වලස්මුල්ලේ කිරම ජනතාව වෙනුවෙන් අංග සම්පූර්ණ වෛද්‍ය සායනයක් පැවැත්වීමට එම ප්‍රදේශයේ වෛද්‍ය සහෝදරයෝ සිව් දෙනෙක් සැරැසෙති.
වෛද්‍යවරුන් සිව්දෙනාද සමග පවුලේ සහෝදර සහෝදරියෝ දස දෙනෙක් සිටිති. ඒ සියලු දෙනාම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවෝ වෙති.
ඔවුන් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ කිරම කෝන්කරහේන රජයේ විද්‍යාලයයේදී ලබන 29 වැනිදා එම සායනය පැවැත්වීමට නියමිතය.
ඇස් කණ්නාඩි බෙදා දීම, සර්වාංග රෝග සායනය, දන්ත වෛද්‍ය සායනය, ඇදුම රෝග සායනය, ඊසීජී පරීක්ෂණ හා රුධිරයේ සීනි පරීක්ෂාව ආදිය ද එම සායනයේ දී සිදු කැරෙයි.
වෛද්‍ය සායනය අවසානයේ කෝන්කරහේන රජයේ විද්‍යාලයයේ දරුවන්ට අධ්‍යාපන උපකරණ බෙදා දීමට ද නියමිතය.
කරාපිටිය හදිසි ප්‍රතිකාර වෛද්‍ය නිලධාරී රංජිත් ධර්මකීර්ති, දන්ත ශල්‍ය වෛද්‍ය නිමල් ධර්මකීර්ති, වලස්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ වෛද්‍ය නිශාන්ත සිසිරකුමාර, බුත්තල දිසා රෝහලේ වෛද්‍ය පත්මා කුමාරි, පශූ වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති, මහනුවර කාර්මික කාර්මික විද්‍යාලයයේ ඉංජිනේරු සරත් ධර්මකීර්ති, මැදමුලන කෘෂිකර්ම උපදේශක ඉෂාන්ත සිසිර කුමාර, වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ ඩබ්ලිව් පී ඉන්ද්‍රාණි, රුහුණ විශ්ව විද්‍යාලයයේ විද්‍යා පීඨයේ චාමර පුෂ්පකුමාර සහ වෛද්‍ය පීඨයේ අවසන් වසර ශිෂ්‍ය ලක්මිණි චින්තා එම සහෝදර සහෝදරියෝය.
ඔවුන්ගේ පියා ඩබ්ලිව් පී පියසේන මහතා වර්ෂ පූර්ණ පිංකම වෙනුවෙන් මේ වෛද්‍ය සායනය පැවැත්වෙන බව වෛද්‍ය රංජිත් ධර්මකීර්ති මහතා පැවසීය. තම මෑනියන් වන විජයමුණිගේ සන්දිමා මහත්මියගේ ආශිර්වාදය ද තමනට ලැබෙන බව ඒ මහතා කීවේය.
‘අපේ පවුලේ සහෝදර සහෝදරියෝ දහයයි. අපි ඔක්කොම පොඩි කාලේ පාසල් ගියේ කිරම කෝන්කරහේන විද්‍යාලයයට. ඉන් පසු මම වළස්මුල්ල මහා විද්‍යාලයයෙන් 1987 දී උසස් පෙළට පෙනී සිටියා. මාතර මහාමන්තින්ද පිරිවෙන, කටුවන ජාතික පාසල සහ වලස්මුල්ල මහා විද්‍යාලයයෙන් අනෙක් අය උසස් පෙළ කළා. අපේ පවුලේ දහ දෙනාම විශ්ව විද්‍යාලයයට ගියා. එක් සහෝදරයෙන් වෛද්‍ය පීඨයේ අවසන් වසර ඉගෙනුම ලබනවා.
