තංගල්ල ද නේචර් හෝටලයේදී රතුකුරුස නියෝජිත බ්‍රිතාන්‍යය ජාතික ෂෙයික් කුරාම් ඝාතනය කර ඔහුගේ රුසියා පෙම්වතිය සමූහ දූෂණයට ලක්කොට වරදකරුවන්වී දඬුවම් විඳින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු වැරදිකරුවන්ට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වාවූ සිර දඬුවම් නියම කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ගොනු කළ ඇපෑල ලබන අප්‍රේල් 28 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද(22) තීන්දු කළේය.
තවද මහාධිකරණය තමාට පැනවූ වසර 20 ක සිර දඬුවම ඉවත් කොට තමන් නිදහස් කරන්නැයි ඉල්ලා තංගල්ල හිටපු ප්‍රාදේශීය සභාපති ඇතුළු වැරදිකරුවන් ගොනු කළ ඇපෑලද එදිනට විභාගයට ගැනීමට අධිකරණය තීන්දු කර ඇත.
මෙම ඇපෑල් කුමුදිනී වික්‍රමසිංහ සහ එච්.එන්.ජේ.පෙරේරා යන විනිසුරුවරුන් හමුවේ කැඳවිණි.
2025 දෙසැම්බර් මස 18
436
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුරාම් ෂෙයික් ඝාතන ඇපෑල විභාගයට
වසන්ජය Thursday, 22 October 2015 09:42 PM
සොබා දහමෙන් දඬුවම් ලැබෙනතුරු කොතෙක් බලාගෙන ඉන්නද? මිනීමරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළයුතුය (නි)
ධර්ම ජයවික්‍රම Thursday, 22 October 2015 11:09 AM
අධිකරණය මෙන්ම ස්වභාවධර්මයාද වරදකරුවන්ට නිසි දඩුවම් නියම කරයි.(ම)
නිශාර්ඩ් ප්‍රීනා Friday, 23 October 2015 03:26 AM
ලංකාවේ තියෙන්නේ හරිම පුදුම උසාවි, එක උසාවියකින් වැරදි කාරයෝ වුණ පිරිසක් තව උසාවියකින් නිදොස් කොට නිදහස් කරනවා. ඉතින් කොහොමද අපි ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ගැන විශ්වාසයක් තබන්නේ. (ම)
මොහොමඩ් Friday, 23 October 2015 03:45 AM
නිසි දඬුවම් ලැබෙයි කියා සිතමි. මිලේච්ඡ අපරාධයක් මේ (නි)
රණතුංග Thursday, 22 October 2015 12:49 PM
ඒක නම් හොඳ වැඩක්, කරන්නම ඕන දෙයක්. (ර)
සනත් ගුණවර්ධන ස්විස් Thursday, 22 October 2015 01:11 PM
මොහු කළ දේවල් සියල්ල උසාවියේදී සාක්කි සමග සනාථ වූ නිසා , ඇපෑල දැම්මත් නඩු තීන්දුව එසේම වියයුතු යැයි මම සිතමි. පසුගිය රජය කාලයේ නීතිය සහ ආයුධ අතට ගෙන මැරයන් ලෙස හැසිරුනු සියල්ලටම නීතිය එකසේ ක්‍රියාත්මක වියයුතුය (නි)
සෙනරත් Thursday, 22 October 2015 01:36 PM
වැරදි කළවුන් නීතියෙන් ගැළවුණද තම හෘද සාක්ෂියෙන් නම් කිසිදු ගැළවීමක් නැත (නි)
ප්‍රභාත් කුලතුංග Thursday, 22 October 2015 01:37 PM
ජනාධිපති මෛත්‍රී බලයට ආවේ අපි හැමදෙනාගේම පිනකට. කලින් පැවති කාලය දිගටම පැවතුනා නම් මහලු කතකට වුණත් තනිවම පාරේ යන්න ලැබෙන්නේ නැහැ. (නි)
හර්ෂණී Thursday, 22 October 2015 02:02 PM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
සිල්වා Thursday, 22 October 2015 02:51 PM
අර ඉවෝන් ජොන්සන් ඝාතකය අවුරුදු 10 යේ සිර දඩුවමට ඇපැල් ඉල්ලලා මරණ දඩුවම ලැබුන වගේ මොහුටත් මරණ දඩුවම හෝ ජිවිතාන්තය දක්වා හිරේට නියම වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා , මොහු හිරේ ඉන්න එක ප්‍රදේශයටම ලොකු සහනයක් (බ)
චානක ලොස්ඇන්ජලිස් Thursday, 22 October 2015 04:00 PM
මේ නරුම අපරාධය සැකයෙන් තොරව උසාවියේ ඔප්පු වුනා ..අපි ඉල්ලා සිටිනවා මීට විරුද්ධව කිසිම ඇපැල් නඩු විභාගයක් ඉල්ලා සිටීමට මෙම චුදිතයාට අවකාශ නොමැත යනුවෙන් උසාවි නියෝගයක් නිකුත් කරන්න කියා.. මෙය ලංකාවේ සිදුකල මිලේච්ච අපරාධයක් ...(බ)
රුපවතී Thursday, 22 October 2015 06:14 PM
මම ස්වභාව ධර්මයේ දෙවියන් යැද කියන්නේ ..? මෙවැනි අපරාධකරුවන් වෙනුවෙන් ඇපෑල අවලංගු කිරීමට නීතිග්ඥයන්ට ශක්තිය ලැබේවා..! අනාගතේ මිනීමරුවන්ට මෙවන් ඇපැල් ඉදිරිපත් කෙරීමට නොහැකි වන අයුරින් නීති සැකසේවා (රේ)