(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවකු සහ ඔහු බැලීමට පොලිසියට පැමිණි බිරිඳ ,කුඩා දරුවන් දෙදෙනා ඇතුළු පවුලේ දසදෙනකුගේ කුසගින්න නිවා දැමීමට කුරුණෑගල කොට්ඨාස ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සහ කුරුණෑගල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියක් කටයුතු කළේය.
ඒ ඔවුන්ගේ දහවල් ආහාරය සඳහා පිළියෙල ආ ආහාර ලබා දී ඔවුන් සියළු දෙනාගේ කුසගින්න නිවා දැමීමේනි.
මාවතගම පොලිස් වසමේ පදිංචි පුද්ගලයකු කසිප්පු විකිනීම ආරම්භ කළ මුල් දිනයේදීම මීට මාස 8කට පමණ ඉහතදී පොලිසියට කොටුවී ඇත.
මෙම නඩුව සඳහා ඉදිරිපත් නොවීම නිසා අධිකරණය මගින් මොහුට වරෙන්තු නිකුත් කර තිබිණි යැයි පොලීසිය කියයි.
අධිකරණයේ දී මෙම පුද්ගලයා ඔහුට නියම කළ දඩ මුදලින් කොටසක් ගෙවා දමා ඇතත් ඉතිරි කොටස ගෙවා දැමීමට නොහැකිව අධිකරණය මඟහරිමින් සිටියදී වරෙන්තු නිකුත් කර තිබිණියයිද පොලිසිය සඳහන් කරයි.
කසිප්පු විකිණීම ආරම්භ කළ දිනයේ ම මොහු පොලිසියට කොටු වීම නිසා කසිප්පු විකිනීම නතර කර දමා කුලී වැඩ කර බිරිඳ සහ කුඩාදරු දෙදෙනා ඇතුළු පවුලේ අය නඩත්තු කර ඇතැයි කියති.
මෙම වරෙන්තුකරු ගේ සහෝදරියගේ සැමියා අතහැර ගොස් සිටි නිසා ඇය සහ ඇගේ කුඩා දරු දෙදෙනාද රැකබලා ගෙන ඇතැයි කියන්නේ මොහු ය.
මීට අමතරව බිරිඳගේ මව ඇතුළු වරෙන්තුකරුගේ බාල සහෝදරයාද ජීවත් කර ඇත්තේ මෙම වරෙන්තුකරු යැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්තියෙ සාදාරනත්වය අගයන සියලුදෙනාගෙ නෙත් යොමුකලයුතු කාරනයක් නොවේද? විශෙෂයෙන් මහජන සිත සුව පිනිසයයි කියාගන්නා රට සුරාකනෑවුන්ගෙ !! තම යුතුකම් සපුරාලනු පිනිස අරගලයෙ යෙදෙන්නෙක්.
ඔබ ආණ්ඩුවේ ඇමැතිවරයකු හෝ අඩුම තරමින් ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු හෝ නොවන්නේ නම් මේ රටේ සාධාරණයක් අපේක්ෂා කළ හැක්කේ කොයින්ද.
මහ බැංකු කඩනවා වගේද එක දවසක් කසිප්පු පෙරුවනම් සිදුවන සමාජ දූෂණය කියා නිමකල හැකිද..? මොවුනට දියහැකි උපරිම දඩුවම් දීමට අධිකරනය කටයුතු කල යුතුය.
සමහර හිත් උණුවීම් සමාජයට හිසරදයක් වී ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ දැනට පදිංචි කාන්තාවක් පොලිසියේ අනුකම්පාව නිසා පොලිසිය ඇතුළේ පවා කලකෝලාහල කරමින්, බොරු පැමිණිලි කරමින් බොහෝ දෙනෙකු මානසික පීඩාවට පත්කරමින් සිටියි. එම නිසා හිත් උණුවීම් ගැන දෙවරක් හිතන්න.
මොන හිත උණුවීම්ද? පොලිසියේ එවුන්ද? ඔය අහල පහළ කඩේකින් නිකං කෑම ගෙනත් දීලා ඇති. එහෙමත් නැත්තන් ත්‍රිරෝද රියදුරෙක්ගෙන් හරි, බස් කාරයෙක් ගෙන් හරි කොල්ල කාලා ඇති. නැත්තන් නිතරම යන එන කසිප්පු හරි කුඩු මුදලාලි කෙනෙක්ගෙන් අරන් ඇති...