ශ්‍රී ලංකාව මිතුරු රටක් ලෙස සැළකීම ඉන්දීය රජය නතර කළ යුතු බව තමිල්නාඩු ඩී.එම්.කේ පක්ෂ නායක මුතුවේල් කරුණානිධි ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය පි.ටී.අයි පුවත් සේවය අද (23) වාර්තා කළේය.
චෙන්නායි හි පැවති උත්සවයකදී ඔහු පැවසුවේ මෙරට යුද්ධයේදී ඇති වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඉන්දියාව මැදිහත් විය යුතු බවයි. මෙරට යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම පමණක් නොව සමූල ඝාතනයක් සිදුව ඇති බවට ද කරුණානිධි යළි චෝදනා කළා.
කරුණානිධි ප්‍රකාශ කර ඇත්තේ මෙරට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ මැක්ස්වෙල් පරණගම කොමිසමේ නිර්දේශ මගින් යුද්ධය පිළිබඳ චැනල් ෆෝ නාළිකාව විකාශය කළ ‘‘නෝ ෆයර් සෝ න්’’ වීඩියෝ දර්ශන සනාථ වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ආයෙත් පටන් අරගෙනද? (නි)
ඔහොම තමයි වැඩියෙන් පත්තු වනවා නිවෙන්න ලංවෙන කොට. (අ)
හෙට අනිද්දා මැරෙන්න ඉන්න මේ මනුස්සයට පාඩුවේ ඉන්න බැරි හැටි.(රේ)
ලංකාවේ ද්‍රවිඩ ධීවරයන්ගේ මලු ටික හොරා කන තමිල්නාඩු මලු මුදලාලිලා ගැන මොකවත් කියන්නේ නැද්ද ? (ම)
තමන්ගේ ජනතාවට අවම වැසිකිලි පහසුකම් හෝ ලබාදීමට නොහැකිව වෙනත් රටක ප්‍රශ්න ගැන කතා කිරීම විහිළුවක් බව තේරුම් ගත්තොත් යෙහෙකි/ (ම)
කරුණානිධි කියන්නේ මොලේ අමාරුකාරයෙක්. මහා බොළඳ මිනිහෙක්. දකුණු ඉන්දියානුවොත් එහෙමය (රේ)
ප්‍රභාකරන්ගේ කෲර එල්ටීටී හමුදාව අසරණ ජනතාව ඝාතනය කල අයුරු දැක්වෙන වීඩියෝ පට ටිකක් කරුණානිධිට යැව්වොත් නරකද? එවිට ඔහු චැනල් ෆෝ වල පෙන්වූයේ බොරු වීඩියෝ දර්ශන බව පිළිගන්නවා ඇත (නි)