විදුලිසැරයක් වැනි කම්පනයක් ඇති වන චුවින්ගම් දෙකක් හා පෑනක් පොළොන්නරුවේ ලංකාපුර අවුරුදු 14ට අඩු පාසල් සිසුන් දෙදෙනකු ළඟ තිබී සොයා ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
ලිවීම සඳහා පෑන අතට ගත් විට විද්‍යුත් කම්පනයක් සිදු වන බව එම අධිකාරිය පවසයි.
වයස අවුරුදු 14ට අඩු හා 50ට වැඩි අය මෙම පෑන් හා චුවින්ගම් පාවිච්චි නොකළ යුතු යැයි උපදෙස් දී ඇතැයි කියති.
පුලතිසිගම කඩයකින් මෙම පෑන රුපියල් 150කට ගෙන ඇති බවත්, චුවින්ගම්වල මිල සඳහන් නැති බවත් කියති.
කඩ හිමියා පවසා ඇත්තේ චුවින්ගම් හා පෑන් විකිණී අවසන් බවයි.
මෙවැනි පෑන් හා චුවින්ගම් තමන් දුටු මුල් අවස්ථාව මෙය බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින් මේවා මේ මිලට ගත්තාද , නැතිනම් කවුරු හරි අරන් දුන්නාද ? මෙහි ආදීනව ගැන හෝ මෙවන් භාණ්ඩ විකිණීම වරදක් හෝ නුසුදුසු බව හෝ මුදලාලි දැන නොසිටියාද ? මේවා රටේ හැම නගරයේම තිබෙනවාද ? ගෙන්වන්නේ හෝ නිපදවන්නේ කවුද? මේවා තහනම් භාණ්ඩද? අවසානයේ යන්න වෙන්නේ දොස්තර ලඟට නිසා මේ ගැන වෛද්‍ය මතය කෙබඳුද ? (හේ)
මගේ වයස 22යි. මම ඕවත් එක්ක සෙල්ලම් කළේ මට වයස 10 දී විතර...... (නි)
ඇයි මේ තරම් දැනුම දුප්පත්. (ර)
මට දන්නා තරමින් අවුරුදු 10 වැඩි කාලයක් තිස්සේ මෙය පවතිනවා. (ර)
මේවා අපි කළේ පොඩි කාලේ. අයියෝ බලධාරින්ගේ මොලේ (බ)
පොළොන්නරුවේ චුවින්ගමුත් තියෙනවා ... දැන් දැන් විදුලි සැර වැදෙන්නත් අරන් තියෙන්නේ ... විදුලි සැර චුවින්ගුම් නම් අද තම ඇහුවේ, (බ)
පිටබැද්දර ජයා, කඩේ නොයා ඉන්නවද? (නි)
යහපාලනයට පින්සිද්ධ වෙන්න දැන් ඉතින් අදාළ ආයතන අවදියෙන් ඉන්නවා (නි)
පාරිභෝගික සේවා අධිකාරියේ දැනුම මෙහෙම නම් පාරිභෝගියන් පවු නේද? (නි)
අපේ රටේ නිලධාරීන්ගේ දැනුම මේකෙන්ම තේරෙනවා නේද? යල්පැනපු දැනුමක් තියාගෙන ඔය වගේ රාජකාරි කරන්න බැහැ. (නි)
දැන් කාලේ පුදුමාකාර දේවල්නේ තියෙන්නේ (නි)
පාරිභෝගික අධිකාරියේ ඉන්නේ කඩේ යන අය නෙමෙයිනේ. කඩවල මොනවා තියනවද කියලා ඉතින් කොහොමද දන්නේ? ලංකාවේ කඩවල විකුණන්න හොඳ හොඳ දේවල් දන්නේ හැමදාම කඩේ යන අපි. පාසල් ළඟ තිබෙන කඩ පරීක්ෂා කරන්නකෝ මොනවද නැත්තේ කියලා බලන්න. (නි)
පාරිභෝගික අධිකාරියේ ඉන්නේ කොහොම අයද කියලා හිතාගන්න බැහැ මට (නි)
මෙය තුළින් සිදුවිය හැකි අනතුර සම්බන්ධව කවුරුන් හෝ මින් පෙර සිතුවාද? (නි)