තංගල්ල හෝටලයකදී බි‍්‍රතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් මරා දමා ඔහුගේ පෙම්වතිය දූෂණය කළ තංගල්ල ප‍්‍රදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු සිව් දෙනෙකුට නියම කර ඇති වසර 20ක සිර දඬුවමට එරෙහිව නීතිපතිවරයා සහ විත්තිකරුවන් විසින් ගොනු කළ අභියාචාන පෙත්සම් දෙක අභියාචනාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය නොමැති අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන 13 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (6) තීන්දු කළේය.
පෙත්සම් දෙක අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන රෝහිණි වල්ගම සහ විනිසුරු කුමුදුනී වික‍්‍රමසිංහ යන මහත්මීන් හමුවේ සලකා බැලිණි.
කොළඹ මහාධිකරණයේ පැවැති ඔවුන්ට විරුද්ධ නඩුවේ දඬුවම පැනවූයේ එවකට මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම මහත්මියයි.
තංගල්ල ප‍්‍රාදේශීය සබාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ , උඩුවේගෙදර සම්පත් දේශප‍්‍රිය , ප‍්‍රගීත් චතුරංග සහ ළහිරු කැලූම් තම සිර දඬුවම ලිහිල්කර තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා එක් අභියාචන පෙත්සමක්ද , විත්තිකරුවන්ට පැනවූ සිර දඬුවම් මරණ දඬුවම දක්වා වැඩි කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා විසින් අනෙක් අභියාචන පෙත්සම ද ගොනු කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජත්‍යන්තරයට අපි හරි දේ කරන්ව කියල පෙන්නන ඕන, වැරදි මිනිස්සු හිරේ දමල. එහෙම නැතුව නිවරදි කාරය හිරේ දමල නෙමේ (ම)
ඇත්තම තත්වය නොදැන කතා කරන එක වැරදි කියලයි මමනම් හිතන්නෙ, මොකද මේ නඩුවෙ ගොඩක් අපහැදිලි තැන් තියෙනවා. ඒ නිසා අන්තගාමී නොවී ඇත්ත මොකද්ද කියලත් හරියට හොයා බලන්න (ම)
මොවුන්ව මැරිය යුතු නැත ජීවිත කාලයම සිතින් විඳව විදව ඉන්න ජීවිතාන්තය දක්වා සිර දඬුවම දික් කොරන්න. හැබැයි මරණ දඬුවම නියම කළත් වන්නේ ඔය ටිකම තමයි (හේ)
මොවුන්ට මරණ දඬුවම අනිවාර්යයෙන්ම දිය යුතුයි රටේ නීතිය කාටත් එකවගේ කියල පෙන්නුවොත් ඉදිරියටවත් මෙවැනි දේ අඩුවේවි. (බ)
මේ මිනිසුන්ව නිදහස් කරන්න කියන්නේ මොකුන්ද උන්වත් හිරේට දමන්න ඕනේ ..? විදේශිකයෙක් මේ රටට් ආවේ තම අනාගත සහ කාරියත් සමග ..නිවාඩුවක් ගත කරන්නයි .. ?එවැනි මනුස්සයෙක්ව වෙඩි තියල මරල ..ඒ මිනිහගේ ගෑනිවත් දුෂණය කරලා දමන තරමට මේ රටේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් වගකිවයුත්තෙක් එවැන්නක් කළා කියල එක සාක්කිත් සමග ඔප්පුත් වෙලා තියෙන එක ..? මේ මිනීමරුවෝ ජීවිතාන්තේ දක්වාම හිරේට මිස ..නැවත සලකා බැලීම් තියා සිතන්නවත් එපා. (බ)
මරණිය දණ්ඩනය දෙන්න ප්‍රමාද මොකද. කාලය අපතේ යවන්න එපා. (බ)
මොවුන්ට මරණිය දණ්ඩනය දෙන එක තංගල්ල පළාතට කරන සේවයක්. පූටිනුත් සතුටු වේවි. එංගලන්තෙත් සතුටු වේවි. ලංකාව සංචාරකයන්ට ආරක්ෂාකාරී රටක් කියලා සංචාරකයොත් වැඩිපුර ඒවි. මේගොල්ලෝ ගෙදර අවොත් අපිට සිද්ධ වෙන්නේ හැමදාම වද විඳින්න (නි)
අපි කොහොමද දන්නෙ ඇත්තටම මෙයාලමද මේ වැරැද්ද කළේ, වෙන කෙනෙක්ද කියලා (නි)
මේ අයට සමාව දුන්නා නම් ලංකාවේ නීතිය විහිළුවක් බවට පත්වේවි. අනික මෙම අපරාධ වලට මුහුණදීපු අය ලාංකිකයින් නොවේ. ලංකාවේ අහිංසක මිනිසුන්ට නීතිය ක්‍රියාත්මක කරනවා වගේ නොවේ මේක. අභියාචන පෙත්සම නොසළකා හැරීම වඩාත් සුදුසුයි. (නි)
ඔවුන් එල්ලිය යුතුමයි (නි)
චාමර කියන විදිහට මේ සත්ගුණවතා නොකළ වරදකට මේ හිරේට දමලා තිබෙන්නේ. අනේ මේ විකාර දොඩවන්නේ නැතුව ඉන්න. මේ නඩුවේ කිසිම අපැහැදිලි තැනක් නැහැ (නි)
තමා තමාට හරියට ආදරය පුද්ගලයා අනුන්ට ආදරය කරන්න දන්නවා. මේ පුද්ගලයෝ තමාටවත් ආදරයක් නැහැ. එම නිසයි මෙවැනි කුරිරු අපරාදයක් සිද්ධ කළේ. එමනිසා මොවුන් නිදහස් කරන්න කියා අභියාචනාවක් ගොනුකළාම නඩු ගාස්තුවටත් යටත්කොට එය නොකඩවාම නිෂ්ප්‍රභා කරන එක රටේ ඉදිරි අපරාධයන් කරන්නවුන්ට දෙන පණිවුඩයක් (නි)
රූපවතී, කව්රුත් මිනීමරුවන් නිදහස් කරන්න කියන්නේ නැත. එල්ලා මැරුවොත් මේ අය වේදනා විඳින්නේ තප්පර ගණනකටය. ජීවිත කාලයට හිරේ දැම්මොත් ජීවිත කාලයටම විඳවනු ඇත. එල්ල මැරීමට නියම වූ මිනිසුන් තමන්ව එල්ලා මරණ ලෙසට ඉල්ලන්නේ එමනිසාය (නි)
ඔයාලා ඔලුවෙන් හිටගෙනද මට මේවා ලියන්නේ..? එයාලා හිරේ ඉඳලා විඳවන්නේ මොනවාද? හිරේ ඉඳලා තවත් අසරණ දෙමාපියන්ගේ, අපේ දරු පැටවුන්ට කුඩු ටිකක් පැකට් කරලා එවයි. (නි)
එල්ලන්න හොඳ නැහැ. විඳවන්න දෙන්න ඕනෑ තව (නි)
මෙයාලට ඡන්දෙ දීපු අයටත් දඬුවම් දෙන්න ඕනෑ. ඒක තමා හරිම දඬුවම (නි)
තම කාම පිපාසය මැඩගැනීම උදෙසා පෙම්වතිය දුෂණය කර පෙම්වතා ඇය ඉදිරියේ මරාදැමූ මේ අපරාධකරුවන්ට මරණ දඬුවම පනවන්න. (නි)
ඒ දවස්වල ඉතා සුළු දඬුවමක්නේ දුන්නේ. කොහොමද නීතිය ඒ දවස්වල? බලමු යහපාලන ආණ්ඩුව හරි අහිංසකයන්ට සාධාරණය ඉටුකරයිද කියලා. පිටරට මනුස්සෙකුට වුණත් සාධාරණය ඉටුවෙන්න ඕනෑ (නි)
රටේ ප්‍රතිරූපය කෙළෙසූ මෙවැනි අය නැවත සමාජගත කිරීම මේ රටේ අනාගත ළමා හා තරුණ පරපුරට කරන සමච්චලයකි. මෙවැනි නඩු ප්‍රමාද කිරීම ගැන හිටපු පාලකයෝද වගකිව යුතුයි (නි)
අපේ තියෙන අවාසනාවකට බලයට පත්වූවන් පාදඩ දේශපාලනය හරහා අපරාධකාරී උප සංස්කෘතියක් රටට හඳුන්වාදීම තුළින් මුළු රටේම සදාචාරයත් සාරධර්මත් අන්තයට පිරිහුණා. අපේ කරුමය තවමත් ගෙවී අවසාන නැති නිසා, ජනයාගෙන් කොටසක් මේ අපරාධකාරයින්ට නැවත බලයට එන්න පාවඩ එළනවා. (නි)
මහින්ද මහත්තයා පුටුවේ හිටියා නම් නියමෙට විසඳාවි (නි)
සමහරු මොකද මේ අයව බේරගන්න හදන්නේ? (නි)
මේ අය නිදහස් කළොත් ලංකාවේ නීතිය ඉවරයි (බ)
මම ජනාධිපති වුණා නම් ඒදවස්වලම එල්ලලා දානවා ඔක්කොමලා. අභියාචනා දෙන්නවත් ඉඩ දෙන්නේ නෑ (බ)
අප තවමත් යුක්තිය ඉටු කිරීමට වග වන ජාතියක් වන බව ජාත්‍යන්තරයට ඒත්තු ගන්වන්න මෙය කදිම මග පෙන්වන්නක් කර ගත යුතුය.(ම)
මුන්ව එල්ලන්න ඕනේ ඒක තමා හරිම දඬුවම (බ)
ඔවැනි ස්ත්‍රී දුෂක මිනීමරුවන්ට මරණ දඬුවම නියම කරන මෙන් අපි ගෞරවනීය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිමු. (බ)
උසාවිය දීපු නඩු තීන්දුව ගැන අපට නම් ප්‍රශ්නයක් නැහැ. වසර 20 කියන්නේ සාමාන්‍යයෙන් වසර 12-13 එළියට එන්න පුළුවන්. දැන් වසර 2 විතර දඬුවමින් ගෙවිලා තිබෙන්නේ. ඒ කියන්නේ 2026 විතර මෙයා එළියේ. පුලුවන්නම් දීපු දඬුවම දෙගුණ කරන්න (නි)