IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කුරුඳු තෙල් හඳුන් තෙල් වෙයි

රුපියල් කෝටියක් පමණ  වටිනා  සුදු හඳුන් තෙල් සිලින්ඩර තුනක් මෙරට සිට ප්‍රංශයට යැවීමට  සුදානම් කර තිබියදී  කටුනායක භාන්ඩ අපනයන පර්යන්තයේ  රේගු නිලධාරීන් විසින්  ඊයේ මධ්‍යම රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

අත් අඩංගුවට ගනු ලැබු සුදු හඳුන් තෙල් වල බර කිලෝග්‍රෑම් 25 කි.

කුරුඳු තෙල් අපනයනට ලියකියවිලි සකස් කොට මෙය  රේගුවට ඉදිරිපත් කොට තිබු බවත්  කොළඹ  ප්‍රදේශයේ දුත සේවාවක් හරහා මෙම සුදු හඳුන් තෙල් තොගය ප්‍රංශයට යැවීමට උත්සහ කර තිබු බවත් රේගුව කියයි.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයෙන් ප්‍රංශයට යැවීමට සුදානම් කර තිබියදී ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙම සුදු හඳුන් තෙල් තොගය රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ වන ජීවී හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ පනතින් හා වන සංරක්ෂන පනතින් සුදු හඳුන් තෙල් අපනයනය කිරීම තහනම් කර ඇති බවයි.

මේ පිළිබඳ විමර්හන කටයුතු රේගු අදිකාරී එම්. ගුණරත්න, නියෝජ්‍ය රේගු අදිකාරි  එස්.ආර් ඇරව්පොළ, සහකාර රේගු අධිකාරීවරුන් වන පී.ජී.ජී.එම්.කේ හේරත්, ජේ.එම්.එස්.පී ජයසිංහ යන නිලධාරීහු සිදු කරති.  
 

 



අදහස් (0)

කුරුඳු තෙල් හඳුන් තෙල් වෙයි

අජිත්කරුණාරත්න ලියනගේ Saturday, 03 May 2014 11:57 AM

වැරදි කරන නිසා නීති හදනවා. නීති වැඩිවෙනකොට ඒවායින් රිංගන්න ක්‍රම හොයාගන්නවා. එහෙම කලේ ඉස්සර. දැන් බොහොම දෙනෙක් කරන්නේ මැතිවරණයකදී ආණ්ඩුවේ දේශ පාලකයෙකුට උපරිම සහය දීල, එයාව සාක්කුවේ දාගන්න එකනේ. මේකත් එහෙම එකක් නොවෙයි කියල කියන්න පුළුවන් කාටද? (නදී)

:       0       0

රණතුංග Saturday, 03 May 2014 12:11 PM

පසුගිය කාලයක ආසියාවෙන් අල්ලපු ලොකුම කුඩු තොගයෙනුත් භාගයක් නියම කුඩු නෙවෙයි කියපු එකේ, මේක මොකද්ද ? (නදී)

:       0       0

චින්තක Saturday, 03 May 2014 12:58 PM

දැන් ඔය තෙල් වලට මොනවා වෙයිද ? අල්ල ගන්න වල්ල පට්ට වලට මොකද වෙන්නේ. ඒවා රජයෙන් වත් රට යවල විදේශ විනිමය ගේන්න බැරිද ? කොරන්ටයින් එකෙන් අල්ල ගන්න ඕකිඩ් පැල වලට නම් ඒ මහත්තුරුන්ගේ ගෙවල් වලදී නෝනලා වතුර දානවා. (නදී)

:       0       0

ධම්ම Saturday, 03 May 2014 01:25 PM

බොහෝ වටිනා සම්පත් පිට පාරෙන් මෙලෙස රටින් පිටවෙනවා වාගේම රට ඇතුලටත් එනවා. අහුවෙන්නේ කලාතුරකින්. (නදී)

:       0       0

අනගාරික Saturday, 03 May 2014 01:33 PM

ගමගේ, ඔබට මගේ ප්‍රණාමය! රටක් පාලනය කරන්න රාජ්‍ය පරිපාලනය ගැන විශාල උගත්කමක් දැනුමක් අවශ්‍යයි. එහෙම නැතුව ඒ රට ආර්ථික වශයෙන් දියුණු කරන්න ස්වභාවික සම්පත් උපයෝගී කරගන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. ඒකට සම්පුර්ණයෙන්ම වගකියන්න ඕනෑ රටේ ජනතාව. ඒකෙන් විඳවන්න වෙන්නේ අනාගත පරම්පරාවට (නි)

