IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කරන්ට් වදින චුවින්ගම් පොළොන්නරුවෙන්

විදුලිසැරයක් වැනි කම්පනයක් ඇති වන චුවින්ගම් දෙකක් හා පෑනක් පොළොන්නරුවේ ලංකාපුර අවුරුදු 14ට අඩු පාසල් සිසුන් දෙදෙනකු ළඟ තිබී සොයා ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.

ලිවීම සඳහා පෑන අතට ගත් විට විද්‍යුත් කම්පනයක් සිදු වන බව එම අධිකාරිය පවසයි.

වයස අවුරුදු 14ට අඩු හා 50ට වැඩි අය මෙම පෑන් හා චුවින්ගම් පාවිච්චි නොකළ යුතු යැයි උපදෙස් දී ඇතැයි කියති.

පුලතිසිගම කඩයකින් මෙම පෑන රුපියල් 150කට ගෙන ඇති බවත්, චුවින්ගම්වල මිල සඳහන් නැති බවත් කියති.

කඩ හිමියා පවසා ඇත්තේ චුවින්ගම් හා පෑන් විකිණී අවසන් බවයි.

මෙවැනි පෑන් හා චුවින්ගම් තමන් දුටු මුල් අවස්ථාව මෙය බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.



අදහස් (0)

කරන්ට් වදින චුවින්ගම් පොළොන්නරුවෙන්

පරාක්‍රම Thursday, 19 November 2015 03:28 PM

ළමයින් මේවා මේ මිලට ගත්තාද , නැතිනම් කවුරු හරි අරන් දුන්නාද ? මෙහි ආදීනව ගැන හෝ මෙවන් භාණ්ඩ විකිණීම වරදක් හෝ නුසුදුසු බව හෝ මුදලාලි දැන නොසිටියාද ? මේවා රටේ හැම නගරයේම තිබෙනවාද ? ගෙන්වන්නේ හෝ නිපදවන්නේ කවුද? මේවා තහනම් භාණ්ඩද? අවසානයේ යන්න වෙන්නේ දොස්තර ලඟට නිසා මේ ගැන වෛද්‍ය මතය කෙබඳුද ? (හේ)

:       0       0

සම්පත් Friday, 20 November 2015 01:34 PM

මගේ වයස 22යි. මම ඕවත් එක්ක සෙල්ලම් කළේ මට වයස 10 දී විතර...... (නි)

:       0       0

වර්ණකුල Thursday, 19 November 2015 10:35 AM

ඇයි මේ තරම් දැනුම දුප්පත්. (ර)

:       0       0

සිසිර Thursday, 19 November 2015 10:54 AM

මට දන්නා තරමින් අවුරුදු 10 වැඩි කාලයක් තිස්සේ මෙය පවතිනවා. (ර)

:       0       0

නුවන් Thursday, 19 November 2015 10:55 AM

මේවා අපි කළේ පොඩි කාලේ. අයියෝ බලධාරින්ගේ මොලේ (බ)

:       0       0

කසුන් Thursday, 19 November 2015 10:56 AM

පොළොන්නරුවේ චුවින්ගමුත් තියෙනවා ... දැන් දැන් විදුලි සැර වැදෙන්නත් අරන් තියෙන්නේ ... විදුලි සැර චුවින්ගුම් නම් අද තම ඇහුවේ, (බ)

:       0       0

අසංක Thursday, 19 November 2015 06:56 PM

පිටබැද්දර ජයා, කඩේ නොයා ඉන්නවද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 19 November 2015 12:13 PM

යහපාලනයට පින්සිද්ධ වෙන්න දැන් ඉතින් අදාළ ආයතන අවදියෙන් ඉන්නවා (නි)

:       0       0

අසංක Thursday, 19 November 2015 12:14 PM

පාරිභෝගික සේවා අධිකාරියේ දැනුම මෙහෙම නම් පාරිභෝගියන් පවු නේද? (නි)

:       0       0

බොරළුගොඩ Thursday, 19 November 2015 12:42 PM

අපේ රටේ නිලධාරීන්ගේ දැනුම මේකෙන්ම තේරෙනවා නේද? යල්පැනපු දැනුමක් තියාගෙන ඔය වගේ රාජකාරි කරන්න බැහැ. (නි)

:       0       0

ඉරේෂිකා Friday, 20 November 2015 01:32 AM

දැන් කාලේ පුදුමාකාර දේවල්නේ තියෙන්නේ (නි)

:       0       0

දිසානායක Friday, 20 November 2015 01:59 AM

පාරිභෝගික අධිකාරියේ ඉන්නේ කඩේ යන අය නෙමෙයිනේ. කඩවල මොනවා තියනවද කියලා ඉතින් කොහොමද දන්නේ? ලංකාවේ කඩවල විකුණන්න හොඳ හොඳ දේවල් දන්නේ හැමදාම කඩේ යන අපි. පාසල් ළඟ තිබෙන කඩ පරීක්ෂා කරන්නකෝ මොනවද නැත්තේ කියලා බලන්න. (නි)

:       0       0

කමල් Thursday, 19 November 2015 01:31 PM

පාරිභෝගික අධිකාරියේ ඉන්නේ කොහොම අයද කියලා හිතාගන්න බැහැ මට (නි)

:       0       0

කමල් Friday, 20 November 2015 03:41 AM

මෙය තුළින් සිදුවිය හැකි අනතුර සම්බන්ධව කවුරුන් හෝ මින් පෙර සිතුවාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site