2016-10-26-ent-20

සිවුවසරකට පසුව කරන් ජෝහර් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ "ඒ දිල් හයි මුෂ්කිල්" චිත්‍රපටය තිරගත කිරීමට සැලසුම් කළ දිනයටම එය සිදුකිරීමට සූදානම් කර ඇති බව කරන් ජෝහර් පවසා සිටියි. පාකිස්තානු නළු පවඩ් ඛාන් මෙම චිත්‍රපටයට සම්බන්ධවීම හේතුවෙන් පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වයක් නිසාවෙන් මෙම චිත්‍රපටය ඔක්තෝබර් 28 වැනිදා ප්‍රදර්ශනය කිරීම පිළිබඳව චිත්‍රපට කණ්ඩායම ගැටලුවකට මුහුණදී තිබුණි.

මෙම චිත්‍රපටය පිළිබඳව මේ වන විට ලොවපුරා රසික අවධානය වැඩිපුර යොමුව තිබෙන අතර, රන්බීර් හා අයිශ්වර්යා රායි පෙනී සිටින සරාගී දර්ශන කිහිපය සම්බන්ධ විචාරක කතිකාවක්ද මතුව තිබේ. කෙසේ වෙතත්, "ඒ දිල් හයි මුෂ්කිල්" චිත්‍රපටය තිරගත වන ඔක්තෝබර් 28 වැනිදාට ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු අජේ දේව්ගන් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන "ශිවායි" ක්‍රියාදාම චිත්‍රපටයද ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබේ.

 

2016-10-26-ent-19