කරන්දෙණිය රෝහලේ දොස්තර පි‍්‍රයංක ප‍්‍රසාද් ජයසිංහ ඝාතනය කළැයි කියන සැකකරුවනට පෙනී නොසිටින ලෙස ඉල්ලමින් දහසක් පමණ දෙනා බලපිටිය මහේස්ත‍්‍රාත් උසාවිය ඉදිරිපිට අද පැයක නිහඬ විරෝධතාවයක් පැවැත්වූහ.
සැකකරුවන් වන චැනල් සේවා හිමිකරු කේ.ජී. චින්තක රුවන් ජයසේන, හමුදා කපිතාන් වයි.එච්. චන්දන වික‍්‍රමසිංහ, ඥාති සොහොයුරන් වන ලාන්ස් කෝප‍්‍රල් එස්.එච්. ජයලත් ද සිල්වා, සනත් ද සිල්වා හා ඞී. විජිත් ආනන්ද අද උසාවි රැගෙන එද්දී උසාවිය අවට දැඩි ආරක්‍ෂාව සලසා තිබිණි.
බලපිටිය මහේස්ත‍්‍රාත් එන්.ටී.එන්. අබේගුණසේකර මහත්මිය විසින් ඔවුහු ලබන 22 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. ඔවුන් වෙනුවෙන් නීතිඥවරු පෙනී නොසිටියහ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම අපරාධකරැවන් සදහා නීතීඥයින් පෙනී නොසිටීම අප අගය කරන අතර මෙය පූර්වාදර්ශයක් ලෙස තබා ගනිමින් කිසිදු අපරාධකරැවෙකු වෙනුවෙන් පෙනී නොසිටින ලෙස සියළුම නීතීධරයන්ගෙන් අප ගෞරවණීය ලෙස ඉල්ලා සිටින්නෙමු.
මරණ දඩුවම නැවති ඇති කළ යුතුයි
මේ වාගේ අපරාදකාරයනට එල්ලුම්ගහත් සිවු මැලි වැඩියි.