:       0       0

නිලර් Saturday, 03 May 2014 12:58 PM

ගමගේ හරි. ඒ හින්දානෙ ලංකාව පිටරටට අත දික්කර උදවු ආධාර ඉල්ලන්නෙ (නි)

:       0       0

මිතූන් Saturday, 03 May 2014 01:57 PM

අනේ මන්දා! (නි)

:       0       0

ජීවක Saturday, 03 May 2014 01:59 PM

ඒවත් සෙල්ලම් තෙල්ද දන්නෙ නැහැ (නි)

:       0       0

හේරත් Saturday, 03 May 2014 03:12 PM

ඔව්වා ඉතින් කවුරුහරි විකුනගත්තම මොකද ? (නදී)

:       0       0

මොහොමඩ් පායික් Saturday, 03 May 2014 04:28 PM

බොරු ඔයිල්.(නදී)

:       0       0

ශ්‍රීලාල් Saturday, 03 May 2014 06:12 PM

මේ දේවල් වල වටිනාකම තක්සේරු කරන්නේ කොහොමද? හැම එකම කෝටි ගණන් වලින් තමයි එන්නේ. හූනා කෝටි ගණනයි, වල්ලපට්ට කෝටි ගණනයි, කුරුළු කූඩු කෝටි ගණනයි වශයෙන් තක්සේරු කරනවා. ඉතින් මේ වටිනා දේවල් ව්‍යාප්ත කරලා රටට ආදායමක් ලබාගන්න කටයුතු කලොත් ලොකු සේවයක් වේවි. කෝටි ගණනින් ලක්ෂ ගණනක් කොමිෂන් ගත්තත් ටිකක් හරි රටට ඉතුරු වේවිනෙ.(නදී)

:       0       0

දොන් රොස්චින්ද සොයිසා Saturday, 03 May 2014 05:34 PM

කැසිනෝ වගාවට වඩා හොදයි හඳුන් වගාව.(නදී)

:       0       0

ගමගේ Saturday, 03 May 2014 09:27 AM

රටක මේවා වාණිජ වශයෙන් වගාකර රටට විදේශ විනිමය ගේනවා වෙනුවට මේවා තහනම් කර, ආර්ථිකය නඟාසිටවන්න නීතිමය වශයෙන් කැසිනෝ, ගණිකා වෘත්තිය රටට ගෙනෙන්නට දඟලනවා. (නි)

:       0       0

මානගේ Saturday, 03 May 2014 09:16 AM

ගමගේ,ඒකට තමයි ආශ්චර්යය කියන්නේ (නි)

:       0       0

ලංකාතිලක Saturday, 03 May 2014 09:02 PM

කන්න ඕන ඕනෑම කබරගොයත් තලගොයා වෙනවලු . එහෙම වැඩක් මේකත් (අ)

:       0       0

ගිහාන් Saturday, 03 May 2014 09:31 PM

ජිවත් වෙන්න අමාරු නිසා මිනිස්සු මෙහෙම කරනවා කියල මළ ගෙවල් වල පාලු මකන කෙනෙක් කියන්නත් ඉඩ තියෙනවා. (ස)

:       0       0

මිලානො ජයන්ත Saturday, 03 May 2014 11:46 AM

ගමගේ, ඔබ හරි (නි)

:       0       0

වීරසිංහ Saturday, 03 May 2014 11:42 AM

කැසිනෝ ආශ්චර්යය ආවට පස්සේ මොකටද අපනයන ආශ්චර්යයක්? (නි)

:       0       0

සේනක සිරිවර්දෙන Saturday, 03 May 2014 12:39 PM

අපේ අහිංසක කරුණාවන්ත ජනතාව අයුතු ලාභ සඳහා ගුණධර්ම වලින් ඇත්වීම ශෝකනියි. ඔවුන් යහපත් මාර්ගයට පැමිණේවා! සැමට සුභ වෙසක් මංගල්‍යක් වේවා...! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site