අපේ තාත්තා පෙදරේරුවෙක්. ජ්‍යොතිෂය ගැනත් දැන සිටියා. අම්මා රැකියාවක් කළේ නෑ. තාත්තා මේසන් වැඩ කරද්දී අපි ඒ වැඩත් ඉගෙන ගත්තා. ගෙදර පොඩි පොඩි වැඩ මම කරනවා. අසූ හතේ උසස් පෙළට වාඩිවී මා කොළඹ ආවා. කොළඹ ඇවිත් මේසන් වැඩත් කළා. පොඩි පොඩි රස්සාත් කළා. අපේ තාත්තා ගිය වසරේ සැප්තැම්බර 30 වැනිදා නැති වුණා. අවුරුද්දක් සම්පූර්ණ වෙන පිංකම තමයි මේ කරන්නේ. ‘
පොල්කටුවලින් විසිතුරු භාණ්ඩ නිපදවීමේ හැකියාවක් ඇති වෛද්‍ය රංජිත් ධර්මකීර්තිගේ නිර්මාණයක් වන පොල්කටු පනක් කරාපිටිය වෛද්‍ය පීඨයේ තබා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් දකුණේ වලස්මුල්ලේ කෙනෙක් විදියට හරිම ආඩම්බරයි ඔබ සැමට සම්බුදුසරනයි සුබ අනාගතයක් (දී)
මෙම සොයුරු සොයුරියන් ගැන මා ඉතාමත් හොඳින් දන්නවා. ඒ අය අගය කළ යුත්තේ ඔවුන් අතර ඇති සහෝදර බැඳියාවටයි. ඊට හේතුව ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් දහදෙනෙකු සිටීමයි. දූ දරුවන් දහයක් දොලහක් ඉන්නා පවුල්වල සහෝදර සහෝදරියන් තුල එකිනෙකා අතර ඇති බැඳීම ඉතාමත් ප්‍රභලයි. මන්ද දෙමාපියන් ජීවන අරගලයේ යෙදෙද්දී තම සොයුරු සොයුරියන් බලා ගන්නේ ඔවුන් ආක්ෂා කරන්නේ ඔවුන් නලවන්නේ නිදි කරන්නේ ඇප උපස්ථාන කරන්නේ සහෝදර සහෝදරියන්ම වන බැවිනි. ඒ නිසා ඔවුන් අතර ඇති බැඳියාව පරිත්‍යාගශීලිත්වය ඉතාමත් ඉහළයි. මේ සහෝදර සහෝදරියන් අතර ඇත්තේත් එබඳු බැඳියාවක්. (නි)
අනේ අපේ රටේ අද පරපුර දෙස බැලුවම ..ලොකු පරතරයක් ඇති මේ ආදර්ශවත් දරුවෝ ගැන මට පුදුම ආඩම්බරයක් ..හදවත් වැළපුනා මෙය කියවීමෙන් පසු, ඒ ආදරණීය තාත්ත මෙතන නැති අඩුවට ...? (දී)
සරත් අපේ බැච් එකේම සහෝදරයෙකි. අපිටත් ආඩම්බරයි (නි)
සරත්,ඔබ අපට ආඩම්බරයකි (නි)
මේ දරුවන්ට බුදු සරණයි (දී)
රටටත් ලෝකෙටත් ආදර්ශයක් වගේම ආඩම්බරයක් (දී)
මාසයේ හොඳම ප්‍රව්ර්තිය මගේ උණුසුම් සුබ පැතුම් ඔබ දස දෙනාටම සහ පින්වත් මෑණියන්ට අරෝග්‍යා පරමා ලාභා තව තවත් ඔබලාට මෙවැනි දේ කිරීමට නිරෝගී සුව ලැබේවා (දී)
ලෝකේ කොහෙවත්ම මෙවන් සිද්දියක් වෙලා නැතුව ඇති (දී)
අනේ වාසනාවන්
මේ දරුවෝ හදපු දෙමවුපියන්ට ගොඩක් පින් (දී)
