ඩී සී ඩී හෙවත් ඩයිසයිනයිඩ්ඩයමයිඩ් විස රසායනය අඩංගුයැයි සැක කරන කිරිපිටි සාම්පල කාර්මික තාක්ෂණ ආයතනයේ පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් දොස්තර පාලිත මහීපාල අද (7) තීරණය කළේය.
ඩීසීඩී නම් අහිතකර රසායනය ඇති බවට වාර්තා වූ කිරිපිට වහාම වෙළෙද පොළෙන් ඉවත් කරන ලෙස එම සමාගම්වලට ඔහු දැනුම් දුන්නේය.
ඒ අනුව මැලිබන්, ෆොන්ටෙරා හා පී එම් මොහොමඩ් අලී සමාගම්වලට ඔහු මේ බව දැන්වීය.
ඩීසීඩී ඇතැයි කාර්මික තාක්ෂණ ආයතනයෙන් අනාවරණය කරගත් ඇන්කර් 1+, ඇන්කර් සම්පූර්ණ යොදය සහිත කිරි, මැලිබන් යොදය රහිත කිරි, ඩයමන් කිරි වෙළෙඳ පොළෙන් ඉවත් කරගන්නා ලෙස දැනුම් දී ඇතැයි ද, සෙසු කිරිපිටිවල ඩීසීඩී ඇත්දැයි පිරික්සීමට කාර්මික තාක්ෂණ ආයතනයට දැනුම් දී ඇතැයි ද, ඒවායේ ඩීසීඩී ඇතැයි ඔප්පු වුවහොත් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නේයැයි ද අධ්‍යක්ෂ ජනරාල් පවසයි.
මේ අතර නවසීලන්තයෙන් ගෙන්වන කිරිපිටි සාම්පල කොළඹ වරායේදී ලබා ගෙන ක්ලොස්ට්‍රිඩියම් බොටලිනම් බැක්ටීරියාව ඇත්දැයි පිරික්සා බැක්ටීරියාව නැති තොග වරායෙන් මුදා හැරීමට තීරණය කළ බවත් ඔහු කියයි.
වේ ප්‍රෝටීන් අධි සාන්ද්‍රණය අඩංගු අතිරේක පෝෂණීය ආහාර වෙළෙඳ පොළෙන් ඉවත් කිරීමටත් විකිණීම වහාම අත්හිටුවීමටත් තීරණය කළ බව ද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හැම එකක්ම එක වගේ තමයි මහත්තයෝ (දී)
මේ සමග පිටකොටුවේ විකුණන කිලෝ 25 බැග් පරීක්ෂා කරන්න (නි)
වැඩි වැඩියෙන් නැවුම් කිරි බීමට හැමෝම පුරුදු උනානම් හරි. අර චීනේ පටන් අර ගත්තා වගේ (දී)
කිරිපිටි අත්‍යාවශ්‍ය නැහැ. සෙම ගොඩක් විතරයි. (ස)
ඒක තමයි මේ සමහර කිරි ජාති බොන පොඩි ළමයි පූස් පැටවු සිංහයන් විදියට දකින්නේ. විස විස!! (නි)
විදුලි වේගෙන් කිරිපිටි නවත්වන එක හොඳයි. නමුත් ඒ වේගෙන්ම වහාම ලංකාවේ කිරි නිෂ්පාදනය නැන්වුවේ නැතිනම් ඉස්සරහට ඉතිරි වෙන්නේ මන්දපෝෂණය කැල්සියම් ඌණතාවය වගේ රෝග වලින් පිරුණු ළමා පරපුරක්. අඩුතරමින් ප්‍රෝටීන් බහුල සෝයා ආහාර වැනි වෙනත් ආහාර වර්ග වල බදු මුදල්වත් අඩුකරන්න වෙනවා. (නි)
ඇයි දේශීය කිරි ගොවියන්ට සහනයක් දීලා, කිරි නිෂ්පාදනය ඉහළ නංවන්න ක්‍රියාමාර්ග ගන්න බැරි රජයක් හැටියට. මේවට නේද අපි රජයක් තෝරා පත්කරගන්නේ. අපේ රටේ කිරි බවුසර් ගණන් හලනවා අහකට. හයිලන්ඩ්, අඹේවෙල කිරි නිෂ්පාදන ආයතන දියුණු කරන්න මේක අවස්ථාවක් කරගන්න පුළුවන් නේද? (නි)
