ශ්‍රී ලංකාවේ සිදුවී යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් වන මෙතෙක් පැවති ඇමෙරිකා ස්ථාවරය වෙනස් වීම තමන් හෙළා දකින බව තමිල්නාඩුවේ හිටපු මහ ඇමති හා ඉන්දීය ඩී.එම්.කේ පක්ෂ නායක එම්.කරුණානිධි ප‍්‍රකාශ කර ඇතැයි ඉන්දීය පී.ටී.අයි පුවත් සේවය වාර්තා කරයි.
දේශීය යාන්ත‍්‍රණයක් මඟින් ලංකාවේ යුද සමයේ සිදුවූ යුද අපරාධ පිළිබඳ අකටයුතුකම් සෙවීමට ශ්‍රී ලංකාවේ නව රජය ගත් තීරණයට සහාය දැක්වීමට ඇමෙරිකා එකඟ වීම නොවිය යුතු දෙයක් බවද තමිල්නාඩු හිටපු මහ ඇමතිවරයා පෙන්වා දී ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
ඇමෙරිකාවේ මෙම තීරණයත් සමඟ ඔවුන් ගැන තවදුරටත් විශ්වාසයක් තැබිය නොහැකි බවත් ,ඒ හරහා ශ්‍රී ලංකාවේ සිදුවූ යුද අපරාධ වසා දැමීමද ඇමෙරිකාවේ මෙම ස්ථාවරය මඟින් සිදුවන බව කරුණානිධි ප‍්‍රකාශ කොට ඇත.
ඉකුත් සතියේ පැවති ඇමෙරිකා සහකාර ලේකම් නීශා බිස්වාල් මහත්මිය සිය ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා රජයේ බලධාරීන් සමඟ ඇති කර ගත් සාකච්ඡා වලින් පසුව තීරණය කරනු ලැබුවේ යුද සමයේ සිදුවූ අකටයුතුකම් පිළිබඳ සෙවීමට දේශීය යාන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කිරීමට නව රජය ගත් තීරණයට සහාය දීමටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ දේවල් හොයන් නැතුව තමන්ගේ රටේ අයට වැසිකිලි ටිකක් හදල දුන්නා නම් කරුණානිධි මැරුණම දෙව්ලොව යයි. (නදී)
මෙයා නිදි කියල හිතුවට තාමත් නිදි නැහැනේ ....... ඇහැ ඇරගෙනම දවල් හීන බලනවා (ම)
ඔයාලගේ වැඩක් බලන් ඉන්න මේක සිංහල රට (ම)
එයා ඉතින් හැමෝටම බනිනවනේ! (නි)
මෙයාලට වෙන වැඩක් නැද්ද මන්දා...(ම)
කරුණානිධි හැමදාම අනුන්ට බනිනවා ඊට පස්සේ කෝවිලටත් යනවා (ම)
අර කාශ්මිරයේ වෙන දේවල් මෙයාලට පෙන්නේ නැති හැටියක් ....(බ)
සත්‍යය හෝ අසත්‍ය නිෂ්පාදනය කරන්නේ ඇමරිකානු උවමනාවට බව කරුණානිධි වටගා ගෙන නොමැති බව පෙනේ (බ)