මාධ්‍ය නිදහස කට වචනයට සමාන නොකරන ලෙස රජයට පවසන ශ්‍රී ලංකා කර්තෘ සංසදය වැලිවේරියේ ජනතාව විසුරැවා හරීමට පොලු මුගුරැ හා ජිව උණ්ඩ යෙදා ගැනීම තරයේ හෙළා දකී. සංසදයේ ලේකම් ආර්. ප්‍රභාගන් මහතා විසින් නිකුත් කරණු නිවේදනය මෙසෙයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරියේ හා අවට ප්‍රදේශයේ ජනතාව ජල දූෂණ ප්‍රශ්නයකට විරෝධය දැක්වීම සඳහා පසුගිය බ්‍රහස්පතින්දා වීදි බැස උද්ඝෝෂණයෙහි යෙදුණු විට රජය එහි සාමය පවත්වා ගැනීම සඳහා හමුදා මෙහෙය වූ ආකාරය, ශ්‍රී ලංකා කර්තෘ සංසදය තරයේ හෙළ දකියි.
විරෝධතාවෙහි යෙදෙන ජනතාව ඉවත් කිරීමට ගන්නා ක්‍රියා මාර්ගය ඡායාරෑපගත කිරීමෙන් හෝ වීඩියෝ පටිගත කිරීමෙන් හෝ වළකින්නැයි ආරක්ෂක හමුදා මෙම ජනතා උද්ඝෝෂණය වාර්තා කිරීමේ වගකීම පැවැරැණු මධ්‍යවේදීනට, නීති විරෝධී ලෙස මුලදීම අනතුරැ ඇඟැවිය. පොලු මුගුරැ හා ජිව උණ්ඩ යොදාගනිමින් රුස්ව සිටි පිරිස විසුරැවා හැරීමට පටන් ගත් ආරක්ෂක හමුදාව එහි සිටි මාධ්‍යවේදීනට පහර දුන්නේය. තර්ජනය කෙළේය. බැන වැදුණේය.
මධ්‍යවෙදීහු ඔවුන්ගේ නීත්‍යනූකූල වෘත්තියේ යෙදී සිටියහ. ඔවුන්ගේ කටයුතු පහසුවෙන් කර ගැනීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඔවුන් වෙත නිකුත් කර ඇති මාධ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කළ නමුත් ඔවුනට එයින් පලක් නොවුයේය. ශ්‍රී ලංකා පුරවැසියනට තොරතුරැ සැපයිමේ නීත්‍යානුකූල කාර්යය කැරගෙන යෑමට එහි සිටි හමුදා, මාධ්‍යවේදීන්ට ඉඩ දුන්නේ නැත.
ප්‍රාදේශීය මාධ්‍යවේදිනියක නීති විරෝධී ලෙස නිවෙසක රුඳවු මෙම ආරක්ෂක හමුදා, ඇයට ශාරීරික වධ හිංසා පමුණුවන බවට තර්ජනය කොට, ඇය පැය දෙකකට වැඩි කාලයක් අසරණ තැනැත්තියක බවට පත් කැරගෙන සිටියේය. ඔරැතොටදී තවත් මාධ්‍යවේදියකුට පහරදුන් සෙබළු ඔහුගේ කැමරාව පොඩි පට්ටම් කළහ. ප්‍රහාරයෙන් ලත් තුවාල නිසා ඔහු දෙදිනක්ම රෝහල් ගත කරනු ලැබ සිටියේය.
