ගාල්ල කරාපිටියේ ගොඩකන්ද පාරේ තුන් මහල් ගොඩනැගිල්ලක අද අලුයම ඇතිවූ ගින්නකින් එහි පහතමහලේ ආපන ශාලාවක් මුලුමනින්ම විනාශ වී ඇතැයි පෝද්දල පොලිසිය කියයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.