ව්‍යාජ ක්‍රෙඩ්ට් කාඩ් පත් යොදා බැංකු ටෙලර් යන්ත්‍ර මගින් රුපියල් දාහත් ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කළැයි කියන පස් දෙනෙක් වැල්ලවත්ත පොලිසිය විසින් දෙහිවල අපොන්සු මාවතේ නිවසකදී සැකපිට අත්අඩංගවට ගනු ලැබුහ.
හොර ක්‍රෙඩ්ට් කාඩ් පත් 500 ක් ද ,ක්‍රෙඩිට් කාඩ් පත් දත්ත සොරා ගන්නා මෘදුකාංග ද සමග මේ පිරිස අත්අඩංගුවට ගැනීමට වැල්ලවත්ත පොලීසියේ ප්‍රධාන පරීක්ෂක සමරකෝන් බණ්ඩා සහ අපරාධ අංශයේ ප්‍රසන්න නාගහකන්ද යන මහත්වරු මුල් වුහ.
මොවුන් වැඩිපුරම විදේශ ගිණුම් වලින් මුදල් ලබාගෙන ඇති බවත් ,යාපනය කොටහේන හා රාජගිරියේ පදිංචි ඔවුන් නිතර නිතර එතෙර ගොස් ඇති බවත්, ඔවුන් වයස අවුරුදු 24 හා 40 අතර බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1104
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්‍රෙඩ්ට් කාඩ් වලින් ලක්ෂ 17 ක සල්ලි ඇදලා
තිලක්-ඩුබායි Monday, 18 November 2013 01:00 AM
සුපර් මාර්කට් වල අපේ අය පිට රටවල කාර්ඩ් වල දත්ත විකුණනවා.ඒ දත්ත වලින් කාර්ඩ් හදාගෙන 'ෂොපින්' යනවා.මට නම් දැන් ලංකාව කියද්දීත් බයයි. (නි)
නඩරාජා Monday, 18 November 2013 02:05 AM
කොටියන්ගේ වැඩක්ද දන්නේ නැහැ (නි)
ලකෂ්මන් ජයවර්ධන Sunday, 17 November 2013 03:11 PM
දැනුම හොඳ වැඩකට යොමුකලා නම් හෙන ගහනවද?රටේ නමත් කනවා.බැංකු සේවයේ ඇති දුර්වලකම් නිසා හොරු බෝවෙනවා.මේ ටෙලෙර් හොරු ගැන අද ඊයේ නොවෙයිනේ නිව්ස් යන්නේ?ගනුදෙනු කරුවන් බැංකු පිළිබඳව කෙසේ විස්වාස කරන්නද?ලෝකෙම බැංකු ලොක්කෝ කවද ඇස් අරිවිද?(දිල්)
යු. එස්. ඒ Sunday, 17 November 2013 05:25 PM
හොර ක්‍රෙඩිට් කාර්ඩ් වලින් මුදල් ඇදීමට දක්ෂ ගොඩක් ඉන්නවා මේ අයත් එසේමද දන්නේ නේ . විස්තර දාල මදි ඒවා ගැන(දිල්)
වෙදමහත්තයා Monday, 18 November 2013 03:33 PM
නඩරාජා කිව්ව කට්ටිය තමා මේකට දක්ෂ මුළු ලෝකෙම්ම . අනික් අය අපේ අසල වැසි රටේ කට්ටිය.(නදී)
ආරියසේන Sunday, 17 November 2013 09:21 PM
එල් ටි ටි සංවිධානය විසින් ක්‍රෙඩිට් කාර්ඩ් වලින් මුදල් වංචාවට විශේෂයෙන් පුරුදු පුහුණු කළ පිරිසක් මුළු ලෝකය වටා විසිරි ඇත.මෙයත් මත්කුඩු ජාවාරම වගේ. (නි)