අද පාර්ලිමේන්තුවට ගෙන ආ ක්‍රමෝපාය සංවර්ධන පනත වැඩි ඡන්ද 71කින් සම්මත විය.
පක්ෂය ඡන්ද 113ක් ද, විපක්ෂව ඡන්ද 42ක් ද ලැබිණි.
ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු වන අතුරලියේ රතන හිමියෝ පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. ඇමැති චම්පික රණවක ඇතුළු හෙලඋරුමයේ සෙසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිටියේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දී කිරට බළල්ලුත් සාක්ෂිලු. ඒ.ජ.ප. ප්‍රතිපත්ති ඒ.ජ.ප. වඩා හොදින් ක්‍රියාත්මක කරන සන්දානය දිනේවා ! (නදී)
ඇයි ඔවුන් රජයේ ගොඩක් දේවල් වලට හරස් වෙන්නේ? මම හිතන්නේ ආයෝජන ගැන විතරයි.
හොඳයි හොඳයි. (ත)
මේ සිද්දියේ කිසිම විශේෂත්වයක් මම නම් දකින්නේ නැහැ. එ.ජ.නි.ස. ය ගොඩ නැගුනු ආකාරය ගැන දන්නා, එහි කොන්දේසි සහ එකඟතාවයන් ගැන දන්නා කිසිවකුට මෙය අමුතු දෙයක් නොවෙයි. රජයේ හොඳ දේවල්වලට සහය දෙනවා වගේම වැරදි දේවල් වලට විරුද්ධ වීම ජ.හෙ.උ.යේ පිළිවෙතයි. එහෙම කළා කියල සන්ධානය කඩාගෙන යන්නෙත් නැහැ. පවුලක හැඩයත් එහෙම නේද.? වැඩිහිටියන්ගේ වැරදි විවේචනය කරන දරුවෝ දෙමුපියන් දාලා යනවද..? (අ)
ගින්දර (අ)
රස්සාවක් නොකර ගෙදරට වෙලා ගෑනු දරුවෝ ටික කැසිනෝ එකේ වැඩට අරින්න සමහරුන්ට පුළුවන්. නියම වැඩේ (ස)
කඩාගෙන බිඳගෙන ආශ්චර්ය කරා යන ගමනට ඇයි මේ බාධා? (ස)
ක්‍රමඋපාය~ නම් ලේසියට මුදල් සොයන්නට ගොස් විනාසවන පිරිසක් බිහිකිරීමයි. පවුල් වල සන්ඩු දෙමාපියන්ට දරුවන්ගෙන් කරදර සොරුන් මංකොල්ලකාරයන් බිහිවීම දේපොළ උකස්කර සින්නවීම අනාගත පෙරනිමිති කීපයක් සුදුවෙන් ලැබෙන පල සෙලුවෙන් ගෙදරපල! (නධී)
ක්‍රමෝපාය කිව්වත් ගණිකා වෘත්තීය කිව්වත් ඊට කැසිනෝ කියල කියන එක හරි නැහැ. මොකද මෙතන කරන්න යන්නේ හෝටල් හදන එක. ඒ හෝටල් ඇතුලේ වෙන්නේ මොනවාද කියල දැනගන්න ආණ්ඩුවේ බුද්ධි අංශ මහන්සි වෙන්න ඕනේ නැහැ. මොකද හෝටල් සේවකයෝ දන්නවා හංගපු කැමරා වලින් ඒවා නරඹන හැටි. ඒ ක්‍රමොපායත් මෙතනට හොඳට ගැළපෙනවා.(නදී)
මේ හැම ප්‍රශ්නයකටම මුල අප තුලින් විළි-බිය තුරන් වීමයි. කැසිනෝ කියල දැම්මොත් ජනතාව ඇවිස්සෙන බව දන්නා නිසා ඒ කට වෙනත් නමක් දාගෙන. ඒත් ගලේ පහරපු කිසිම බළලෙකුට තමා පහකළ දෙය වහන්න බැහැ. දේවදාසී කිව්ව පළියට ඉන්දියාවේ ළමා ගණිකාවක් සුජාතාවක් වෙන්නේ නැහැ.(නදී)
