(රංජන් කස්තුරි)

විද්‍යාත්මක සහ තාර්තික පදනමකින් තොරව පොහොර සහ රසායනික ද්‍රව්‍ය තහනම් කිරීම නිසා ශ්‍රී ලංකාවේ ඉකුත්කාලයේ බෝග නිෂ්පාදනය සියයට 54කින් පමණ අඩු වී නිෂ්පාදන වියදම සියයට 67කින් පමණ ඉහළ ගොස් ඇතැයි ක්‍රොප්ලයිෆ් ශ්‍රී ලංකා සංවිධානය සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වී ඇත.

රටේ පැවැති ආර්ථික අර්බුදය හමුවේ රජය විසින් වල් නාශක, කෘමි නාෂක දිලීර නාශක හා පොහොර වැනි කෘෂි කේෂ්ත්‍රයේ මූලික යෙදවුම් ආනයනය කිරීම අත්හිටුවීමට එවකට පැවැති රජය ගත් තීන්දුව හේතුවෙන් කෘෂි අංශයේ සෑම ස්ථරයකම විකුණුම් මිල සියයට 45කින් පමණ ඉහළ ගොස් ඇත.