IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


කරාමා වෙතින් ජල සංරක්ෂණ ව්‍යාපෘතියක්

Kahramaa

 

පසුගිය වසර 11 තුළදී කටාර් හි ජල ඉල්ලුම වාර්ෂිකව සියයට 10.6 කින් ඉහළ ගොස් 2025 වසරේදී එය කියුබික් මීටර් මිලියන 902 ක් වෙතැයි ඇස්තුමේන්තු කිරීමත් සමග රට තුළ ජල සුරක්ෂිතභාවයක් ළඟා කරගැනීම සඳහා කටාර් පොදු විදුලිබල සහ ජල සංස්ථාව (කරාමා) විසින්දැවැන්ත ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කර ඇති බව එහි සභාපති ඉංජිනේරු එසා බින් හිලාල් අල් කුවාරි පවසයි.


2005 වසරේදී කියුබික් මීටර් මිලියන 195 ක්  වූ කටාර් හි ජල පරිභෝජනය 2015 වසරේදී කියුබික් මීටර් මිලියන 535 ක් දක්වා වර්ධනයවී ඇත. 


“කටාර් රාජ්‍යය තුළ පුනර්ජනනීය ජල සම්පත් හිඟයක් තියෙනවා කියන එක ප්‍රසිද්ධ කාරණයක්. ස්වභාවික කාලගුණික තත්ත්වය, ජනගහණ වර්ධනය සහ කෘෂිකාර්මික සහ කර්මාන්ත සංවර්ධනයේ අපේක්ෂිත මට්ටම යන හේතූන් නිසා පසුගිය දශකය තුළදී ජල සම්පත සඳහා වන පීඩනය සැළකිය යුතු ලෙසින් වර්ධනය වෙලා තියෙනවා” පසුගියදා කටාර් විශ්වවිද්‍යාලයේදී පැවැති ජල සංරක්ෂණ සංසදය අමතමින් අල් කුවාරි මේ බව පැවැසීය.


“කරුණු මේ විදිහටම සිද්ධ වුණොත් ජල කළමනාකරණ ක්‍රමවේදයන් කිසිදු වෙනසක් නොමැතිව ඉදිරියටත් ක්‍රියාත්මක වේවි. අපේ ආර්ථික වර්ධනය, මිනිසුන්ගේ යහපත සහ ජාතික ආරක්ෂාව යන කරුණු සම්බන්ධයෙන් අපි දැඩි සහ ආකෘතිමය තර්ජනයකට මුහුණපා තියෙනවා” යැයි ඔහු වැඩි දුරටත් පැවැසීය. 


ඉහත බලපෑම් අවම කොට වර්තමාන සහ අනාගත පරම්පරාවට වඩාත් හොඳ ජීවන තත්ත්වයක් ලබාදීමට හැකිවන පරිද්දෙන් කාර්යක්ෂමව ජල සම්පත පරිහරණය කිරීම වර්ධනය කිරීම සඳහා ඉදිරියේදී කරාමා ආයතනය කටයුතු කරන බවද ඔහු පැවැසීය.


“කටාර් හි ජල සංරක්ෂණ ක්‍රමවේදය කියන එකේ තේරුම තමයි හැම පුද්ගලයකුටම පිරිසිදු, නීරෝගී සහ ඵලදායි ජීවිතයක් ලබාදීම සඳහා ප්‍රමාණවත් සහ ආරක්ෂාකාරී ජල සැපයුමක් සිදුකරනවා කියන එක” යැයි අල් කුවාරි පවසයි.



අදහස් (0)

කරාමා වෙතින් ජල සංරක්ෂණ ව්‍යාපෘතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site