මේ වනවිට ගැබ් ගෙන සිටින බොලිවුඩ් සුපිරි නිළි කරීනා කපූර්ගේ 36 වැනි උපන්දිනය පසුගිය සැප්තැම්බර් 22 වැනි දිනට යෙදී තිබුණා. එහිදී ගත් ඡායාරූප කිහිපයක් පසුගියදා ඇය සිය "ඉන්ස්ටග්‍රෑම්" ගිණුමට එක් කොට තිබෙනු දක්නට ලැබුණා. මෙම උපන්දින සාදයට සිය පවුලේ ඥාති හිතමිතුරන් පමණක් එක්ව සිටීම විශේෂත්වයක්.
එහෙත්, සායිෆ් අලී ඛාන්ගේ දියණිය වන සාරා අලී ඛාන් හා සායිෆ්ගේ නැගණිය වූ සෝහා අලී ඛාන්ගේ හිටපු සැමියා වන ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු කුනාල් කෙමුද කරීනාගේ උපන්දින සාදයට එක්ව සිටියා. එමෙන්ම කපූර් පවුලේ ජනප්‍රිය නළුවන් වූ රන්බීර්, රන්දීර්, රිෂි මෙන්ම මලේයිකා ආරෝරා ඛාන් (සල්මාන් සොහොයුරු අර්බාස්ගේ හිටපු බිරිඳ) හා ඇගේ නැගණිය වු ජනප්‍රිය බොලිවුඩ් නිළි අම්රිතා ආරෝරාද කරීනාගේ උපන්දින සාදයට එක්ව සිටිනු දක්නට ලැබුණා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd