රත්මලානේ කරදියානේ පිහිටි බොරලැස්ගමුව නගර සභාවට අයත් කසළ අංගනය තවදුරටත් ජනතාවට පීඩාකාරී නොවනු ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද කසළ අංගනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි. කාලයක සිට පුද්ගලික උවමනා එපාකම් අනුව පවත්වාගෙන ගිය කසළ අංගනය ඉදිරියේ දී පරිසර හිතකාමී ලෙස කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙලක් අනුව පවත්වාගෙන යන බව ද අමාත්‍යවරයා කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසල ප්‍රතිච්ක්රනිකරන කරන්න, ඒවායින් ශක්තිය උපදවන්න කිසිම වැඩපිළිවෙලක් තිබේද අපිට, ගොඩගසා පුච්ච දමනවා හැරෙන්නට? (රේ)
එම කියමන එසේම ඉටුවේවා.... ඉස්සර අයගේ කියමන් මෙන් එය කසල ගොඩට නොවැටෙවා කියා පතමි.(රේ)
ඔක්කොම පිටරටෙන් එනකම් බලන් ඉන්න අපේ උදවිය ඔයවගේ දෙයක්වත් කරගන්න පුළුවන් කමක් තියෙනවද කියලත් සැකයි. පුළුවන් වුණත් ඕවාට උනන්දුවක් නොදක්වන එකයි කණගාටුව (ම)
කසල ප්‍රශ්නයට විසදුම් හොයන එකට තියෙන එකම බධාව වන්නේ එමගින් නිපදවන දෙයින් ලාභ නැතැයි පවසා එය අත්හැර දැමීමයි. කොම්පෝස්ට් හැදුවොත් එය ඉක්මනින් විකිණිමට හෝ එයින් ලාභ ඉපයිමට උත්සාහ කරයි. එමනිසා මෙය ජාතික ප්‍රශ්නයක් ලෙස සලකා මුදල් වෙන් කර කසල ආරක්ෂිත ලෙස බැහැර කරන ක්‍රමවේදයක් සැකසිය යුතුවේ. මෙහිදි පලාත් පාලන ආයතන කොම්පෝස්ට් නිපදවන්නේ නම් සියලුම කසල එක තැනකට එක් රැස් නොකර තැන් කිහිපක තබා කොම්පොස්ට් නිපදවිය හැක. තවද මෙලෙස සාදන ලද කොම්පෝස්ට් රජය විසින් මිලදී ගෙන කොම්පෝස්ට් කිලෝ 30 කට, රසායනික පොහොර කිලෝ 20ක් හෝ සුදුසු ප්‍රමාන වලින් මිශ්‍රකර සහනාදාර පොහොර ලෙස සාහනදායි මිලට හෝ නොමිලේ හෝ ගොවි ජනතාවට සැපයිය හැක. එමගින් පස සංරක්ෂණය වනවා මෙන්ම පොහොර අපතේ යෑම අවම කළහැක. තවද ආනයනය කිරිමට වැය වන විශාල මුදල ඉතිරිවනු ඇත. මෙලෙස සැලසුම් සහිතව මෙය සිදුකළහොත් දිර්ඝ කාලිනව මෙහිදි ප්‍රතිලාභ අත්වනු ඇත. (ස)