කුරුඳුතෙල් මුවාවෙන් රුපියල් ලක්ෂ 40ක් වටිනා සඳුන් තෙල් තොගයක් ඕස්ට්‍රේලියාවට යැවීමට තැත් කළ අපනයන සමාගමක පුද්ගලයෙක් අද රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කුරුඳුතෙල්වල වටිනාකම රුපියල් ලක්ෂ 10ක් ලෙස සඳහන් කර තිබූ බවත්, අල අලුයම 1.25ට වැටලීම කළ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කියයි.

ශ්‍රී ලංකාවේ වෘක්ෂලතා ආඥාපනත සහ වන සංරක්ෂණ ආඥා පනත යටතේ මෙම අපනයන නීති විරෝධී බව රේගු ජෛව විවිධත්ව සංස්කෘතික ජාතික උරුමයන් පිළිබඳ අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා කියයි.