(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තව දින කිහිපයකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට පැමිණීමට හැකිවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා වට රාශියක් පැවැත්වෙමින් තිබෙන අතර තවත් එකඟතා කිහිපයකට එලඹීමෙන් අනතුරුව අදාළ එකඟතාවට පැමිණෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
2024 වන විට වර්තමාන ගැටලු අපහසුතා සමනය වී ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් උදාවන බව කී රාජ්‍ය අමාත්‍යවරයා ලබන අයවැයෙන් ඒ සඳහා විශාල බලාපොරොත්තුවක් තැබිය හැකි බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd