IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කර්මාන්ත-ව්‍යවසාය පනත් හතක් සංශෝධනයට

(අංජුල මහික වීරරත්න)

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය වේගවත් කිරීම සඳහා ශක්තිමත් සහ සුදුසු ආයතනික සැකැස්මක් නිර්මාණය කිරීම පිණිස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන ඇතැම් පනත් මෙම වර්ෂය තුළ සංශෝධනය කිරීමට සැලසුම් කර තිබේ. 

ඒ අනුව, පහත සඳහන් පනත් සංශෝධනය කිරීම සඳහා සහ එකී පනත් සංශෝධනයන් 2025 වර්ෂයේ රජයේ නීති සම්පාදන වැඩසටහනට ඇතුළත් කිරීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* 1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වණාභරණ අධිකාරිය පනත

* 1969 අංක 36 දරන කාර්මික සංවර්ධන පනත

* 2009 අංක 12 දරන ශ්‍රී ලංකා පේෂ කර්ම හා ඇඟලුම ආයතනය පත

* 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත

*2006 අංක 17 දරන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පනත හා 2014 අංක 18 දරන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (සංශෝධන) පනත

* 1982 අංක 35 දරන ජාතික ශිල්ප සභාව සහ අනුබද්ධ ආය්‍යාන පනත

*1996 අංක 4 දරන ජාතික ශිල්ප සභාව සහ අනුබද්ධ ආයතන (විශේෂ විසිවිධාන) පනත



අදහස් (0)

කර්මාන්ත-ව්‍යවසාය පනත් හතක් සංශෝධනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site