දකුනු කොරියාවේ ක්වාන්ඡු හසුන් ප්‍රදේශයේ වැඩබිමක සේවය කළ ශ්‍රී ලාංකිකයෙක් අමානුෂික ලෙස මරා දමා ඇති බව වාර්ථා වෙයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ පදිංචි දහම් අමරසිංහ නමැති 32 හැවිරිදි තරුණයෙකි.
එකම වැඩ බිමේ සේවය කළ තවත් ශ්‍රී ලාංකික තරුණයෙකු විසින් ඔහු මිය යන තුරුම පිහි පාරවල් එල්ල කර ඇතැයි වාර්ථා වෙයි.
ඔහුගේ සිරුරේ පිහි පාරවල් 10 පමණ දක්නට ඇතැයිද කියති.
මේ සම්බන්ධයෙන් මතුගම ප්‍රදේශයේ තරුණයෙකු සැ්කපිට අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි බන්දුල පෙරේරාගේ අදහස් මේ පාර නම් හොදයි වගේ. පොඩ්ඩක් අනිත් ඒවටත් අදහස් දානකොට සාධාරණව දාන්නකෝ. මියගිය තරුණයට නිවන් සුව !!! නොදන්නා යාළුවන් ගානට ආශ්‍රය කල යුතුය. (ස)
ඔබට නිවන් සුව! (නි)
මේක දකුණට අදාල නැහැ. පවතින අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද. සාමාන්‍ය පෙළින් පසු ඔක්කොම පස්ස ගහනවා. හේතුව සීමාන්තික අධ්‍යාපන අවස්ථාව. සරසවි ගියේ නැත්නම් උසස් අධ්‍යෘපනය තහනම්. පිටරට ඉන්න බහුතර බොදුනු අය ආගම අදහන්නේ නැහැ. තණ්හාව රාගය මැඩපවත්වන්න බැරි වෙනවා, අන්තිමේදී මරාගන්නවා (නි)
ලාංකික සමාජය එකිනෙකාට ගරු කරන යුගයක් කවදා උදා වෙයිද? ලංකාවේ හිටියත්, පිටරටක වාසය කලත් මේ තත්වයේ වෙනසක් නැහැ. එක අතකට, කරන වැඩවල හැටියට එහෙම ගරු කරන්න පුළුවන් තත්වයකුත් නැහැ. බොහෝවිට තව කෙකුගේ ගේ ක්‍රියාවන් නොරුස්සන ගතියක් තමයි බොහෝ දෙනාට තිබෙන්නේ. අන්‍ය ජාතිකයින් අතරේ වෙසෙන විදේශ ගත ලාංකිකයන් තම ජාතියේ අභිමානය හා සුහදත්වය ගැන මිට වඩා සැලකිල්ලක් දැක්විය යුතුයි. වර්තමානයේ ලාංකිකයින් නීති ගරුක ශිෂ්ට සම්පන්න ලාංකික පුරවැසියෙකු ලෙස ඉස්මතු වීම වෙනුවට ගණන්කාරයෙක් ලෙස සමාජය තුළ ඉස්මතු වීමට උත්සහ දරන ප්‍රවනතාවයක් බොහෝවිට දක්නට ලැබිබද කණගාටුවට කරුණක්. (ස)
මෙතන කවුද කොරියාවේ ඉන්නේ? (නි)
ඔබට නිවන් සුව පතමු! (නි)
අර උතුරු කියලා අදහස් දාන මනුස්සයා ලංකාවේ පළාත් ගැන 5 වන ශ්‍රේණියේ පාඩම ඉගෙනගන්න. අද ඔයාට දකුණ, බස්නාහිර මාරු වෙලා. බලාගෙන, හෙට දිහාවට උතුර දකුණත් මාරු වේවි. (නි)
අපේ මිනිස්සු රටේ සමගිය සාමය ගැන මහා ඉහලින් කතා කරනවා. නමුත් එකිනෙකා අතර සමගිය සමාදානය ගිලිහිලා ගිහින්. ඕක කොරියාවේ ඉතාලියේ විතරක් නෙමෙයි ලෝකේ හැම අස්සක් මුල්ලක් නෑරම තියෙන ප්‍රස්නයක්.(නදී)
ඔබට නිවන් සුව! (නි)
නුගත්කම තමා සියල්ලටම මුල. (නි)
අනිවාර්යයෙන් මේකට මුල ගෑණු කෙනෙක් වෙන්නැති. (ස)
අනුර ජයමහ හිතා ඉන්න පිටිගල නෙමෙයි මම. අනික උදිත් කොරියාවේ ඉන්නේ මෝඩයෝ කියලා මම කිව්වේ නැහැ.මම කිව්වේ මිනී මරාගන්න අපේ මෝඩයෝ ගැන. තොප්පිය ඔයාලා දෙන්නටත් හරි වගෙයි මට පෙනෙන්නේ. දාගන්න! දාගන්න!! (නි)
