දකුණු අප්‍රිකාවේ හිටපු නායක නෙල්සන් මැන්ඩෙලා ආදර්ශයට ගෙන ශ්‍රී ලංකාවේ දකුණු සහ උතුර එක්කරමින් ක්‍රීඩාව තුළින් ජතික සමගින ඇති කළ හැකි බව ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක රවී රත්නායක මහතා ඕස්ට්‍රේලියාවේ මවුන්ට්වේවලි වෙස්ලි විද්‍යාලයයේ ශ්‍රී ලාංකික සංස්කෘතික උත්සවයක් අමතමින් කීවේය.
වික්ටෝරියා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාර ඩේවිඩ් ඩික්‍රීට්සර් මෙහි ප්‍රධාන ආරාධිතයා විය.
උඩරට, පහරරට හා දෙමළ නැටුම්, බෙරවාදන සහ ගීත වලින් මේ උත්සවය වර්ණවත් වූ අතර ක්‍රිකට් තරග ද පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකනම් ඇත්ත තමයි පහුගිය දවස්වල අපි දැක්ක ගාල්ල පැත්තේ කොයිතරම් නම් සමගියක් තිබුනද කියල. සමගිය වැඩිකමට කඳුළු ගෑස් ගහන්නත් සිදු උනා නේද. (අ)
රවී රත්නායක ගොඩාක් කාලෙකට පස්සේ අපිට ඔබව මතක් වෙනවා. (දී)
රවී රත්නායක ගොඩාක් කාලෙකට පස්සේ අපිට ඔබව මතක් වෙන්නේ (දී)
ශ්‍රේෂ්ට අදහසක්, රවී , අද ක්‍රීඩාව තුලින් දකුණු අප්‍රිකාව ඉහල තැනකට ඇවිත් නෙල්සෝන් මැන්ඩෙලා වැනි ශ්‍රේෂ්ට නායකයාගේ උපදෙස් තුලින්,නමුත් ලංකාව වැනි අපේ රට බොරුවට මුල් තැන දෙන නිසාත්, ලෝකය යනු ලංකාව යන මතයේ සිටින නිසා මේවා තේරුම් ගන්න හැකියාවක් නැත, බලන්න මිට ප්‍රථම අදහස ? (දී)
දේශපාලකයන්ගේ ගණන්කාර පුත්තු සහමුලින්ම වඳ වෙලා ගිය දාට ක්‍රීඩාව නම් සමගියෙන් කරන්න බැරි වෙන එකක් නැහැ. රටේ සාමයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ බලය රැක ගන්න ඕනෑම ජඩ වැඩක් කරන දේශ පාලුවෝ සහමුලින්ම නැති වුන දාටයි. (අ)