අපි බොන ඒවත් තහනම් කරලද? අනේ කියන්නකෝ...... (නි)
අපි නම් කොච්චර ඇඩ් දැම්මත් ඔය රට පිටිකිරි බොන්නේ නැහැ.අපේ මුතුන් මිත්තෝ යෝධ වැඩ කළේ ඔය ජරාව බීලද? බලන්න ඔය ජරාව අපට පොවන්න කොච්චර මුදලක් මේ අය දැන්වීම් සඳහා යට කරනවද ? (නි)
එළකිරි තරම් මොකවත් නැහැ (දී)
තමන් ගේ ගෙදර ශීතකරණයක් ඇත්නම්,පිටිකිරි බොන්න අවශ්‍යතාවයක් නැහැ.බටහිර රටවල්වල මිනුස්සු,පිටි කළ කිරි කියලා දෙයක් මේ ලෝකේ තියෙනවදවත් කියලා දන්නේ නැහැ.අලුත් කිරි බොන්න පිනක් තියෙන්න ඕනෑ. (නි)
මුළු ලොවම වස විස බවට පත් කර තිබෙන්නේ සතුන්ගෙන් බුද්ධිමත්ම සතා කියන මිනිස් සත්වයාය... (නි)
දීයර කිරි පාවිච්චි කළා නම් තමයි හොද. කැනඩාව වගේ දියුණු රටවල් පාවිච්චි කරන්නේ දියර කිරි. (නි)
මේක හොදම වේලාව දේශීය දේවල් ඉදිරියට ගේන්න. ඒ නිසා පුළුවන් තරම් දේශීය නිෂ්පාදන වැඩි කරලා ජනතාව ඒවාට හුරු කරන්න.අවංකව ජනතාවට හොද දේ පමණක් අළෙවි කරන්න. (නි)
පහුවෙලා හරි මේ වගේ තීරණයක් ගත්ත එක ඉතාම හොඳ දෙයක්! මෙච්චර කල් අපි කොපමන මේ වස සහිත ආහාර අනුභව කරන්න ඇතිද? කිරි අපට අත්‍යවශ්‍යම ආහාරයක් නෙමෙයි! මේවා අත්‍යවශ්‍ය බවට හඟවන්නේ සමාගම් වල වෙළද දැන්වීම් සහ ප්‍රචාරණයයි! මේ දැන්වීම් වලත් කවදාවත් ගමේ ළමයෙක්, කාන්තාවක් නැනේ! ඉන්නේ රූපසුන්දරියෝයි ජානමය වශයෙන් පැහැපත්දරුවොයි පමණයි! කිරි නොබිව්වත් මෙයාල මෙහෙමම තමයි! අපි ඇදගෙන ඉතින් බොනවා! දැන්වත් කොළ කැද, පොල්පලා, රණවරා, බෙලිමල්.......වැනි දෙයට හුරු වෙමු! ලෙඩත් නැහැ සල්ලිත් ඉතුරුයි!(දී)
හරකුන් නිරෝගී වේවා,සුවපත් වේවා, මරණයෙන් මුදත්වා! ළමයින්ට, අපට කිරිපිටි විස්කෝතු පිහිටද ? (නි)
මොනවා වුණත් කාර්මික තාක්ෂණ ආයතනේ කට්ටිය සල්ලි වලට යට නොවී මේක දන්වපු එකට අපේ උපහාරය ! (නි)
මෙම තීරණයට සෞඛ්‍ය අමාත්‍යංශයට ස්තූතියි (නි)
අනේ කිරි නිෂ්පාදනය කරන රටේ ඉන්න අපි මොනවද බොන්නේ......අනේ....හපොයි. (අ)
ඔස්ට්‍රලියාවේ කිරිපිටි ගන්නේ කෑම හදන්න විතරයි. ඒවා බොන බවක් කවුරුවත් දන්නේ නැහැ. මම සුද්දෙකුට කිරිපිටි වලින් හදපු තේ එකක් දීලා ඔහුගේ මූණ ඇඹුල් වෙලා ගියා. මම එහෙම කළේ දියර කිරි තේ එකට දැම්මහම නිවෙන හන්දා. ඉන්පස්සේ නම් කවදාවත් පිට කෙනෙකුට කිරිපිටි දාපු තේ එකක් දෙන්නේ නැහැ. (නි)
