උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් පිහිටුවා ගෙන ඇති දෙමළ ජානතා මණ්ඩලයට හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ද එක්වීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි කියයි.
උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට දෙමළ ජාතික සන්ධානයෙන් විසඳුම් නැතැයි කියමින් දෙමළ ජනතා මණ්ඩලය නමින් නව පෙරමුණ බිහි කර ගැණිනි.
දෙමළ මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කරුණා කියා තිබුණේ තමා එම පෙරමුණ ගැන අධ්‍යයනය කරමින් සිටින බවයි.
කොටි සංවිධානයේ නායකයකුව සිටි කරුණා අම්මාන් යුද්ධය අවසන් කාලයේ ප්‍රභාකරන් සමග ගැටුමක් ඇතිකරගමින් ඉන් ඉවත් විය.
2010 මහ මැතිවරණයේ දී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයකු ලෙස ද පත් කර තිබිණි.
මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ නායකත්වයට පත්වීමෙන් පසු ඇතිවූ පක්ෂ ප්‍රතිසංස්කරණවල දී ඔහුට තනතුරු නොලැබිණි.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඊපීආර්එල්එෆ්, ටෙලෝ පක්ෂ ද, කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණ ද, ආනන්ද සංගරීගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ද ඇතුළු පක්ෂ කිහිපයක් සමඟ ද නව සන්ධානයකට සාකච්ඡා කරන බව දැනගන්නට තිබේ.
2025 දෙසැම්බර් මස 18
539
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කරුණාත් විගීගේ බෝට්ටුවට නගියි?
ප්‍රදීප් Wednesday, 23 December 2015 10:14 AM
මොකටද මන්දා එන්න හදන්නේ මේ එකතුව? (නි)
රිචි බාලසුරිය Wednesday, 23 December 2015 10:37 AM
ත්‍රස්තවාදයෙන් තොරව , දේශපාලනයෙන් සාමයෙන් , ඕනෙම මතයක් ඉල්ලුවට දැරුවට කමක් නැහැ , කොහොම උනත් පසුගිය වාර්ගික යුද්ධය නිම කිරීමට කරුණා ලොකු උදව්වක් කරා. (ස)
සුමිත්‍රා බස්නායක Wednesday, 23 December 2015 11:40 AM
අපේ අය කා-කොටා ගත්තාට ඒ අය වෙලාවට එකතු වෙනවා. (නි)
දුමින්ද Wednesday, 23 December 2015 07:08 AM
බලය බෙදීමට පිවිසුමක් (කෞ)
නිමල්ලලිත Wednesday, 23 December 2015 07:24 AM
දුක් වීමට හෝ පුදුම වීමට කරුණක් නොවේ. මෙගොල්ලගෙන් සියයට අනුනමයක්ම යන්නේ කෙසේ හෝ ඊලම ලබා ගැනීමට. අපේ බල කෑදර දෙසපාලකයන් මේගැන වටහා නොගැනීම ලොකුම අවාසනාව. (ස)
දරුසෙන් Wednesday, 23 December 2015 07:26 AM
මහින්ද ත් ඕකට එකතු වෙයි වගේ. (ස)