දෝහා කර්මාන්ත ප්‍රදේශයේ ඇති ගරාජ් සහ අබලි ද්‍රව්‍ය වෙළෙඳසල් පවත්වාගෙන යන පිරිසට තම පරිශ්‍රවල කොටසක් සිය කාර්යාලය, ගබඩා සහ සේවක නවාතැන් සඳහා යොදාගැනීමට අවසර ලැබී තිබේ.
මේ සඳහා අවසරය ලබාදීමට සමහර නාගරික සංවර්ධන නීතිරීති සංශෝධනය කිරීමට නගර සභා සහ පාරිසරික දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර ඊට බලපා ඇති ප්‍රධානම හේතුව වන්නේ මෙම ප්‍රදේශයේ කම්කරු නවාතැන් ප්‍රමාණවත් නොවීම සහ වාණිජ බිම් හිඟයයි.
කසාරට් වීදිය සහ බටහිර කර්මාන්ත පුරවර වීදිය අතර 125/33 (නැගෙනහිර) අතුරුමාරුව සහ වීදි අංක 33 (බටහිර) වීදියේ අතුරුමාරුව දක්වා වන ප්‍රදේශය තුළ ඇති ගරාජ සහ අබලි ද්‍රව්‍ය වෙළෙඳසල් සඳහා මෙම සංශෝධිත නීතිය අදාළ වෙයි. රජය විසින් මෙම ප්‍රදේශය මුළුමනින්ම එවැනි ආයතන සඳහා වෙන්කර ඇත.
සංශෝධිත නීතියට අනුව ගරාජ සහ අබලි ද්‍රව්‍ය සඳහා වෙන්කර ඇති භූමිය තුළඑහි සේවකයන් සඳහා වන නවාතැන්, කාර්යාල සහ ගබඩා ඉදිකිරීමට අවසර ලබාදී ඇති බව අමාත්‍යාංශය පවසයි.
එසේම ගරාජ සහ අබලි ද්‍රව්‍ය වෙළෙඳසල් යොදාගන්නා ගොඩනැගිලිවල ආකෘතිය සහ ඒවායේ උස සම්බන්ධයෙන්ද අමාත්‍යාංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. සංශෝධිත නීතියට අනුව මෙම ආයතනවලට බිම් මහළක් සහ තවත් මහල් දෙකක් ඉදිකළ හැකි අතර ඉහළ මාළය සේවක නවාතැන් සඳහා යොදාගත හැකිය.
එසේම විශේෂ වාහන ගාල්කිරීමේ ප්‍රදේශයක් ලෙසින් පාවිච්චියට ගැනීමට භූගත මහලක් ඉදිකිරීමටද එම ආයතනවලට අවසර ඇත. එම භූගත මහළෙන් සියයට 20ක ප්‍රදේශයක් භාණ්ඩ ගබඩා කිරීමටද පාවිච්චි කළ හැකිය. කෙසේ වෙතත්, ඒ සඳහා අදාළ බලධාරීන්ගෙන් විශේෂ අවසරයක් ලබාගත යුතුය.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
348
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කර්මාන්ත පුරවරයේ ගරාජ තුළ කාර්යාල පවත්වාගෙන යාමට අවසර