ෆේස්බුක් පින්තූරයක් සම්බන්ධයෙන් විදුහල්පතිගේ තරවටුවකින් පසු සිසුවියක දිවි නසා ගත් බව කියන කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයයට අඟහරුවාදා (25) නව විදුහල්පතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අද පෙරවරුවේ දෙමාපියෝ පිරිසක් උද්ඝෝෂණයක් සහ උපවාසයක් ආරම්භ කර ටික වේලාවකින් නතර කළහ.
සුළු මොහොතකට පසු එම ස්ථානයට ආ පළාත් අධ්‍යාපන බලධරයෝ දෙමාපියන් සමග සාකච්ඡාවක් පැවැත්වූහ.
හිටපු විදුහල්පති සම්බන්ධ විමර්ශන අවසන්වන තුරු නව විදුහල්පතිවරයකු පත් නොකරන බවට පළාත් අධ්‍යාපන බලධරයන් ලබා දුන් පොරොන්දුව මත උද්ඝෝෂණය සහ උපවාසය නතර කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනූෂා ඉමන්දි බංඩාර සිසුවියගේ මරණය සම්බන්ධයෙන් විදුහල්පති වරයා මෙන්ම කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ පාසල් උපදේශකවරියද වග කිව යුතු බව සිදු කරන ලද පරීක්‍ෂණ වලදී හෙලිවී තිබේ. කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ පාසල් උපදේශකවරිය ක්‍රියා කොට තිබෙන්නේ උපදේශිකාවකට මෙන්ම ගුරුවරියකටද නොගැලපෙන අයුරිනි. කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ පාසල් උපදේශකවරියට උපදේශනය පිළිබඳව වෘත්තීය සුදුසුකම් තිබී නැති බව ළමාරක්‍ෂක අධිකාරිය විසින් කරන ලද විමර්ශනයකදී සොයාගෙන තිබේ. මෙම ගුරුවරිය පාසලේ මනෝ උපදේශනයේ යෙදී තිබෙන්නේ ඩී. එස් රණවක නැමැති පුද්ගලයා විසින් පවත්වාගෙන යන ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය නමින් හැඳින්වෙන ව්‍යාජ ආයතනයෙන් ලබාගත් සහතික ඉදිරිපත් කිරීමෙනි. ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය යනු අධ්‍යාපනික ආයතනයක් නොව දිලිඳු සහන දෙපාර්තමෙන්තුව යටතේ ලියාපදිංචි කරන ලද පුන්‍ය ආයතනයකි. එහි අධ්‍යක්‍ෂකවරයා වන ඩී එස් රණවක ශාස්ත්‍රීය ලෝකයේ කූට සක්විති යන කුප්‍රකට නාමයෙන් හැඳින්වෙන අතර ඩී .එස් රණවකට ලෝකයේ පිළිගත් කිසිම විශ්ව විද්‍යාලයකින් මනෝවිද්‍යාව හෝ උපදේශනය පිළිබඳව උපාධියක් නොමැති නමුත් වංචනික ලෙස FICP , MICP යන ව්‍යාජ උපාධි තමන්ගේම පුණ්‍ය ආයතනයෙන් තමන්ටම ලියවාගෙන සිටින බොරුකාරයෙකු වේ. මෙවැනි ව්‍යාජ සහතිකකරුවන් විසින් පාසල් දරුවන් ගේ ජීවිත සමග සෙල්ලම් කිරීම නැවැත්වීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුවට දැන්වත් මොලය පෑදිය යුතුය. (දී)