නිකන් අහිංසක මිනිස්සු රවට්ටන්න එපා. රටින් එන හැම පිටි එකකම බඩු තියෙනවා. අනික ඔය ඕස්ට්‍රේලියා හා නවසීලන්තයේ අහක දමන දේවල් ගෝනිවල දමල එවන හැටි දැක්කනම් කව්රුත් පිටි කිරි බොන්නේ නැහැ (අ)
කිරිපිටි දොවපු කිරි නැති තරමට තමයි හොඳ. අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඒවා ඕනෑ නම් සොබාදහම කිරිපිටි හදලා තියෙන්න ඕනෑ. මේවා මුල ඉඳලම එක්කෙනෙක් දෙන්නෙක්ගේ ඕනෑකමට පවත්වාගෙන මුදල් හොයන්න කරපු දේවල්. අම්මාගේ කිරි වලින් පස්සේ වතුර, පොල් වතුර, තැඹිලි, මල් පැණි වගේ දේවල් හැර අනිත් දේවල් ඕනෑ නැහැ. (නි)
මේ සිද්ධිය කලින් සෞඛ්‍ය ඇමතීම කිවනේ ලංකාවේ කිරි වල මොකුත් ප්‍රශ්නයක් නෑ කියල, මේ හොර වෙළෙන්දෝ අපහු මොනවා හරි ගැටයක් දී, ඔය වස විස අපටම පොවාවි, මේ දන්නේ නැති නිසා අහන්නේ අපට වස පෙව්වා කියල නඩු දණ්ඩ බැරිද? (අ)
වෙළද සැල් වලින්ඉවත් කරන ඒවා ආපහු වෙළද නාමය වෙනස් කරලා අපිටම දේවිද දන්නේ නැහැ. (නි)
ඔය හැම කිරක්ම එකයි
ළඟ එන මැතිවරණයට කිරි නිෂ්පාදන කොම්පැනිවලින් අතදිගහරලා වියදම් කලානම් ඔය තහංචි සියල්ල අවසන්. (දී)
මන්චි බීස්කුට්,එඩ්නා චොක්ලට්,ඇස්ට්‍රා මාගරින් වල මෙලමින් තියනවා කියල හොයාගෙන ගත්ත මහා ක්‍රියා මාර්ගයට වඩා යමක් කලොත් හොදා.දැනුවත් කිරීම ගැන ස්තුති. (දී)
මම නම් බොන්නෙ වීවා. ගාණත් අඩුයි. නිකම් වුණත් කන්න පුළුවන්නෙ. (ස)
කිරි පිටි ඉල්ලුමට අනුව සැපයුම නැතිවීම නිසා ඉතා විශාල වශයෙන් මිල ඉහල යෑමක් ඉදිරියේදී සිදුවනු ඇත. ඒ අනුව මේ වන විට තිබෙන පඩියෙන් අපට දැනට තිබෙන මිලටවත් ළමයින්ට කිරි පිටි ලබාදීමට නොහැක. (ස)
කෝ මේ බන්දුල පෙරේරා (දී)
රටට ආදරය කිරීම ගැන මගේ ප්‍රණාමය. (ස)
අනෙකුත් කිරි පිටි වලත් මේ රසායනිකය තියෙන්න පුලුවන්.ඒවාත් ඉක්මනින් පරීක්ෂා කර ජනතාව දැනුවත් කිරීම වැදගත්.ඒ වගේම ලාංකීය දියර කිරි කර්මාන්තයටත් මේ මගින් හොඳ තැනක් ලැබේවි.(ස)
කිරිපිටි කොම්පැනිය හදන විස්කෝතු වලට මොන කිරිපිටිද දාන්නේ හොයල බැලුවද ?නීතිය අනුව මස් කඩේ නොසිටිය යුතු හරක් පැටව්, කිරි එලදෙන්නු මස්කඩෙන් ගේන්නේ මේ කොම්පනියම නේද ? (අ)
පරිබෝගිකයෝ විදියට අපි බුද්දීමත්ව මෙවෙනි නිෂ්පාදන මිලදී නොගෙන හිටියනම් හරි. වෙළඳ දැන්වීම් වලට රවටෙන්නෙත් අපිමනේ. (ස)
කිරිපිටි පාවිච්චිය නවත්වමු.(අ)