IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කුරුණෑගල පොලිසියේ හිත උණු වේ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවකු සහ ඔහු බැලීමට පොලිසියට පැමිණි බිරිඳ ,කුඩා දරුවන් දෙදෙනා ඇතුළු පවුලේ දසදෙනකුගේ කුසගින්න නිවා දැමීමට කුරුණෑගල කොට්ඨාස ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සහ කුරුණෑගල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියක් කටයුතු කළේය.

ඒ ඔවුන්ගේ දහවල් ආහාරය සඳහා පිළියෙල ආ ආහාර ලබා දී ඔවුන් සියළු දෙනාගේ කුසගින්න නිවා දැමීමේනි.

මාවතගම පොලිස් වසමේ පදිංචි පුද්ගලයකු කසිප්පු විකිනීම ආරම්භ කළ මුල් දිනයේදීම මීට මාස 8කට පමණ ඉහතදී පොලිසියට කොටුවී ඇත.

මෙම නඩුව සඳහා ඉදිරිපත් නොවීම නිසා අධිකරණය මගින් මොහුට වරෙන්තු නිකුත් කර තිබිණි යැයි පොලීසිය කියයි.

අධිකරණයේ දී මෙම පුද්ගලයා ඔහුට නියම කළ දඩ මුදලින් කොටසක් ගෙවා දමා ඇතත් ඉතිරි කොටස ගෙවා දැමීමට නොහැකිව අධිකරණය මඟහරිමින් සිටියදී වරෙන්තු නිකුත් කර තිබිණියයිද පොලිසිය සඳහන් කරයි.

කසිප්පු විකිණීම ආරම්භ කළ දිනයේ ම මොහු පොලිසියට කොටු වීම නිසා කසිප්පු විකිනීම නතර කර දමා කුලී වැඩ කර බිරිඳ සහ කුඩාදරු දෙදෙනා ඇතුළු පවුලේ අය නඩත්තු කර ඇතැයි කියති.

මෙම වරෙන්තුකරු ගේ සහෝදරියගේ සැමියා අතහැර ගොස් සිටි නිසා ඇය සහ ඇගේ කුඩා දරු දෙදෙනාද රැකබලා ගෙන ඇතැයි කියන්නේ මොහු ය.

මීට අමතරව බිරිඳගේ මව ඇතුළු වරෙන්තුකරුගේ බාල සහෝදරයාද ජීවත් කර ඇත්තේ මෙම වරෙන්තුකරු යැයි පොලීසිය කියයි.

 



අදහස් (5)

කුරුණෑගල පොලිසියේ හිත උණු වේ

ravin Wednesday, 26 July 2023 09:42 AM

යුක්තියෙ සාදාරනත්වය අගයන සියලුදෙනාගෙ නෙත් යොමුකලයුතු කාරනයක් නොවේද? විශෙෂයෙන් මහජන සිත සුව පිනිසයයි කියාගන්නා රට සුරාකනෑවුන්ගෙ !! තම යුතුකම් සපුරාලනු පිනිස අරගලයෙ යෙදෙන්නෙක්.

:       0       34

Dayan Wednesday, 26 July 2023 11:05 AM

ඔබ ආණ්ඩුවේ ඇමැතිවරයකු හෝ අඩුම තරමින් ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු හෝ නොවන්නේ නම් මේ රටේ සාධාරණයක් අපේක්ෂා කළ හැක්කේ කොයින්ද.

:       0       10

පැරකුම් Wednesday, 26 July 2023 12:32 PM

මහ බැංකු කඩනවා වගේද එක දවසක් කසිප්පු පෙරුවනම් සිදුවන සමාජ දූෂණය කියා නිමකල හැකිද..? මොවුනට දියහැකි උපරිම දඩුවම් දීමට අධිකරනය කටයුතු කල යුතුය.

:       6       5

Dharmatileke Wednesday, 26 July 2023 01:47 PM

සමහර හිත් උණුවීම් සමාජයට හිසරදයක් වී ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ දැනට පදිංචි කාන්තාවක් පොලිසියේ අනුකම්පාව නිසා පොලිසිය ඇතුළේ පවා කලකෝලාහල කරමින්, බොරු පැමිණිලි කරමින් බොහෝ දෙනෙකු මානසික පීඩාවට පත්කරමින් සිටියි. එම නිසා හිත් උණුවීම් ගැන දෙවරක් හිතන්න.

:       2       2

Roshan Wednesday, 26 July 2023 05:37 PM

මොන හිත උණුවීම්ද? පොලිසියේ එවුන්ද? ඔය අහල පහළ කඩේකින් නිකං කෑම ගෙනත් දීලා ඇති. එහෙමත් නැත්තන් ත්‍රිරෝද රියදුරෙක්ගෙන් හරි, බස් කාරයෙක් ගෙන් හරි කොල්ල කාලා ඇති. නැත්තන් නිතරම යන එන කසිප්පු හරි කුඩු මුදලාලි කෙනෙක්ගෙන් අරන් ඇති...

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 444 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site