියා එළියට බැහැල යන්න. (ස)
කඩවත හේමසාර හිමියනි, මම ඉල්ලීමක් කළා. කවුරු හරි මගේ නොදැනුම ගැන අනුකම්පා කරලා 'මොන ඇවතද හාමුදුරුවන් වාහන පැදවීම නිසා කැඩෙන්නේ' කියලා. අවසර, ඔබවහන්සේ මට කියාදෙනවද සමාවෙලා? (නි)
අන්ධ බාල දේශපාලුවන්ට අධාරකාරයෝ ඉන්නවා වගේ මේ හාමුදුරුවරුන්ටත් දායකයෝ ඉන්නවා. ඒකයි මේවට මුල. (නි)
මීට පසු චීවරය ගලවල ඔය වැඩ කරන්න. (ස)
හාමුදුරුවරු විශ්ව විද්‍යාලවල ,පාසැල්වල උගන්වනවා,වෙදකමේ යෙදෙනවා,යන්ත්‍ර මන්ත්‍ර වැඩ කරනවා , පාර්ලිමේන්තුවේ සහ අනෙකුත් ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරු ලෙස ඉන්නවා,පෙළපාලි යනවා, උපවාසය කරනවා, සිංදු ලියනවා, කවි ලියනවා, නවකථා කෙටි කථා ලියනවා... හැබැයි මේ රටේ හාමුදුරුවරුන්ට නීති වෘත්තියේ යෙදීමට සහ රිය පැදවීම රටේ ස්ථාපිත නීතිය යටතේ බැහැ.මෙය නිවැරදි විය යුතුයි. (නි)
මහා සංඝරත්නයට රිය පැදවීම තහනම් කළේ කවුද? (නි)
බලපත්‍රයක් නෙතුව රිය පැදවීම තහනම්. එක හරි. මහා සංඝරත්නයට රියදුරු බලපට්‍රයක් දිය නොහෙකිය කියන ශ්‍රේෂ්ටධිකරණ තීන්දුව බොහොම අසාධාරණ අශිෂ්ට තීන්දුවක් හෙටියට මම දකින්නෙ. මොකද අනෙකුත් ආගම් වලට අයත් පූජක පක්ෂය යස අගේට වාහන පදවන්නෙ (දී)
යමක් කීමට පෙර එහි ඇත්ත ඇති සැටියෙන් විමසා බැලිය යුතුය. කොහොම වුණත් හාමුදුරුවෝ වාහනයක් පැදවීමට උගත යුතුයි. සුනමි පැමිණි වෙලාවේ අපේ හාමුදුරුවරු මිනිස්සු රෝහලට ගෙනගියේ තමන්ගේ වාහන වලින් (නි)
මෙයාත් මොනා හරි සංවිධානයක් අටවා ගනීද ? එතකොට අපේ කොල්ලෝ කෙල්ලෝ හිතය් මෙයා අපේ ගැලවුම් කාරයා කියල (දී)
වර්ෂාව නැති වුණහම කපුවෝ එක්ක ගිහින් අහසට වෙඩිතියන මන්ත්‍රීවරු ඉන්න රටේ මේක එතරම් දෙයක් නොවෙයි. (නි)
පිඩූ සිගා වඩින්න කම්මැලි නිසා වෙන්න ඇති. (ස)
කණගාටුයි, සිවුර ගලවා දමන්න. මෙය ගැන තව දුරටත් පරික්ෂා කරන්න ඕන. සාමනේර නමක් නම් අවවාදකොට නිදහස් කරන්න. (ස)
රජය රැකිය යුත්තෙ බුදු සසුනයි. ස්වාමින් වහන්සේලා රැකිය යුත්තෙ ශීලයයි. එහෙම නැති වුණොත් මහා ඛේදවාචකයකට තමා හෙට අපේ රටට මුහුණ දෙන්න සිදු වන්නෙ. අදත් හොදින් ශීලය ආරක්ෂා කරන භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. නමුත් සමහර ස්වාමින් වහන්සේල ගිහියොත් නොකරන වැඩ තමා කරන්නෙ. කරුණාකරලා ඉල්ලන්නෙ වෙනත් ව්‍යාපාර කරන්න ඕනෑ නම් සිවුරෙන් ඉවත් වෙලා ඒවා කර ගත්තට කමක් නැහැ. එහෙම නැතුව කරුණාකරලා උතුම් ශාස්තෘවරයෙකුගෙ උතුම් ධර්මයකට අගෞරව කරමින් සිවුරෙහි වැඩ ඉන්න නම් එපා. මොකද දැන් මේ දේවල් ගම් වලටත් ව්‍යාප්ත වෙමින් තිබෙන නිසයි කියන්නෙ. (නි)
මම නම් වරදක් දකින්නෙ නැහැ. අවසර දිය යුතුයි (නි)
රටේ නීතියට ගරු කළයුතුයි (නි)
හාමුදුරුවරු කරන වැරදි විතරය් පෙන්නේ . කෝ අනිත් ආගම් වල එවුන් කරන ඒවා.
බුදුහාමුදුරුවෝ හා ඒ කාලේ හිටි සියලු භික්ෂුන් වහන්සේලා යොදුන් දහස්ගණන් පයින් වැඩියා මිස රථයක වැඩියේ නෑ. දැන් හාමුදුරුවරුන්ට ගමේ ගෙදරකට යන්නත් වහනයක් ඕන. ලොකු ලොකු ලොකු හාමුදුරුවරු පාවිච්චි කරන වාහන අධිසුඛෝපබෝගී. බුදුන්ගේ කාලේ නොකළ රථ භාවිතය මුදල් භාවිතය මහනායක හිමිවරුත් කරනවානම් වාහන පැදෙව්වම වරදක් වෙන්න බෑ. අනික සංඝ විනය ගැන නඩුකාරයෙකුට තීන්දු ගන්න බෑ. අනිත් නීතිමය කරුණු වලදී හාමුදුරුවරු උසාවියේදී සැලකෙන්නෙත් සාමාන්‍ය පුද්ගලයන් ලෙසයි. හාමුදුරුකෙනෙක් කියල වෙනස් දඬුවම් දෙන්නේ නෑ.ඇයි මෙතෙන්ට විතරක් විශේෂයක්. නිවන් යන්න රියදුරු බලපත් ඕන නැති වුනාට නිවන් යන්න කලින් යන්න තියන ගමන් වලට බලපත් ඕන.රිය පැදවීමෙන් කැඩෙන සිල් පදය මොකද්ද කියල හාමුදුරුවරු රිය පදවනවට විරුද්ධව කොමෙන්ට් දාපු හතර පෝයට සිල්ගන්න මහත්වරු කියල දෙනවද? (දී)
අනෙක් හැම වැඩේම කරනවා නම් ගිහියන් වගේ , ලයිසන් එක දුන්නට මොකද වෙන්නේ? (නි)
එක පාරක් බීමතින් ත්‍රී වීලර් එකක් එලවාගෙන ගිහින් මිනිසෙක් හප්පා නඩුවක් තිබෙනවා, අහවල් නගරයෙන්. (නි)
අනික් හැම වැඩේම කරනවානම් ගිහියන් වගේ, බලපත්‍රය දුන්නට මොකද වෙන්නේ ? (ස)
නිමල් ජයසිංහ මහත්තයාගේ කතාව හරියටම හරි.අපේ හාමුදුරුවරු ඔය කියන ඔක්කොම කරනවා."මහණකම" විතරයි කරන්නේ නැත්තේ. (නි)
භික්ෂුන් වහන්සේට වාහනයක් පැදවීම විනයට කිසිදු බලපෑමක් නැහැ. හැබැයි ලංකාවේ සම්ප්‍රදායට සංස්කෘතියට පටහැනියි. ඒ කියන්නේ සම්ප්‍රදාය සංස්කෘතිය කියන්නේ රටක නීතිය වගේම දෙයක්. වාහනයක් පැදවීම සිවුරු හැර ගෙදර යාමට තරම් වැරැද්දක් නොවෙයි. බුදුහාමුදුරුවො වරදේ තරමට දඩුවම් නියම කළ අයෙක්. භික්ෂුත්වය සම්පූර්ණයෙන් නැතිවන වැරදි තියෙන්නේ හතරයි. අනෙක් සෑම වැරැද්දක්ම නැවත හදාගන්න පුලුවන් ඒවා. (නි)
අපේ රටේ දැන් ඔක්කොම කණපිට. (නි)
මම ඉගනගත්තේ පිරිවනක. ඒ පිරිවනේ හිටය ඩ්‍රයිවින් කරන්න පුළුවන් තරුණ හාමුදුරුවෝ නමක්. පිරිවනේ 70 වැඩිය ගිහි පැවිදි ශිෂ්‍යයෝ ඉගන ගත්තා. දවසක් මහා රෑ පොඩි හාමුදුරුවෝ නමකට පපුවේ අමාරුව හදුනා හොදටම අමාරු වුණා. පිරිවනේ වැන් එක එළවන් ඩ්‍රයිවර් ගමේ ගිහිල්ල ඒ නිසා ඩ්‍රයිවින් කරන්න කවුරුත් හිටියේ නැහැ. කරන්න දෙයම් නැති නිසා අර ඩ්‍රයිවින් කරන්න පුළුවන් හාමුදුරුවෝ වැන් එක පදවාගෙන අසනීප වූ පොඩි හාමුදුරුවෝ අරගෙන රෝහල ගියා. මමත් ඒ සමග ගියා. මට මතකයි එදා පොලිසියෙන් චෙක් කළා. එත් ඒ වෙලාවේ හැටියට හැමෝම අනුකම්පකලා. දොස්තර මහත්මයා කිව්වේ තව ටික වෙලාවක් පරක්කුවුනානම් ලෙඩ බේරගන්න බැරිවෙනවා කියල. ඒ නිසා මිනිසුනේ මේ දේ හොදින් හිතට ගන්න. තම හැකියාවන් යහපත වෙනුවෙන් යොදවන්න. ඒක පිනක්.
