ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර ඒකකය තුල මෙම වසර තුල තමා විසින් බයිපාස් සැත්කම් පමණක් 104 ක් සිදු කර ඉන් මිය ගොස් ඇත්තේ එක් අයකු පමණක් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ වෛද්‍ය ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර මහත්මිය පවසයි.
ඉකුත් සතියේ තමා විසින් හෘද සැත්කම් පහක් පමණ සිදුකළ බවද විශේෂඥ වෛදවරිය සදහන් කළාය. හෘද සැත්කම් කරවා ගැනිමට රෝගින් 82ක් පමණ තම ඒකකයේ ලියාපදිංචි වි සිටින බවද ඇය පවසයි.
මෙහිදි වැදගත් වන්නේ බයිපාස් සැත්කම් වලට භාජනය කිරිමෙන් පසු මිය යන සංඛ්‍යාව බවත් සාමන්‍යය මරණ අනුපාතය 1.3ක් බවද විශේෂඥ වෛද්‍යවරිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව තවත් සාර්ථකව ඉදිරියට යෑමට වාසනා! (නි)