ඉතාලියේ මිලානෝ නගරයේ ෆරීනි මාවතේ ශ්‍රී ලාංකිකයකු (43) සතු වෙළඳසලක් වැටලු ප්‍රාදේශීය පොලීසිය සහ සෞඛ්‍ය බලධාරයෝ එහි කැරපොත්තන් විශාල ප්‍රමාණයක් සිටීම නිසාත් අපිරිසිදුකම නිසාත් කිලෝ පනහක පමණ ආහාර ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන විනාශකර දැමීය.කඩ හිමියාට යුරෝ දහසක(රු.175000) දඩයක්ද නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ අහාර කඩ හා හෝටල් පරික්ෂා කරන විදියට මේ වගේ තැනකට දෙන දඩය තවත් වැඩිකරන්න ඕනේ. මම නම් කියන්නේ මේ දඩය දහස් ගුනයකින්වත් වැඩි වෙන්න ඕනා. මොකද මින්ස්සු සල්ලි ගෙවන්නේ කෑම කන්න මිසක් කැරපොත්තෝ කන්න නෙමෙයිනේ.(නදී)
මේ දඩය ඇත්තටම මදි.ඒ ආපන ශාලාවේ බලපත්‍රයත් තහනම් කළා නම් හොඳයි. අපිරිසිදු ආහාර විකිණීමත්,ඒ ආහාර මිළදී ගැනීමත් පිළිබඳව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මීට වඩා සැළකිළිමත් විය යුතුයි. (නි)
මමත් හිතන්නේ ලංකාවේ කැරපොත්තෝ වෙන්න ඇති (නි)
දැන්වත් ඉතින් හරියට පවත්වාගෙන යයිනේ... (නි)
ලංකාවේ තියෙන රෙස්ටුරන්ට් වල කුස්සියට ගියා නම් බල්ලෝ වත් කෑම කන්නේ නෑ .......(ස)
ඉතාලියේ ලංකා වෙළඳ සැල්වල මේවා සුලබ දේවල්. පිරිසුදු කම දන්නා අය නොවේ කරන්නේ. කඩ කියා මඩ වෙළද සැල් කරන්නේ (නදී)
කොහේ ගියත් නම රකිනවා ලාංකිකයෝ.(නදී)
කොහේ හිටියත් නම රකින අපේ ලාංකිකයෝ නේද? (නදී)
ලංකාවේ නම් ඉතින් කඩවල්වල කැරපොත්තෝ හූනෝ මීයෝ හිටියේ නැත්නම් ඒවා කඩ නෙවෙයිනේ නේද? (නදී)
ආරේ ගුණ නෑරේ (නදී)
" චා චා සිරි ලංකික වෙළෙන්දකුගෙන් පිරිසිදුකම බලාපොරොත්තු වෙන්නේ කවුද ? (නදී)
දැයට කුණු කවල පුරුදු අය තමයි ඔය පිට රට ගිහිල්ලත් ඒ වැඩේම කරන්නේ. අපේ අය ලංකාවේ කුනුවුන මොඩල් එක ඒ ලෙසින්ම පිටරට අරගෙන ගිහිල්ලා. (නදී)
ශ්‍රී ලාංකික කැරපොත්තොද? (නි)
නොවිය යුත්තක් සිදුවී තිබීම කනගාටුදායකයි. (නදී)
දඩය මදි. ලංකාවත් මීට වැඩිය අහාර කඩ සහ හෝටල් පරික්ෂාවට ලක් කොට විශාල දඩ නියම කළ යුතුයි. මෙයින් රජයට විශාල ආදායමක් මෙන්ම මිනිසුන්ට සෙතක් සැලසේ.(නදී)
ගෙදරක උනත් කෑම තියෙන තැනකට තමා කැරපොත්තන් වැඩියෙන් එකතුවෙන්නේ. හෝටලයක් කිවුවම එ්ක අහන්න දෙයක් නෙවෙයිනේ. නමුත් පිරිසුදුව තබා ගත්තානම් කැරපොත්තන් බෝ වෙන්නේ නැහැ. හෝටලයක් හෝ රෙස්ටුරන්ට් එකක් කළ පළපුරුද්දක් ඇති කෙනෙක් නම් නිසිලෙස පිරිසිදුව තබා ගන්නවා. ඉතාලිය, ජපානය, ස්විස් වගේ රටවලට ගිය බොහෝ දෙනෙක් ක්‍රමානුකුල රෙස්ටුරන්ට් කරනවා වෙනුවට "ලංකා කෑම කඩ" දාන්න සිතන්නේ ලාබ ලබන්න ලෙහෙසිම මග එය යයි සිතාගෙනය. ලංකා කෑම කන්නට සිතා අප එවන් තැන වලට ගිය විට අපට හමුවූ ශ්‍රී ලංකික අයිතිකරුවන් කිවේ "මොනවා හරි ලුණු රහටයි ස්පයිස් රහටයි දුන්නම රසයි රසයි කියල සතුටින් මුන් ඉතුරු නොකර කනවා. ලාබ ලබන්න හොඳම බිස්නස් එක තමයි මේ .." කියලයි. එවන් අය නිසා ලංකාවේ නමත් කැත වෙනවා. (නදී)
ලංකාවේ අය පිරිසිදු කමත් වෙලාවට වැඩ කරන එකත් දන්නෙම නෑ. අනුන්ගේ වැරදි හොයන්න නම් හොඳට පුළුවන්. (ස)
කෑම ඇඹුල් රහට තියෙන්න ඇති (නි)
ඔය කියන වයස 43 පුද්ගලයගේ නම අපට කියන්නේ නැත්තේ ඇයි..? (නදී)