හරියටම විස්වාසද හිමිනමක් කියා මොකද අද ගොඩක් දෙනෙක් බොරුවට සිව්රු දාගෙන හමුදුරුවරුනට අග්ව්රව කරන කාලයක් අවත් තියෙන්නේ.(දී)
ඕකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද දන්නේ නැහැ. (ස)
ගිහියෝ කරන වැඩ කරන්න ඕනනම් කරුණාකරලා ගෙදරවල්වලට ගිහිල්ල කරන්න , අනාගතපරපුරට වැරදි ආදර්ශ දෙන්න එපා ,ධර්ම සංගායනාවක් කරලා අලුතින් නීති හදල ශාසනය රැකෙන වැඩපිළිවෙලක් ඉක්මනින්ම කළයුතුව ඇත
නිමල් ජයසිංහ,භික්ෂුනට රියදුරු බලපත්‍ර දුන්නොත් "අස්පයින්ට අං ලැබුනා" වගේ වෙයි.අනික ඔය ඔක්කොමත් ගන්න ඕනෑ නම් අහවල් එකටද සිවුරේ ඉන්නේ. පුදුම මානව හිමිකම් තමා ඔයාලත් ඉල්ලන්නේ.තව කියන්න අනිත් මිනිස්සුන්ට පුලුවන් නම් හාමුදුරුවරුන්ටත් වයස හරිනම් මත්පැන් බොන්නත් කසාද බදින්නත් ළමයි හදන්නත් දියයුතුය කියලා.වෙනසකට තිබිය යුත්තේ බස් එකට නැගුණු විට ඉදිරිපස සීට් එක සහ දානය ලබාගැනීමේ අයිතිය නම් තිබිය යුතුමයි නේද ? (නි)
හදිසියකට නම් කමක් නැහැ. හැබැයි සිව්ර ගලවලා සිවිල් ගියා නම් තමයි හොඳ.හැබැයි රියදුරු බලපත්‍ර දුන්නොත් හොඳක් වෙන්නත් පුළුවන්. බණකට දානයකට වඩින්න පහසුයි, ඉක්මන්.මේ ගැන සළකා බලන්න. කාලයේ අවශ්‍යතාවයක්. වාහනයක් පැදවුවා කියලා සිල් කැඩෙන්නේ නැහැනේ. (නි)
රටත් කෑවා.ආගමත් කෑවා.තව මොනවද කන්න ඉතිරි වෙලා තියෙන්නේ. (නි)
වහාම හිරගෙට යවන්න. (නි)
මොනදේ වුණත් අපේ ශීලවන්ත භික්ෂුන් වහන්සේලා අතර ඔයවගේ වැඩකරන, දුශ්ශිල හාමුදුරුවොත් නැතුවාම නොවෙයි.මොන ආගමෙත් ඔහොම තමයි. (නි)
රට යන්නේ කොයිබටද? (නි)
මම හිතන්නේ හාමුදුරුවරුන්ට නීති දාන්න නරකයි. එයාලා දන්නවා නේ හොද නරක. ඒගොල්ලන්ට විවාහ වෙන්න, ව්‍යාපාර කරන්නත් අවසර දුන්නා නම් හරි. (නි)
ජයවර්දන,දොන්,කරුණු නොදැන මේකට බෞද්ධයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඩනගන බොදුබල සේනාව ගාවගන්න එපා. (ස)