මාධ්‍ය නිදහස කට වචනයට සීමා නොකරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. ජාත්‍යන්තර මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකය අනුව කරැණු සලකා බලන විට මේ රටේ තත්ත්වය, ඉතාම පහළට වැටී අතර, ලෝකයේ නරකම රට බවට ඒ අතින් පවත්ව තිබේ. රජයේ නියෝග යටතේ ක්‍රියාත්මක වන ආරක්ෂක හමුදාවල හැසිරීම, මේ සිද්ධියේ දී අපට දක්නට ලැබුණු පරිදි, රජයේ නරක වාර්තාව හොඳ අතට හරවා ගැනීමට උපකාරී නොවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලිවේරිය ප්‍රහාරය මේ රට අස්ථාවර කරන්න කරපු කුමන්ත්‍රණයක්.අනික මේ රටේ මාධ්‍යවේදීන්ට දැන් තියන නිදහස ඉස්සර තිබුණේ නැහැ. (නි)
ජාත්‍යන්තර මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකය අනුව කරුණු සලකා බලනවිට මේ රටේ තත්ත්වය, ඉතාම පහළට වැටී අතර, ලෝකයේ නරකම රට බවට ඒ අතින් පත්ව තිබේ. (නි)
අන්න නියමයි. (නි)
ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය දේශපාලන උම්මත්තකයනට උදුරාගන්නට ඉඩ දී බලා සිටිය නොහැක. සෑම පුරවැසියෙකුටම තොරතුරු දැන ගැනීමේ ඇති අයිතිය වෙනුවෙන් සහ නිදහස් මාධ්‍යය වෙනුවෙන් ද පෙනී සිටීම වැදගත්ය. (නි)
නඩුත් හාමුදුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ මහත්තයෝ ........... ලංකාවේ දේශපාලනය තරම් පහත් දෙයක් නැති තරම්. ඉන්දියන් සාගරයේ මුතු ඇටය කනේරු ඇට බවට දැන් පත්වෙලා අවසානයි. ඉතින් කාලා මැරෙන්න තමා වෙන්නේ (නි)
කතා කරන්න එපා මහත්තයෝ මේ ගැන නම්
මෙහෙමත් දුෂ්කරතා මැද ඔබ හැම කරන සේවය කොහොම අගය කරන්නද කියලා මට හිතා ගන්න බැහැ. ඇත්තටම මගේ අවංක ස්තුතිය. හොඳ රටක් ජාතියක් වෙන්න නම් ප්‍රතිපත්ති තිබෙන්න ඕනෑ. මිනිසුන් ඉදිරියේ එකක් කියලා වෙනත් දෙයක් කරන දේශපාලකයන් කවදා හරි මේවට වන්දි ගෙවාවී. (නි)
උද්ඝෝෂකයෝ පාරවල් වහලා පැය ගානක් මගීන්ව ප්‍රාණ ඇපයට ගත්ත එක ගැන දරන අදහස් මොනවාද? (නි)
එතකොට ජනතාව හමුදාවට ගහපුවා? (නි)
අපේ රටේ උද්ඝෝෂණකරුවන් මාර්ග වැසීමෙන් කරන්නේ ගමනාගමනයේ යෙදෙන ජනතාව ප්‍රාණ ඇපයට ගැනීමයි. රතුපස්‌වල සිද්ධිය සම්බන්ධයෙන් වඩාත්ම සැකයට හේතු වන කාරණය වන්නේ නුවර - කොළඹ පාර අවහිර කිරීම සිදුවූයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ රතුපස්‌වල ජනතා නියෝජිතයන් හා බලධාරීන් අතර මේ ප්‍රශ්නයට විසඳුමක් සෙවීම සඳහා සාකච්ඡා ආරම්භවීමත් සමගම වීමයි. නුවර - කොළඹ පාර අවහිර කිරීමත් පාර විවෘත කරගැනීමට යුද හමුදාව හා පොලිසිය යෙදවීමත් ආරක්‍ෂක හමුදාවන්ට ගල් මුල් හා පෙට්‍රල් බෝම්බ එල්ල කිරීමේ සිද්ධියත් වෙඩිතැබීමත් සියල්ල සිදුවූයේ ඉහත කී සාකච්ඡාව අතරතුරය. (නි)
ලංකාදීප පත්‍රය අනිත් හැම මාධ්‍යයකටම වඩා හොදින් රටේ ජනතාව වෙනුවෙන් පෙනී හිටිනවා. අපි ගරු කරනවා මෙහෙමවත් අදහස් ප්‍රකශ කරන්න , දුක තුනී කරගන්න ජනතාවට අවස්ථාව ලබා දීලා තියෙන එකට (නි)
හෙට උදේට කුරහන් රොටියක් කාපුගමන් ඔය හෙලා දැකිල්ල ඉවරයි!
අය්යල බලාගෙන .....අපි ඉල්ලුවේ වතුර....ලැබුනේ වෙඩි උන්ඩ ....දීප අක්කට කරපුදෙනේ ඔයාල කියන්නේ....හිරිකිත වැඩ....අපි එදා දෙයන්න්ට කිව්වේ අපේ රණවිරුවෝ බේරලා දෙන්න කියල.....අද කියන්නේ ඔය අපරාද කරපු අයට හෙන හතම වදින්න කියලා ..( අපරාද කරපු අයට පමණක් )
බුද්ධිමත් මාධ්‍යවේදීන්ගේ මතය අපි දන්නවා, මට දැනගන්න ඕන හරක් මරනවට කෑ ගහපු උදවිය මොනවාද කියන්නේ කියල.
මේ සිද්දිය රටටම හෙලිකල ලංකාදීපයට මාගේ උපහාරය.එසේම කිසිවෙකුට ගැති නොවී මේ කරුණු හෙලිකිරීම ඉතා ප්‍රෂන්සනීයි.
මාධ්‍යයට විරුද්දව එල්ල වෙන ප්‍රහාර හෙලා දකිමු
මාවිල්ලාරු........... රතුපස්වල
මාධ්‍යත්, රජය හා හමුදාව අපහසු තත්වයට පත් වෙන විදියට වැඩ කිරීම සුදුසු නැහැ. රටේ පවතින නීතිය අනෙක් පුරවැසියන්ට වගේම මාධ්‍ය වේදින්ටත් අදාලයි. වරාය,ගුවන් තොටුපළවල්, මහාමාර්ග වැනි සංවර්ධන කටයුතු සිදුකරද්දී ත් ජනතාව උද්ගෝෂණ කලා.එහෙම කියල රටේ සංවර්ධන කටයුතු නවත්වන්න රජයකට පුළුවන් කමක් නැහැ. ජල ප්‍රශ්නයට විසදුම් රජය දැනටමත් ලබා දී තිබෙනවා.
පරිච්චේදයක අවසානය ගම්පහෙන් ඇරබුන වගයි.
දීපා මාද්‍ය වෙදිනිය කියන හඩ පටය අපි ඇහුවා. එකෙන් පෙන්නේ මාධ්‍ය වෙදින්ටත් එලව එලවා පහර දුන්නා කියලා
මාද්‍ය වේදීන්ගෙන් ආරක්ෂක අමාත්‍යංශය සමව ප්‍රසිද්දියේ ඉල්ලා,වන්දිමුදලක් සිදුවූ පාඩුව අනුව ගෙවිය යුතුයි
ජුලි 27 වෙනිදා තිබුන රණවිරු රියල් ස්ටාර් එක නෙවෙයි පහුගියදා වැලිවෙරියෙයි නියම රණවිරු රියල් ස්ටාර් එක පෙන්නුවේ. එකට නියම තෑගි ලැබුන නේද? 1,2,3 විතරයි දැනට තෑගි දුන්නේ.
කතතෘ සංසදය ප්‍රහාරය හෙලා දැකලා මදි රජයට කඩයේ යන එක නවත්වන්න ඕනා. රජය වරද පිළිගෙන සමාව ඉල්ලනතුරු.
කොල්ලෝ, ඒ පරිච්චේදෙත් ඉවරයි. එත් වෙච්ච දෙයක් නෑ. කොච්චර කාලයක් බලන් හිටියද? හැමදාම ඔච්චර තමයි. පව් අනේ !!!!
මාධ්‍යටත් ගැහුවා නේද
මේ තත්වය තව නරක තත්වෙට එනවා ඉස්සරහට, එතකොට තේරෙයි අපි චන්දෙ දුන්නු එකේ විපාකේ. හැමදාම මේ අය දෙගොල්ලන්ට බැන බැන ඉන්නවා.
අනේ ඉතින් ලංකාවට ................. මේ තුන් සරණේ සරණයි.
ඤනසාර හිමි තමයි කියල තියන්නේ හමුදාවට ජනතාව විසුරුවන්ඩ කියලා .
ඇති දැන්වත් ඇස් ඇරුණා.
මේවා මෙහෙම වෙන්නේ නැහැ පණ ඇති විරුද්ධ පක්ෂයක් තිබුණා නම් නේද? (නි)
ඔය බලසේනාව හරක් මරනවට විතරද විරුද්ද ????? දන්නේ නැති නිසා අහන්නේ......
බොරු කියන්ඩ එපා. මල්ලිලා එහෙන් උදේට උදේට එකට වැඩිවෙලා කිරිබත් කන්ඩ යනවා. මෙහෙන් හෙලා දකිනවා.
මිනිස්සුන්ට පහරදෙන්න කියලා හමුදවට අණ කළේ කව්ද? කාටත් තේරෙනවා කව්ද කියලා. (නි)
මාධ්‍යට බලයක් තියෙනවා නම් මේ අය ප්‍රධාන මාර්ගයක් අවහිර කරනකොට එයාලව දැනුවත් නොකළේ ඇයි? (නි)
ෂෙහාන්, නියමයි (නි)
මාධ්‍යත් වහල වැඩේ දුන්නේ
අම්මෝ පසුගිය ටිකේ සමහරු කියපු සැර පරුස අදහස්, දැන් ටිකක් බැහැල (අ)
කොච්චර ශෝකය පල කරත් දැන් ඇති වැඩේ මොකක්ද? (දී)
මාධ්‍යට අයින් වෙන්න කියලා නේද මාධ්‍ය නිදහස උල්ලංගනය කරලා තියෙන්නේ
මට තියෙන පුදුමේ මෙච්චර විපතක් වෙලත් ලොකු අය තව කටක් හෙල්ලුවේ නැති එක.ලංකාදීප වගේ මාධ්‍ය නොවෙන්න,තක්කඩි ජනමාධ්‍ය ජනතාව අන්ධයන් බවට පත් කරලා තියාවි (දී)