තංගල්ල ද නේචර් හෝටලයේදී රතුකුරුස නියෝජිත බ්‍රිතාන්‍යය ජාතික ෂෙයික් කුරාම් ඝාතනය කර ඔහුගේ රුසියා පෙම්වතිය සමූහ දූෂණයට ලක්කොට වරදකරුවන්වී දඬුවම් විඳින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු වැරදිකරුවන්ට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වාවූ සිර දඬුවම් නියම කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ගොනු කළ ඇපෑල ලබන අප්‍රේල් 28 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද(22) තීන්දු කළේය.
තවද මහාධිකරණය තමාට පැනවූ වසර 20 ක සිර දඬුවම ඉවත් කොට තමන් නිදහස් කරන්නැයි ඉල්ලා තංගල්ල හිටපු ප්‍රාදේශීය සභාපති ඇතුළු වැරදිකරුවන් ගොනු කළ ඇපෑලද එදිනට විභාගයට ගැනීමට අධිකරණය තීන්දු කර ඇත.
මෙම ඇපෑල් කුමුදිනී වික්‍රමසිංහ සහ එච්.එන්.ජේ.පෙරේරා යන විනිසුරුවරුන් හමුවේ කැඳවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොබා දහමෙන් දඬුවම් ලැබෙනතුරු කොතෙක් බලාගෙන ඉන්නද? මිනීමරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළයුතුය (නි)
අධිකරණය මෙන්ම ස්වභාවධර්මයාද වරදකරුවන්ට නිසි දඩුවම් නියම කරයි.(ම)
ලංකාවේ තියෙන්නේ හරිම පුදුම උසාවි, එක උසාවියකින් වැරදි කාරයෝ වුණ පිරිසක් තව උසාවියකින් නිදොස් කොට නිදහස් කරනවා. ඉතින් කොහොමද අපි ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ගැන විශ්වාසයක් තබන්නේ. (ම)
නිසි දඬුවම් ලැබෙයි කියා සිතමි. මිලේච්ඡ අපරාධයක් මේ (නි)
ඒක නම් හොඳ වැඩක්, කරන්නම ඕන දෙයක්. (ර)
මොහු කළ දේවල් සියල්ල උසාවියේදී සාක්කි සමග සනාථ වූ නිසා , ඇපෑල දැම්මත් නඩු තීන්දුව එසේම වියයුතු යැයි මම සිතමි. පසුගිය රජය කාලයේ නීතිය සහ ආයුධ අතට ගෙන මැරයන් ලෙස හැසිරුනු සියල්ලටම නීතිය එකසේ ක්‍රියාත්මක වියයුතුය (නි)
වැරදි කළවුන් නීතියෙන් ගැළවුණද තම හෘද සාක්ෂියෙන් නම් කිසිදු ගැළවීමක් නැත (නි)
ජනාධිපති මෛත්‍රී බලයට ආවේ අපි හැමදෙනාගේම පිනකට. කලින් පැවති කාලය දිගටම පැවතුනා නම් මහලු කතකට වුණත් තනිවම පාරේ යන්න ලැබෙන්නේ නැහැ. (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
අර ඉවෝන් ජොන්සන් ඝාතකය අවුරුදු 10 යේ සිර දඩුවමට ඇපැල් ඉල්ලලා මරණ දඩුවම ලැබුන වගේ මොහුටත් මරණ දඩුවම හෝ ජිවිතාන්තය දක්වා හිරේට නියම වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා , මොහු හිරේ ඉන්න එක ප්‍රදේශයටම ලොකු සහනයක් (බ)
මේ නරුම අපරාධය සැකයෙන් තොරව උසාවියේ ඔප්පු වුනා ..අපි ඉල්ලා සිටිනවා මීට විරුද්ධව කිසිම ඇපැල් නඩු විභාගයක් ඉල්ලා සිටීමට මෙම චුදිතයාට අවකාශ නොමැත යනුවෙන් උසාවි නියෝගයක් නිකුත් කරන්න කියා.. මෙය ලංකාවේ සිදුකල මිලේච්ච අපරාධයක් ...(බ)
මම ස්වභාව ධර්මයේ දෙවියන් යැද කියන්නේ ..? මෙවැනි අපරාධකරුවන් වෙනුවෙන් ඇපෑල අවලංගු කිරීමට නීතිග්ඥයන්ට ශක්තිය ලැබේවා..! අනාගතේ මිනීමරුවන්ට මෙවන් ඇපැල් ඉදිරිපත් කෙරීමට නොහැකි වන අයුරින් නීති සැකසේවා (රේ)