තරු පහේ හෝටල් තුල කැසිනෝ වැනි සුදු ක්‍රියාත්මක වීම ලංකාවට අලුත් දෙයක් නොවේ. මෙය අවරුදු 25 ට විතර උඩදී පටන් ලංකාවේ ප්‍රසිද්ධියේ ක්‍රියාතමක වෙනවා. කැසිනෝ වලට විරුද්ධ නම් විරුද්ධව ඡන්දය දෙන්නේ නැතුව පලායාම අනුමත කල නොහැක ? (නදී)
නම වරද්දල දාල වාගේ.ඕක වෙන්න ඕනේ 'කාමෝපාය' කියලා. (නදී)
ඇල්වතුර නිවලා බීපු තවත් අවස්ථාවක් නේද? මේක ඉතින් අපේ කරුමේ නම් මොනවා කරන්නද නේද ඇමති තුමෝ. ඔයාලා කොහොමත් එක එක කාලවල වැඩි වාසි තියෙන මත වාදය එක්ක එල්ලිලා ඔයාලගේ මුලික අරමුන වුණු කවුන්සිලිට එන එක දැන් ඉටුවෙලානේ එ්ක නිසා ජනතාවගේ මතයට පයින් ගහන එක පොඩි දෙයක්. විලි ලජ්ජා නැති කම මැති ඇමති කම තරම් වටින්නේ නැහැනේ නේද? (නදී)
රතන හිමි ඡන්දෙ නොදීමත් ක්‍රමෝපායක් තමයි.(නදී)
ආණ්ඩුව මොන පනත් ගෙනාවත් වැඩි ඡන්ද වලින් දිනනවා. හරි හෝ වැරදි හෝ වෙනසක් නැ වැළ යන අතට මැස්ස ගහන, කල දුටු කල වල ඉහගන්න මන්ත්‍රීවරු ඉන්නකම් පාර්ලිමේන්තුවේ ඕනෑම පනතක් සම්මතයි.(නදී)
ඉදිරියට 100 යට 200 ඕට්ටු දානවා නම් හොදයි.(නදී)
මේක සම්මත උනේ වැඩි ඡන්ද 3 කින් නේද? 68ක් ඡන්දය දුන්නේ නෑ කියලයි අපි දන්නේ. නාමල් රාජපක්ෂ වත් ඡන්දෙ දෙන්න ආවේ නෑ නේද? (නදී)
නාමල්, ඡන්දය නොදී සිටීම යනු විරුද්ධව දුන් ඡන්දයක් ලෙස සලකන්න ඔබට ඉගැන්නුවේ කවුද? අනික් පැත්තේ කට්ටිය කිව්වොත් ඒ 68ත් ඔවුන්ට පක්ෂයි කියලා? (ස)
මේ ගැන මෙච්චර සද්දයක් දැන් මොකද? මේවා ඉස්සර ඉඳන්ම තියෙන ඒවා. අනිත් එක කැසිනෝ තිබුණත් ඒවා සංචාරකයන්ට පමණයි නම් ඇයි වද වෙන්නේ. කවුරු හරි දන්නා කෙනෙක් ඒක ලංකාවේ බහුතරයකට බලපාන හැටි කියල දෙන්න. මොකද මේකට වඩා බහුතරයකට බලපාන ප්‍රශ්න ඕන තරම් තියෙන්නේ. මම හිතන විදියට මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්. විපක්ෂය රටට ලොකු යෝජනා එනවට කැමති නැහැ. (ස)
රවිනාත් විජේසේකර, ඕවා ඔය විපක්ෂෙ අයගේ ඉලක්කම් විජජා! (ස)
ඉන්දික කැසිනෝ "සංචාරකයන් ට පමණයි " වුණාට ඒවාත් සමග එන සමාජ වසංගත ගැන ඔබ සිතනවද ? ගමේ ඉන්න තරුණියෝ ටික කීයක් හරි හොයා ගන්න මේවා තිබෙන තැන් වලට රිංගාවී. සුද්දන්ට ආවතේව කරන්න යන තරුණයෝ ටික කැසිනෝවට පුරුදු නෙවේද ? මොකද එතන කැසිනෝ කරන්නේ විදේශිකයෝ විතරම ද කියල පරීක්ෂාව කවුරුත් යොදවලා නැහැනේ. බුරුවො ගැහුවාත් එකයි බුරු පලේ හිටියාත් එකයි. (ස)
