අම්බලන්තොට රිදියගම කරඹගල ආරණ්‍යසේනාසනයට අයත් රක්ෂිත ප්‍රදේශයේ දඩයම් කරුවන් දෙදෙනෙක් මෙරට සාදන ලද බෙහෙත් කොටන තුවක්කුවක්, වෙඩි බෙහෙත් පාර්සලයක් සහ වන සතුන් ඇල්ලීමට යොදාගන්නා මළ පුඩු පහක් සමඟ අත් අඩංගුවට ගත් බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්.එම්.ඒ ගුණතුංග මහතා කිය.

මෙම සෝදිසි මෙහෙයුම හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්ලිව් .එම් .ඒ ගුණතුංග මහතාගේ උපදෙස් මත අඩවි සහකාර ජේ .ඒ .පියසේන වනසත්ව නියාමක වරුන් වන සමන්ත සිරිවර්ධන .ප්‍රින්ස් ද සිල්වා , එස් ,ඒ .අසංක , මදුර ප්‍රසන්න , රියදුරු රත්න දේශප්‍රිය යන අය විසින් සිදු කරන ලදී.