පුදුම සතුටක් පුදුම ආඩම්බරයක් අපේ රටේ පින් බර උගත් දරුවන් මෙය ලොවට බිහිකළ දෙමුපියන්ට ප්‍රථමයෙන් ප්‍රණාමය අපට මෙය ගෙනත් දුන් ආඩම්බරය දැන් ඉගන ගන්න දරුවන්ට මෙය දැකල සක්තිමත් වෙන්නත් එය දරුවන්ට මගෙයි ජය සතුට අම්ම කෙනෙක් වීදියට පුදනවා (අ)
මෙහෙම පවුල් රටට වාසනාවක්. බහුතරයක් කුහක ඊරිසියාකාර මිනිසුන්ගෙන් පිරුන සමාජයක් තියෙන අපේ රටේ මෙහෙම දස දෙනකුට රටට වැඩක් කරන්න පුළුවන් තනතුරු දැරීමට ලැබීම වාසනාවක්. (දී)
ඔය වගේ පවුලක් ගැන අහපුවම සතුටක් අතිඋනා !ඒවගේම දුක්මහන්සියෙන් ඉගෙන ගෙන මෙවන් කටයුත්තක් කිරීම ගැන හරිම සතුටක් ඔබලාට දෙවිපිහිටය් (දී)
මෙවන් දරුවන් ලද උතුම් දෙමාපියෝ මේ මව්බිමට වාසනාවන්.(අ)
ඔබගේ සත් ක්‍රියාවට අපේ සුභ පැතුම්! ඔබගේ පියාට නිවන් සුව! ඔබ සියලු දෙනාට නිදුක් නීරෝගී සුව! ඔබගේ මේ ක්‍රියාව සියල්ලන්ට ආදරශයක් වේවා! (නි)
මෙම දරුවන් හදා වඩා ලොකු මහත් කල දෙමව්පිය දෙපලට මගේ ප්‍රණාමය! මේ කල පිනම ඇති ඔබ දෙපලට නිවන් යන්න. (ස)
මම මෙය දැක ඉතාමත් සතුටු උනා. සරත් මගේ යාළුවා. මෙවැනි උතුම් දරුවන් අපේ රටට තවත් ලැබේවා.(නදී)
අපිට ලොකු ආඩම්බරයක් මේ වගේ වැඩවලට... (ස)
අනේ වාසනාවන්. හම්බන්තොටින් පහල වෙලා හම්බන්තොටටම සේවය කරන එක ලොකුම දෙයක්. ඔය වගේම පවුලක් ඇඹිලිපිටියෙත් ඉන්නවා. පින් කරපු දෙමවුපියන්ට ලැබෙන පින්බර දූ පුතුන්. ඔබ සැමට යහපතක්ම වේවා. (ස)
හරිම සතුටූ යි මේවගේ පවුලක් හරිම වාසනාවන්තෛ. ඉඩ කඩම් වලට ඇනකොට ගන්න මේ කාලේ. අනුන්ට සේවය කරන්න හිතපු එකම ලොකු දෙයක්. මගේ උණුසුම් ආශිර්වාදය. (අ)
ඔබ සැමට තුනුරුවන් සරණයි. විශ්ව විද්‍යාලයේදී කැටවලට සල්ලි එකතු කරලා සමාජ සාධාරණයට සටන් වැදිලා අවසානයේ දොස්තරලා වෙන ගොඩක් මහත්තුරුන් නොමිලේ සේවයක් කරනවා කියන එක නම් ලංකාවේ දුර්ලභ දෙයක්.සමාජ සාධාරණය යුනිවෙර්සිට්යේ ඉන්නකම් පමණයි.ඔබාල මෙවන් සත්කාරයක් කිරීම සමාජ සාධාරණයට සටන් කල මහත්වරුන්ට ආදර්ශයක්. (ස)
ඔබපවුල ගැන අපට හරි ආඩම්බරයි ඔබ සැමට ගොඩක් පින් ! (දී)
පින්වත් දරුවන් කියන්නේ මෙවෙනි උත්තමයන්ට මෙවෙනි දරුවන් රටට දායාද කල දෙමව්පියන් පෙර පින් කල යයි. අද ඇමතිකම් කරන අය කරන දේවල් බලනකොට මෙම පින්වත් දරුවන්ට මිල නොමකලහැකි තෑගි දෙන්න වටිනවා අනිත් අතින් අද වෛද්‍ය වුර්තියේ පමණක් නොව අනිත් වුර්තින් වල ඉන්න අයත් කරන්නේ සල්ලි ඉපයීම මිස මනුෂ්‍යත්වයෙන් මිනිසුන් ගැන බැලීම නොවී. ඔබ සැමට බුදු සරණයි
හරිම සතුටක් දෙනෙනවා වචනයෙන් විස්තර කරන්න අපහසුයි එක ඔබසේමට සුබ අනාගතයක් පතනවා. (අ)
මෙවන් දරුවන් ලද මුපියෝ වාසනාවන්. මෙවන් බිරිදන් ලද සැමියන් වාසනාවන්. මෙවන් සැමියන් ලද බිරිදන් වාසනාවන්. මෙවන් මුපියෝ ලද දරුවන් වාසනාවන් (අ)
දහ දෙනාගේ ෆොටෝ එකක් බලන්න කැමති. පුදුම සතුටක් ඇති වුනේ. එකමුතුව යහපත් වැඩ කරන්නට ශක්තිය දහිරිය ලැබේවා !! තුනුරුවන්ගේ සරණින්. (ස)
වාසනාවන්ත දෙමාපියන්.රටට ඉපදුන ගමට ආඩමබරයක්.ඒ මෑණියන්ට තෙරුවන්ගේ සරණයි !! (ස)
මුලු රටටම ඉතා යහපත් ආදර්ශයක්. ඔබ සැමට යහපතක්ම වේවා! (දී)
දයාබර රංජි, නුඹ ගැන හරිම ආඩම්බරයි. මේ ප්‍රවෘත්තිය මට කියවා ගන්න බැරුවයි සිටියෙ හරියට. අපි වෛද්‍ය විද්‍යාලයෙ කාලෙ මමත් උඹලගෙ නිවහනට ගොඩවැදුණා අද වගේ මතකයි. ඒ ආදරණීය අම්මා අපට බඩපුරා කන්න දුන්නා දවාලට. අගහිඟකම් තිබුණට නුඹලා හැමෝම ගුණවත්කමින් පොහොසත්. මේ ළඟදි අපි ඇඹිලිපිටියෙදි මුණගැහුණ වෙලාවෙදි නැවතත් මට ඒ සුන්දර ගැමියා දකින්නට ලැබුණා. මුළු රටටම නුඹලගේ පවුල ආදර්ශයක්. තව තවත් දියුණුවෙන් දියුණට පත්වේවායි ඉත සිතින් පතමි, (නි)
මුලු රටටම ඉතා යහපත් ආදර්ශයක්. ඔබ සැමට යහපතක්ම වේවා! (දී)
අපට හරිම ආඩම්බරයි...මගේ අම්මත් ඔබලා ගැන ඉතාම ආඩම්බර වෙනවා ගුරුවරියක් වශයෙන්..ඔබ සැමට ජයෙන් ජය.. ..(අ)
මේක නම් ලෝක වාර්තාවක්. ගිනස් පොතට දාන්නත් බැරිද? (නි)
මෙවන් උදාර මිනුසුන් රටට දයාද කල මවුතුමියට තුනුරුවන් සරණයි (දී)
ඔබ දහදෙනා බිහිකළ දෙමවුපියන්ට හට තෙරුවන් සරණයි ! ඔබ සැමට තුනුරුවන් සරණයි ! (ස)
ආඩම්බරයි ඔබලා ගැන නිහතමානිව සත්‍ය ප්‍රකාශ කරලා අනිත් අයටත් ආදර්ශයක් වෙන එකට....ඔබලාට මේ සේවයේ රටට යහපත් දේවල් කිරිමට ශක්තිය දහිරිය ලැබේවා. (ස)
මමත් මාතර. මටත් ආඩම්බරයි. (ස)
පින්වත් දරුවනේ ඔබ තුමන්ලවත් ලෙඩ්ඩු මැරෙනකන් වැඩවර්ජන කරන්න එපා , සියලුදෙනාටම තෙරුවන් සුව (දී)
නියමයි !!! ගොඩක් සන්තෝසයි . (දී)
මෙන්න මේ සහෝදර සමාගම රටේ බලය ගත්තොත් නම් රටට හොඳ කලක් යාවි. (ස)
ආඩම්බරයි (දී)
මේ වගේ පවුලක් ගැන පුදුමත් හිතෙනවා.ගොඩක්ම සන්තොසයි ඔබලා අපේ රටට ගොඩක් වැඩ දායකයි. බුදුසරණයි සියලු දෙනාට. (ස)
හොඳ ලස්සන පවුලක් .සුබ පැතුම් සිව්ට්සලර් ලන්තයේ සිට .
අපගේ පවුල පිළිබඳව ලංකාදීප පුවත්පතේ පලවූ වාර්තාතවට පලකරන ලද අදහස් දුටුවිට මට අප පවුල ගැන ඇතිවූයේ නිහතමානී ආඩම්බරයක්. එවන් පවුලක ජන්මලාභය ලැබීමට තරම් මා පින්කර තිබීම ගැන මා ඉතාමත් සතුටු වෙමි. අදහස් පලකළ ඔබ සැමට ස්තුතියි. 29 වන දින කෝන්කරහේන අසල්වාසී සැම පැමිණ අපගේ කාර්ය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි. එමෙන්ම මීට වසරකට පමණ පෙර අප හැර ගිය අපගේ පියතුමන් සිහිපත් කර කෙරෙන මෙම කටයුතුතෙන් එතුමන්ට මතු බුදු පදවියම අත්වේවායි පතමි. (ස)
මව ඇතුළු ඔබ සැමට ධිර්ඝයුෂ ලැබේවා (දී)
මටත් තව සහෝදර සහෝදරියෝ 7 දෙනෙක් හිටියනම් 10 වෙනවා, මෙහෙම දුල පුතාල ගැන අහන්න ලැබීමත් ආඩම්බරයි. (අ)
මෙයාලා තමන්ගේ ගම දාලා ගියෙත් නෑ, රට දාල ගියෙත් නෑ. මෙන්න මිනිස්සු. (ස)
වාසනාවන්ත නිහතමානී පවුලක් ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව පතමි (දී)
මට හරිම සතුටු හිතෙනවා මොකද මම දන්නවා සරත් දර්මකිර්ති හරිම නිහතමානී දන්නේ හැමදෙයක්ම කියලදෙනවා (දී)
හොද වැඩක්, සුභ පැතුම්. (නි)
විශිෂ්ට දරුවන් පිරිසක් (නි)
අනේ ඒ පවුලේ තාත්තේ අම්මේ, හැකියාවක් තියෙනවා නම් තව දෙතුන් දෙනෙක් වත් හදන්න. මේක ගෞරවයට දැමු වදනක්. වැරදියට තේරුම් ගන්න එපා. (දී)
මේ වාසනාවන්ත දරුවන් ඉන්න රටක ඉපදීමත් වාසනාවක්. උත්සාහවන්තයා ජයගනී කියමනට සජීවී පිළිතුරු මෙන්න, ඔබ සැමට ජයම වේවා. (දී)
මුළු රටටේම ආදර්ශයක් මුලුහදවටෙන්ම ආසේර්වද කරනවා (දී)
මෙම විස්තර ලංකාවේ ප්‍රථම වතාවට ඉදිරිපත් කල ලංකාදීප පුවත්පතට මගේ ප්‍රණාමය මුලින්ම පුද කරනවා.සියලු දෙනාටම යහපත් සුවයෙන් පිරුණු හෙට දිනක් පතනවා (නි)
අපිටත් හරි සංතොෂයි දරුවනේ. බලන්ඩකෝ දකුණෙ මී කිරි වල පවර් එක .(අ)
වසනවන්ත කුටුම්බයක් මෙවැනි දරුවන් බිහිකළ මෑණියනි ඔබට දීර්ගය්ෂ ඔබලා අපේ රටට සම්පතකි මගේ උනනුසුම් සුබපැතුම් (දී)
මෑතකදී දුටු හොදම ප්‍රවෘත්තියක්.යහපත් දෙමව්පියන්ගේ දරුවෝ සමාජයට කරන මෙම සේවාව ඉතා ඉහළින් අගයමි.මොවුන් දුක දිනා ජයගත් හපනුන්.රටට බරක් නොවුන දරුවන්.උපහාර උත්සව පැවැත්විය යුත්තේ මෙවැනි උත්තම දරුවන්ටයි.මොවුන් ආදර්ශයට ගතයුතුය. (නි)
ඔබ දහදෙන බිහිකළ දෙමවුපියන්ට හට තෙරුවන් සරණයි (දී)
පුදුම නිහතමානි පවුලක් වගේ පෙනෙන්නේ .. ඒ වගේම දැන් කොච්චර හරි ගියත් , තම කටුක අතීතයට ඉතාම ආදරය කරන පවුලක් වගේ ..මම හීනෙකින්වත් හිතුවේ නැ මේ කට්ටිය මෙච්චර දුරට තමන්ගේ දුක්බර අතීතය කියයි කියලා ..මම එහෙම හිතුවේ දැන් ඉන්න ගොඩක් අය හරි ගියාම තමන්ගේ දුප්පත් අම්මව , තාත්තව ලොකු ලොකු යාලුවන්ට පෙන්නන්නත් කැමති නැති අය ...මම වගේ තවත් අය ඉන්නවා කියලා දැනෙද්දී හරිම සතුටුයි ... (ස)
දැනුමෙන් මනුස්සකමෙන් පිරිපුන් ඔබ සැම ගැනම අපි ආඩම්බර වෙනවා. උදාර පියතුමන්ගේ පින්කමට ගතින් සහභාගී විය නොහැකි වුනත් හද බැතියෙන් සිහිපත් කරනවා. එතුමා ජීවත් වූ ආකාරය නිසා ඔහුගේ මතකය සදා අමරණීය වේ. අපේම අම්මා වගේ අපිට සැළකු මෑණියන්ටත් දීර්ගායුෂ ලැබේවා! (නි)
මහජන නියෝජිතයන් හැටියට පත් විය යුත්තෙ ඔබලා වැනි පින්වත් යුක්ති ගරුක නිහතමානි දරුවන්ය. මගෙ ප්‍රණාමය. (ස)
දිරිය අම්මාට තාත්තට, දෑතේ ඇගිලි වැනි දස මහා අයියලා අක්කලා නංගිලා මල්ලිලා කාටත් මගෙන් අත්පුඩියක්....ආදර්ශමත්ව තව දිගු කලක් නිදුකින් දැහැමින් දිනන්නට සියලු සුබ පැතුමන් අපේ හදින්ම. ඔබේ පියතුමන්ට පින් පමුණුවන දා අපිත් සාදුකාරයක් දෙමු. (නි)
ගොඩාක් සතුටු පුවතක්. ඔබ හැමගේ දරුවන්ටත් එසේම දක්ෂතා දැක්වීමට හැකියාව ලැබේවා (දී)
සරත්, නුඹලා රටටම ආඩම්බරයක් (නි)
රතුපස්වල බන්දුල පෙරේරා මේවට කතා නැහැ (නි)
අපිට ඔබ ආඩම්භාරයක් (දී)