
කොරෝනා රෝගීන් සඳහා ස්වසන සංවාතන යන්ත්‍ර (වෙන්ටිලේර්ස්) නිෂ්පාදනය කරන්නැයි ඇමෙරිකාව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එරට ජෙනරල් මෝටර්ස් සමාගමට නියෝග කර ඇත.
කොරියානු යුද සමයේ ක්‍රියාත්මක කෙරුණු ආරක්ෂක නිෂ්පාදන පනතක් බලාත්මක කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා එම නියෝගය කර ඇත. එම පනතට අනුව ජාතික ආරක්ෂාව සඳහා නිෂ්පාදන කටයුතු කරන්නැයි සමාගම්වලට නියෝග කිරීමට ජනාධිපතිවරයාට බලය ලැබේ.
"ජෙනරල් මෝටර්ස් සමාගම කාලය නාස්ති කළා. ඇමෙරිකානුවන්ගේ ජීවිත බේරාගැනීම සඳහා ක්‍රියාමාර්ගයක් ගන්න වුණා" යැයි ජනාධිපති ට්‍රම්ප් පැවැසීය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන මේ වනවිට 104,000 ඉක්මවා ගොස් ඇති අතර ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් සිටින රට බවට පත්ව ඇත්තේ ද ඇමෙරිකාවයි.
එරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 1,700 කට ආසන්න වේ.
රොයිටර් /බී.බී.සී
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ කයිය විතරයි. අහිංසක මිනිසුන්ගේ ජිවිත අනතුරේ.
අනේ ඉතින් අපේ රටේ ජනපති තුමාට මෙහෙම නියෝගයක් දෙන්න පුළුවන් කමක් තියෙනවා නම්? අපි කොතරම් පසුගාමී ජාතියක්ද. මේවගේ දේවල් නිපදවන්න පුළුවන් අය ඔක්කොම වෙන රටවලට කඹුරනවා.
කාට උනත් වැරදුනාම හිනා වෙන්න නරකයි.
පැහැදිලිවම මානව හිමිකම් උල්ලංගනය කිරිමක්...
මෙයා නම් අපේ රටේ ඉන්න ජාතියේ දේශපාලුවෙක්. අස්සයෝ බාගයක් විතර පැනලා ගියාට පස්සේ ස්ථාලයේ දොර වහන්න ලැහැස්තිවෙනවා. අර තාප්ප බඳින්නයි බොරු කචල් ඇතිකරන්නයි වියදම් කරන්න ඉස්සෙල්ලා සෞඛ්‍ය ක්ෂේත්රයට අත්‍යවශ්‍ය මෙවැනි උපකරණ හැම ඇදකටම සවිකරානම් මොකද වෙන්නේ? තඹේකට ගණන් ගන්න නරකයි. පුහු බලයක් පෙන්නන්න හදනවා.
කලින් ඉඳලා මහා පරිමාණ මනුෂ්‍ය ඝාතන අවි නිපදවන්නේ නැතිව මනුෂ්‍යා ජීවත් කරන දේවල් වලට අවධානය යොමු කරා නම් දැන් කලබල වෙන්නැතිව හොඳින් ඉන්න තිබුනා.