මේක කරන්න කලින් ලොකු විනාශයක් වෙනවා. (ස)
දැන් ඉතින් ඊළඟට සම්මත කරන්න ඕන සීල කිව්වත් වගේ "කාමෝපාය " හෙවත් ගණිකා පනත තමා. කැසිනෝ ගහන්න එන සුද්දන්ට ඊළඟට අවශ්‍ය සේවාව ඒකනේ. (ස)
අපට අපේ නොවන අපේම කැසිනෝ එකක් ලැබුණා. ප්‍රීති ප්‍රීති... (ස)
බුදු දහමට අනුව විනාශය කරා යන්න පුළුවන් ජීවිකාවන් පහෙන් එකක් තමා සුදු පොළවල් ඇරීම. අද ශ්‍රී ලංකාව විනාශයට පත්වන එක බහුතරයකට නොපෙනෙන එක තමා දුක, මගේ ඇස් වලින් කදුළු ආව මේ ප්‍රවෘත්තිය කියවපුවහම. අපි දහම් පාසල් ගිහින් හැදුනේ. අමාරුවෙන් හොයපු සේසතම එක රැයකින් මේ තැන් වලදී නැති වෙනවා. මිනිස්සු සියදිවි නසා ගන්න තත්වෙට පත්වෙනවා. ? අපේ රට බුදු දහම ලෝකෙට යවපු දහම් දීපය නේද? (ස)
චනිල්, කැසිනෝ ගහන්න තියා ඇතුල් වෙන්න ටිකට් එකක් ගන්නත් අපේ මාසේ පඩිය මදිවෙයි. ඒක හින්ද ගමේ කොල්ලෝ ගැන බයවෙන්න එපා. (ස)
රවිනාත් විජේසේකර ඔය විදියට ගණනය කිරීම් කරන්න කියල ඉගැන්නුවේ අර ඇමති තුමා. ඔය විදියට ගණන කරලා ජිනීවා වලදී අපිට වැඩි ඡන්ද ලැබුන කියල කිව්වා මතක නැද්ද? (නදී)
මේ හෝටල් වල වැඩට ඔය ඇමැතියන්ගේ කට්ටිය යැව්වානම් ඒ අයට එකෙනුත් ගාණක් ලැබෙනවානේ (අ)
ඒ ගොල්ලෝ අපෙන් බලාපොරොත්තු වෙන දේවල් අපිට දෙන්න විදියක් නැ ... කණගාටුව ප්‍රකාශ කරමි. (ස)
මොනවද මේ වෙන්නේ? (නදී).
ඊලග සුනාමියට ලැස්ති වෙන්න. (ස)
අපි බලමු මොකද වෙන්නේ කියලා. (ස)
රට යන්නේ කොහාටද කියලා රටෙන් පිට ඉදන් බලන අයට පේනවා. (ස)
මේ පාර සුනාමියට මැරෙන්නේ කැසිනෝකාරයෝ. (ස)
ඉන්දික,කැසිනෝ වලට යන්න සල්ලි ගන්නේ නැහැ .එ වුණාට එලියට එන කොට පොකට් එක සුද්දයි (දිල්)
කැසිනෝ අවට කමක් නෑ. ඒ්ත් බදු ගහන්න ඕන. නැත්නම් සංචාරකයෝ රට බලන්න අැවිත් වියදම් කරන්න එකක් නෑ. කැසිනෝ ගහල යාවි. එතකොට ලංකාවට මොකද වෙන්නේ.. මොකද කැසිනෝ සල්ලි පිට රට යන නිසා.... (ස)
කැසිනෝ ක්‍රීඩාවක් ගැන අහලවත් දැකලත් නැති බොහෝ දෙනෙක් අනුන් කියන දේ අහලා ලෝක විනාශය ඇතිවෙන්ට යනවා වගේ අදහස් ලියනවා. සමහරු කියනවා කැසිනෝ වලට යන්න සල්ලි ගන්නේ නැහැ කියලා. සමහරෙක් කියනවා කැසිනෝ හෝටල් ඇතුලේ සිදුවෙන දේවල් ගැන දන්නේ සිසිටිවී කාමර නොවෙයිලු. රටෙන් පිට ඉඳල බලනකොට රට යන අත පෙනෙනවලු. මේ කතා හෙට කවුරුත් කතා කරන්නේ නැහැ. ඔක්කොම අදහස් වලට පමණයි. (ස)