ව්‍යාජ ක්‍රෙඩ්ට් කාඩ් පත් යොදා බැංකු ටෙලර් යන්ත්‍ර මගින් රුපියල් දාහත් ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කළැයි කියන පස් දෙනෙක් වැල්ලවත්ත පොලිසිය විසින් දෙහිවල අපොන්සු මාවතේ නිවසකදී සැකපිට අත්අඩංගවට ගනු ලැබුහ.
හොර ක්‍රෙඩ්ට් කාඩ් පත් 500 ක් ද ,ක්‍රෙඩිට් කාඩ් පත් දත්ත සොරා ගන්නා මෘදුකාංග ද සමග මේ පිරිස අත්අඩංගුවට ගැනීමට වැල්ලවත්ත පොලීසියේ ප්‍රධාන පරීක්ෂක සමරකෝන් බණ්ඩා සහ අපරාධ අංශයේ ප්‍රසන්න නාගහකන්ද යන මහත්වරු මුල් වුහ.
මොවුන් වැඩිපුරම විදේශ ගිණුම් වලින් මුදල් ලබාගෙන ඇති බවත් ,යාපනය කොටහේන හා රාජගිරියේ පදිංචි ඔවුන් නිතර නිතර එතෙර ගොස් ඇති බවත්, ඔවුන් වයස අවුරුදු 24 හා 40 අතර බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපර් මාර්කට් වල අපේ අය පිට රටවල කාර්ඩ් වල දත්ත විකුණනවා.ඒ දත්ත වලින් කාර්ඩ් හදාගෙන 'ෂොපින්' යනවා.මට නම් දැන් ලංකාව කියද්දීත් බයයි. (නි)
කොටියන්ගේ වැඩක්ද දන්නේ නැහැ (නි)
දැනුම හොඳ වැඩකට යොමුකලා නම් හෙන ගහනවද?රටේ නමත් කනවා.බැංකු සේවයේ ඇති දුර්වලකම් නිසා හොරු බෝවෙනවා.මේ ටෙලෙර් හොරු ගැන අද ඊයේ නොවෙයිනේ නිව්ස් යන්නේ?ගනුදෙනු කරුවන් බැංකු පිළිබඳව කෙසේ විස්වාස කරන්නද?ලෝකෙම බැංකු ලොක්කෝ කවද ඇස් අරිවිද?(දිල්)
හොර ක්‍රෙඩිට් කාර්ඩ් වලින් මුදල් ඇදීමට දක්ෂ ගොඩක් ඉන්නවා මේ අයත් එසේමද දන්නේ නේ . විස්තර දාල මදි ඒවා ගැන(දිල්)
නඩරාජා කිව්ව කට්ටිය තමා මේකට දක්ෂ මුළු ලෝකෙම්ම . අනික් අය අපේ අසල වැසි රටේ කට්ටිය.(නදී)
එල් ටි ටි සංවිධානය විසින් ක්‍රෙඩිට් කාර්ඩ් වලින් මුදල් වංචාවට විශේෂයෙන් පුරුදු පුහුණු කළ පිරිසක් මුළු ලෝකය වටා විසිරි ