කිරිබත්ගොඩ ගාල හංදිය අසළ පුරං වූ කුඹුරු යායක හටගත් ගින්නෙන් ඇති වූ දුමාරයෙන් කිරිබත්ගොඩ නගරය වැසී ඇතැයි නගර වැසියෝ කියති.
ගිනි නිවන රථ දෙකක් පැමිණි නමුත් වෙල් යායට එම රථ ඇතුළු කර ගින්න නිවීම ප්‍රශ්නයක් වී ඇත.
අක්කර 25ක පමණ කුඹුරු යායේ වටේ සිටින ගෙවල්වල ජනයා ගින්න පැතිරවීම වැළැක්වීම සඳහා උණ පඳුරු හා ළඳු කැලෑ කපා ඉවත් කරති.
මෙතෙක් කිසිවකුටත් හානියක් සිදුවී නැත.
ගිනි නිවන නිලධරයකු පැවසුවේ ගින්න තවත් ගෙවල් දෙසට ඒමට ඉඩ නොදී වතුර ගැසීමට සූදානමින් සිටින බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැව් ගින්නද? බඩගින්න ද? (ත)
සියල්ල ගිනි ගත්තට පස්සේ නිවලා වැඩක් නැහැ. ඒ වගේ වැඩ නේ අපේ ගිනි නිවන හමුදාව කරන්නේ.(නදී)
මේ දවස්වල "ගින්න" ට තැනක් තියෙනවා (දිල්)