උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් පිහිටුවා ගෙන ඇති දෙමළ ජානතා මණ්ඩලයට හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ද එක්වීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි කියයි.
උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට දෙමළ ජාතික සන්ධානයෙන් විසඳුම් නැතැයි කියමින් දෙමළ ජනතා මණ්ඩලය නමින් නව පෙරමුණ බිහි කර ගැණිනි.
දෙමළ මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කරුණා කියා තිබුණේ තමා එම පෙරමුණ ගැන අධ්‍යයනය කරමින් සිටින බවයි.
කොටි සංවිධානයේ නායකයකුව සිටි කරුණා අම්මාන් යුද්ධය අවසන් කාලයේ ප්‍රභාකරන් සමග ගැටුමක් ඇතිකරගමින් ඉන් ඉවත් විය.
2010 මහ මැතිවරණයේ දී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයකු ලෙස ද පත් කර තිබිණි.
මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ නායකත්වයට පත්වීමෙන් පසු ඇතිවූ පක්ෂ ප්‍රතිසංස්කරණවල දී ඔහුට තනතුරු නොලැබිණි.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඊපීආර්එල්එෆ්, ටෙලෝ පක්ෂ ද, කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණ ද, ආනන්ද සංගරීගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ද ඇතුළු පක්ෂ කිහිපයක් සමඟ ද නව සන්ධානයකට සාකච්ඡා කරන බව දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද මන්දා එන්න හදන්නේ මේ එකතුව? (නි)
ත්‍රස්තවාදයෙන් තොරව , දේශපාලනයෙන් සාමයෙන් , ඕනෙම මතයක් ඉල්ලුවට දැරුවට කමක් නැහැ , කොහොම උනත් පසුගිය වාර්ගික යුද්ධය නිම කිරීමට කරුණා ලොකු උදව්වක් කරා. (ස)
අපේ අය කා-කොටා ගත්තාට ඒ අය වෙලාවට එකතු වෙනවා. (නි)
බලය බෙදීමට පිවිසුමක් (කෞ)
දුක් වීමට හෝ පුදුම වීමට කරුණක් නොවේ. මෙගොල්ලගෙන් සියයට අනුනමයක්ම යන්නේ කෙසේ හෝ ඊලම ලබා ගැනීමට. අපේ බල කෑදර දෙසපාලකයන් මේගැන වටහා නොගැනීම ලොකුම අවාසනාව. (ස)
මහින්ද ත් ඕකට එකතු වෙයි වගේ. (ස)