IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කුරුණෑගොඩ පියතිස්ස නාහිමියන්ට සෙත් පතයි.

නිව්යෝර්ක් බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත කුරුණෑගොඩ පියතිස්ස නාහිමියන් ගේ අසු පස්වන ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා  බෝධි පුජා පිංකමක් නිව් යෝර්ක් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි.

ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක තනතුර මෙන්ම ඇමෙරිකා ශ්‍රී ලංකා සංඝ සම්මේලනයේ සභාපති තනතුරද හොබවන උන්වහන්සේ පසුගිය අඩසිය වසරකට සමීප   කාලසීමාවක් විදේශ ධර්මදුත සේවාවෙහි නියුක්තව සිටිති.

වර්ෂ 1941 දී පොල්ගහවෙල දෙනගමුවේ බෝධිගුප්ත පිරිවෙන් විහාරස්ථානයේදී දඹදෙණි හත්පත්තුවේ උප ප්‍රධාන සංඝ නායක පාරඹේ රේවත නාහිමියන් ගුරුකොට පැවිදි උපසම්පදාව ලබාගත් පියතිස්ස හිමිගේ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙහි අධ්‍යාපනය හදාරා රාජකීය පණ්ඩිත උපාධිය හිමිකර ගත්හ.

 පසුකලෙක පොල්ගහවෙල පරාක්‍රමබාහු මධ්‍යම මහා විද්‍යාලයේ  සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස සේවය කළේය.

ලේඛකයෙකු සහ කවියකු ලෙස නමක් දරාසිටි උන්වහන්සේ ධර්ම සාස්ත්‍රීය ග්‍රන්ථ බොහෝ ප්‍රමාණයක් රචනාකර ඇති අතර පුවත්පත් සඟරා සඳහා නිරන්තරයෙන් අගනා ලිපිලේඛන සපයා ඇත.

සුසිල්වත් ධර්මධර පඬිවරයෙකු ලෙස කාගේත් ගෞරවාදරයට පත්වසිටි පියතිස්ස හිමියන්හට විදේශ ධර්මධුත සේවාව සඳහා ආරාධනා ලැබුනේ එවකට ලන්ඩන් බෞද්ධ විහාරාධිපතිව වැඩවිසූ  හම්මලව සද්ධාතිස්ස නාහිමියන් ගෙනි.

කලක් ලන්ඩන් බෞද්ධවිහාරයේ ධර්ම දුත වැඩකටයුතු සඳහා සහයවෙමින් වැඩසිටි උන්වහන්සේ පසුව ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ අලුතින් ආරම්භ කළ  ශ්‍රී ලාංකික බෞද්ධ විහාරයේ කටයුතු භාරව ඇමෙරිකාවට වැඩම කළහ.

ඉතා ස්වල්ප පහසුකම් සහ ඇප උපකාර සහිතව ආරම්භකළ නිව් යෝර්ක් බෞද්ධ විහාරස්ථානය පවත්වාගෙන යාම සඳහා පියතිස්ස හිමියෝ මුල් දිනයේ සිට සිය සම්පුර්ණ කාලයත් ශ්‍රමයත් නිර්ලෝභීව වැයකළහ. එම විහාරස්ථානය අද පවතින දියුණු තත්වයට ගෙන ඒම සඳහා විශාල කාර්ය භාරයක් ඉටුකරමින් නිව් යෝර්ක් නුවර බෞද්ධ මෙන්ම අන්‍ය ආගමික හැමදෙනාගේම ගෞරවය සහ බුහුමන දිනා සිටින උන්වහන්සේගේ මුලිකත්වයෙන් ඇමෙරිකාවේ වෙනත් නගරයන්හි ශ්‍රී ලාංකික විහාරස්ථාන කිහිපයක්ම ආරම්භකර ඇත.

පසුගියදා ඇමෙරිකාවේ සංචාරය කල අවස්ථාවේදී ජනාධිපති තුමන්ද පියතිස්ස නාහිමියන් බැහැදැක සිය ගෞරවය පිරිනමනු ලැබීය.

කාටත් ප්‍රිය, විනය ගරුක, උසස් ගති පැවතුම් අනුන, ආදර්ශ හා ගෞරව සම්පන්න පියතිස්ස හිමියන් සිදුකර ඇති අප්‍රමාන ලෝක ශාසනික සේවාවන්ගෙන් ජනිත සියලු කුසල ශක්තියෙන් උන්වහන්සේට නිදුක්ව නිරෝගීව සාශනික වැඩකටයුතු තවදුරටත් ඉටුකිරීම සඳහා දීර්ඝායුෂ සහ නිරෝගී සම්පත්තිය ලැබේවායි එදින බෝධි පුජා පිංකම පවත්වා ප්‍රාර්ථනය කරනු ලැබිය.

 

 



අදහස් (0)

කුරුණෑගොඩ පියතිස්ස නාහිමියන්ට සෙත් පතයි.

නිමල් Friday, 03 January 2014 12:49 PM

දිගුකල් ජීවත් වේවා (දිල්)

:       0       0

ආචාරය ඉල්කුපිටියේ පඥාසේකර හිමි Saturday, 04 January 2014 01:51 AM

සතාදික කාලයක් නිරෝගිව මෙම වටිනා සාසනික කටයුතු කරගෙන යාමට තුනුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා. (නදී)

:       0       0

සරත් අතාවුද Friday, 03 January 2014 02:15 PM

ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! (නදී)

:       0       0

මණ්ඩාවල හාමුදුරුවෝ Friday, 03 January 2014 03:43 PM

උන් වහන්සේ සැබවින්ම උතුම් සඟ පියෙකි. මෙතින් පිරුණු එම දෙඇස මට අමතක නොවෙයි. උන්වහන්සේට නිරෝගී සුව පතමු.(නදී)

:       0       0

නන්දන Friday, 03 January 2014 04:39 PM

දනිමි, හැඳින්නෙමි හිමි සඳුනේ ....චිරන් ජයතු...(දී)

:       0       0

සත්‍යයා Friday, 03 January 2014 08:00 PM

අප දන්නා තරමින් ඇමෙරිකාවේ සංඝ නායක ආචාර්ය වල්පොල පියනන්ද හිමි. කොහොම වෙතත් "අපි ඔක්කොම රජවරු" යුගයේ ඔබ වහන්සේත් නායකයෙකු ලෙස බොහෝ කල් ජීවත් වේවා! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site