ශ්‍රී පාද වන්දනා සමය අරඹමින් පැල්මඩුල්ල ගල් පොත්තාවල ශ්‍රී පාද රජ මහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සමන් දෙවි ප්‍රතිමා සහ දේවාභරණ මළුවට වැඩම කරවීමේ ඓතිහාසික පෙරහර අද අලුයම ආරම්භ විය.
උඳුවප් පොහොය දා (සඳුදා) සිට ලබන වෙසක් පොහොය දක්වා සිරිපා සමයයි.
ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මුලින්ම ඉපැරණි චාරිත්‍ර ඉටුකරමින් සමන් දේව ප්‍රතිමාවට පූජෝපහාර දැක්වූහ.
පැල්මඩුල්ල සිට රත්නපුරය දක්වා මග දෙපස මහ පිරිස් තෙල් මල් පහන් හා පළතුරු වට්ටි සුරතින් රැගෙන පෙළ ගැසී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්වැසි හැමෝටම සුමන සමන් දෙවිපිහිටයි (දිල්)
ශ්‍රී පාදස් ස්පර්ශයෙන් අති පාරිසුද්දත්වයට පත්වූ සමනළගිරි පර්වතයට අරක් ගෙන වැඩ සිටිනා එකම සිංහල දෙවියන් වශයෙන් ශ්‍රී සුමන සමන් දෙවියන් හදුන්වනු ලැබේ. එමෙන්ම සබරගමුවේ මිනිසුන් ලොව කොතැනක සිටියත් සමන් දෙවියන්ගේ අනුහසින් ආරක්ෂා කරදෙන බව ජනප්‍රවාදයේ සදහන්. තවද සබරගමුවේ මිනිසුන්ට මුහුණු දෙකක් තිබෙන බව අසා ඇත. සමන් දේවාලයේ වාර්ෂික පෙරහැරේදී මුහුණු දෙකේ වෙස් මුහුණින් ඒබව සංකේතවත් කර ඇත.(නදී)
මේ සිරිපා වන්දනා සමයේ සමනොල කරුණා කරන සැමට සම්බුදු සරණයි! සමන් දෙවිඳු කරුණාවයි! (නදී)
සිරිපා වන්දනාවේ යන සැමට තෙරුවන් සරණයි! (නදී)
මේ ඡායාරූපය දුටුවිට නැවතත් සිරිපාදය වදින්න ආශා හිතුණා (නි)
සාදු සාදු සමන් දෙවි රැකවරණයයි.(නදී)
ශ්‍රී සුමන සමන් දෙවිපිහිටයි (දිල්)
සාදු..! සාදු...!! සාදු....!!! වදිමු මුනි සිරිපා බැතින්.....!!! කරුනාවයි.., කරුනාවයි..., සමන් දෙවිදු කරුනාවයි......!!!!!(නදී)
දනන් මුව නැගී සාදු නාදෙන් සමන් ගිර පිළිරැව් කෙරේවා... සවන් සනහන දහම් සිසිලෙන් ගුවන් තලයම එකලු වේවා..... බුදුන් සිරිපා දැක වදින්නට නුවන් කල පින් හේතු වේවා.... සමන් දෙව් සමිදුගේ පිහිටෙන් රුවන් මනුදම් ලොව පිරේවා. ...(නදී)
ශ්‍රී සුමන සමන් දෙවියනි මතු බුදු වන බුදුන් දක්වා සම්බුදු පාද ස්ථානයත් ලංකාවත් ආරක්ෂා කර දෙන සේක්වා (දිල්)
හොඳයි. බොහොම බැති සිතින් කරන දෙයක්. .(දිල්)
කිතුල්ගල මගේ ගම මතක් වෙනවා (දිල්)
පව්ලේ සැමට සමන් දෙවි පිහිටයි! (නදී)
කරුනාවයි, කරුනාවයි සමන් දෙවිඳු කරුනාවයි.(නදී)
බුදු සරණයි(දිල්)
කරුනාවයි, කරුනාවයි! සුමන සමන් දෙවි කරුණාවයි. වදින්න යන සැම දෙනාට බුදු සරණයි.(නදී)
ලස්සන පින්තූර බොදු බැතිය කුළු ගන්වනවා.(නදී)
බුදු සසුන සදා බැබලේවා! අන්‍ය ආගම්වලින් ආරක්ෂා කෙරෙත්වා බුදු සසුන රකින අය රැකෙත්වා! (නදී)
සාදු සාදු...මේ පාර සිරිපා කරැණා කරන්න මටත් හැකිවේවා!(දිල්)
මුණි සිරිපා පිහිටි මගේ රටට සුමන සමන් දෙවිඳු ආශිර්වාදය ලැබේවා! (නදී)
කරුණාකර පරිසරය විනාශ නොකර සුදු ඇදුමින් සැරසී තුන් සරණේ කියාගෙන සිරිපා කරුණා කරන්න.(නදී)
බුදු සසුන බැබලේවා මගේ එකම පැතුමයි.(නදී)
සමන් දෙවිඳුන්ගේ ආශීර්වාදයෙන් ශ්‍රී පාද රක්ෂිතය ආරක්ෂා වේවා! පරිසර දුෂණය අවම වේවා! සියලු බැතිමතුන්ට සමන් දෙවිදුගේ ආශීර්වාදය ලැබේවා.(නදී)
මේ සිරිපා වන්දනා සමයේ සමනොල කරුණා කරන සැමට සමන් දෙවිඳු කරුණාවයි! (නදී)
වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි. එහෙම කිව්ව මේ අක්කට පහල කඩෙන් කෝපි එකයි.(නදී)
සියලුම වන්දනා කරුවන්ට සමන් දෙවිදුගේ ආරක්ෂාව ලැබේවා සාදු සාදු(දිල්)
ඇත්තටම ආයෙමත් යන්න හිතෙනවා! 1987 ගියාට පස්සේ තවම යන්න බැරි උනා. (නදී)
මටත් ආස හිතෙනවා සිරිපාදේ යන්න.(නදී)
සමන් දෙවිදු කරුණාවයි(දිල්)
ඔක්කොම හොඳියි. එත් දෙවියනි ඔබ කොහිද ? මේ රටේ සිදුවෙන දේවල් ඔබට නොපෙනෙන්නේ මන්ද ? (නදී)
මගේ රටට සුමන සමන් දෙවි පිහිටයි ! (නදී)