IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කැරම් ශූරතාවලි දෙකකට ශී‍්‍ර ලංකා පිල යයි

ඉන්දියාවේ කොල්කටා නුවරදී පැවැත්වෙන 17 වැනි දකුණු ආසියානු කැරම් ශූරතාවලියට සහ පස්වැනි ආසියානු කැරම් ශූරතාවලියට සහභාගි වීම සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (සිකුරාදා) පිටත්ව ගියේය. මෙම කණ්ඩායම සාමාජිකයන් 9 දෙනෙකුගෙන් යුතු වන අතර ඊට කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ හය දෙනෙක් සහ නිලධාරීහු තිදෙනෙක් ඇතුළත්ව සිටිති.

ශී‍්‍ර ලංකා කණ්ඩායමට දකුණු ආසියානු ශූරතාවලියට සූදානම් වීම සඳහා ඇත්තේ ඉතා සීමිත කාලයක් පමණි. දකුණු ආසියානු තරගාවලිය මැයි 7 වැනිදා අවසන් වීමට නියමිතය. දෙදිනක විවේකයකින් පසුව මැයි 09 වැනිදා සිට 11 වැනිදා දක්වා 5 වැනි ආසියානු කැරම් ශූරතාවලිය පැවැත්වේ.

ශී‍්‍ර ලංකාවේ ජාතික කැරම් ශූරයා වන චමිල් කුරේ මෙන්ම ලෝක ශූර නිශාන්ත ප‍්‍රනාන්දු හා බි‍්‍රන්ඞ්ලි වික‍්‍රමසිංහ තිදෙනා ශී‍්‍ර ලංකා පිරිමි කණ්ඩායමට ඇතුළත් වෙති.

කාන්තා කණ්ඩායම් මෙහෙයවනු ලබන්නේ වත්මන් ජාතික ශූරී චලනි ලක්මාලි විසිනි. ඇයගේ කණ්ඩායමට පළපුරුදු කී‍්‍රඩිකාවන් වන යශිකා රාහුබද්ද සහ ජෝශප් රොෂිටා ඇතුළත් වෙති.

ලැංග්ලි මතායස් මහතා ජාතික පුහුණුකරු වශයෙන් මෙම සංචාරයට එක්වන අතර රෝහිණී මතායාස් මහත්මිය කී‍්‍රඩිකාවන් බාර නිලධාරිනිය ලෙස කටයුතු කරයි.

 



අදහස් (0)

කැරම් ශූරතාවලි දෙකකට ශී‍්‍ර ලංකා පිල යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 3 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site