ඉසුරන්දිගේ කතාව ඇත්ත.., මේ රටවල ඉන්නව විවිධ රටවල් වල අය. නමුත් අපේ ලංකාවේ අය වගේ ගහ මරා ගන්නේ නැහැ කිසිම රටක අය. මතුගම දකුණේ නෙවෙයි, දකුණේ අයම විතරක් ද වැරදි කරන්නේ. ගොඩක් හිත හොඳ, දකුණේ අයගේලු. (ස)
මාරි දකුණට අදාළ නොවන දෙයකට දකුණට දොස් කියපු පළමු වෙනි අවස්ථාවත් මෙය නෙමෙයි. ඕක තමයි රටේ හැටි. (ස)
පිටිගල, මම සීයට සීයක් එකඟයි ඔබේ අදහසට. (නි)
බන්දුල පෙරේරා, දන්න දෙයක් කතා කරන්න. (ස)
අපේ මිනිස්සුන්ට චන්ඩි උණ සහ මෝඩකම එන්නේ පරම්පරාවෙන්ද? (ස)
පිටිගල කවුද කියල කවුරුත් දන්නවා. (ස)
කොරියාවට ආවම ගොඩක් අයට තමන් ලංකාවෙ හිටපු විදිය අමතක වෙනවා.මෝඩකම ඉහටත් උඩින්. (ස)
ලලිත් මහත්තයා දන්නා දේ කියන්නකෝ.අපි නොදන්නවා වෙන්න ඇති.ඔයා දන්නා දේ දැනගන්න අපිත් ආසයි. (නි)
සමහර මිනිස්සු රට ආපුවහම ඒ අයට ගෙදර දොර අම්ම තාත්ත තමන්ගේ රට ගැන අමතක වෙනවා. ඊට පස්සේ නැති ප්‍රශ්න දාගන්නවා. (දී)
කොරියාවට ආවම ගොඩක් අයට මතක නැහැ මොකටද ආවෙ කියල. එකට බීල ගහ ගන්නවා. මෝඩ මිනිස්සු. (ස)
මී හරක් කොහේ ගියත් ඇණ ගන්නවනෙ. (ස)
ශානුක, තේරුම් ගත්තට ස්තුතියි ඔබට! (නි)
දැන් බලන්න මේ සිද්ධිය ගැන උපදෙස් දෙන්න ආපු ඔයාලා රණ්ඩු වෙන විදිය.ඉතින් තවත් කතා මොනවටද.??.යම් යම් සිද්ධි වුණාට මෙහෙ ජීවත්වන ගොඩක් කොල්ලෝ ඔයාලට හිතා ගන්නවත් බැරි තරම් සහෝදරත්වයෙන්. අපේ රටින් අපි අරන් ආපුව ඒ විදියටම රැකගෙන රටට ආඩම්භරයක් වන විදියට ජීවත් වෙනවා. හැමෝම ගැනම එක විදියට හිතන්න එපා. තම තමන්ගේ මුල් අත්තිවාරම අනුව තමා හැම දෙයක්ම සිදුවෙන්නේ ...සිදුකරන්නේ. (ස)
දැන් ඉතින් කාටවත් දොස් කියල වැඩක් නෑ. වෙන්න ඕන දේ වෙලා ඉවරයි. ඔහුට නිවන් සුව ලැබේවා. (ස)
කොරියාවත් ඉතාලියේ වගේම තමයි. භාෂාව ඉගෙනගත්තට පිටරටක ජීවත් වෙන්න ඕනෑ විදිහ ඉගෙනගෙන නැහැ. අඩු අධ්‍යාපනය සහ මෝඩකම මූලික හේතුවයි. (නි)
මේ විදියේ හැසිරීම් වලින් වගේම සේවා ගිව්සුම් කඩකිරීම, වසර පහෙන් පසු තවත් අයෙකුට තිබෙන අවස්ථාවත් නැතිකර රටත් අපහසුතාවයට පත් කරමින් ආත්මාර්ථකාමීව අනවසරයෙන් රැඳී සිටීම වගේ සිදුවීම් නිසා මම හිතන්නේ ඉදිරි කාලයේදී කොරියාවේ රැකියා අවස්ථා වල දැනට අපේ රටට ලැබෙන කෝටාව ඉතා ඉක්මනින් අඩු වේවි හෝ අහිමි වේවි. (නි)
ලංකාවේ මරණ දඩුවම් නැතිවුණාට කොරියාවේ විදුලි පුටුව තිබෙනවා. (නි)
මොහුට නිවන් සුව පතමි. (ස)
පව් දෙයියනේ! (නි)
ඇයි අපේ මිනිස්සුන්ට ගහ මරා ගන්නෙ නැතිව ඉන්න බැරි. අනේ මන්දා. (ස)
කොහේ ගියත් මරාගන්නෙ අපේ අය (නි)
දෙන්නම දකුණෙනේ? (නි)
අකල් මරණයක් වෙයි කියලා හිනේකින් වත් හිතුවද (දී)
මතුගම කොහෙද දකුණේ ? (නදී)
දෙන්න පුළුවන් උපරිම දඩුවම් මේවට දෙන්න ඕනෑ. (නි)
ලංකාවේ ධාර්මිෂ්ටකම ලෝකෙටම පෙන්වන්න හදනවා වගෙයි. (ස)
පිටිගල, එක්කෙනෙක් දෙන්නෙක් වැරදී කළාට කොරියාවෙ හැමෝම මෝඩයෝ නෙවේ. (ස)