අනේ මෙහෙම රටක්. කොන්තරාතුවක් පියවනවා වගේ. නිතිය කරන්ට ඉඩ දෙන්න. (දී)
කවුරු මොනවා කිවුවත් විදුහල්පති හැදුවේ නොමඟ ගිය දරුවෙක් හොඳ මඟට ගන්න, එක තේරුම් ගන්න බැරී මිනිස්සු තමා විදුහල්පතිට විරුද්ධව වැඩ කරන්නේ, මොනවා වුණත් විදුහල්පතිට හරිම අසාධාරණයක් වුණේ,(අ)
ඇසල ඔබේ අදහසට මමත් එකඟයි. කෙලින් තීරණයක් ගන්න බැරි අයත් එක්ක මොන අධ්‍යාපනයක්ද? (නදී)
ඉස්සර නම් ඉස්කොලෙනුත් ගුටි කාල ගෙදරිනුත් ගුටි කනවා. අපි හැදුනේ එහෙම තමා. (නදී)
ලංකාවේ පාසල් වල උපදේශනය කෙරෙන් නැහැ කියන එකේ දී විදුහල් පති කියනවා මේ ඉස්කෝලේ හොදින් උපදේශනය තියනවා කියලා. මැරුන ළමයත් ඔය උප දේශන මිස් ගැන අවසාන ලියුමේ ලියල තියනවා. එහෙනම් ඒ මිස් කව්ද. එයා මේ පාසැලේ මොනවද කරන්නේ. එයාට අධ්‍යාපන අමාත්‍යංශයෙන් මොන වගේ පුහුණුවක්ද දීල තියෙන්නේ. උපදේෂනයට අමාත්‍යංශය කොයි වගේද පහසුකම් සපයන්නේ. පාසැල් වලට මොන වගේද උදව් කරන්නේ. මේ මිස් කව්ද. ඇත්තටම එයාගෙන් මේ ළමයට සේවයක් ලැබිලද? සොයා බලන්න. මොකද ඒ ළමය කියල තිබුන ඒ මිස් එයාට හරි ආදරෙයි කියලා. එයාගේ ප්‍රශ්න ඔක්කොම ඒ මිස් එක්ක කිවම මිස් එයාගේ හිත හැදුවා කියලා. එහෙම නම් ඒ මිස් ගොඩක් දේ මේ ළමය ගැන දන්නවා ඇති.(නදී)
දැන් ඉතින් එපා කිව්වට අර මැරුණු දරුවට පන එන්නේ නැහැනේ (දී)
විදුහල්පතිට අධ්‍යාපන මනෝ විද්‍යාව සම්බන්දව අමතර පුහුණුවක් ලබා දී යලි තනතුර ලබා දෙමුද.(දී)
ෆේස්බූක් අර බූක් මේ බූක් දදා ඉන්න (දී)
ඒ කියන්නේ ඒ විදුහල්පතිම නැවත පත් කරනවා ?(දී)
දිවි නසා ගත් ළමයා ගේත් අඩුපාඩුකම් රැසක් තියනවා. නමුත් මෙතනදී ඒවා කිසිම දෙයක් ඉස්මතු වෙලා නැහැ. මෙහෙම ගියොත් පාසල් වල ගුරුවරු විනය සහ ගුණධර්ම කියා දෙන එක පැත්තකට දාල පාඩම් විතරක් කියල දෙවි. (අ)
ඔබ අප නොදන්නා බොහෝ කරුණු කාරණා මේ පලහිලව්වෙ ඇත.ඒ නිසා කිසිවකුත් සුද්ද නොකරන්න. (අ)
ඉතාමත් අගෙයි (අ)
මේ උද්ඝෝෂණ වලින් පාඩු සිදු වන්නේ පාසලේ දරුවන්ට නේද?(දිල්)
අනේ මෙහෙම මෝඩ දෙමව්පියෝ .විදුහලට විදුහල්පති කෙනෙක් නැතිවීම පාඩුවක් කියල හිතන්න බැරි . නීතිය ක්‍රියාත්මකවිය යුතුයි . මීට ඉස්සර නිසිපරිදි ප්‍රාදේශීය අධ්‍යාපන බලධාරියා ක්‍රියාත්මක නොවීම පිලිබඳ පරීක්ෂණයක් කල යුතුයි .(දී)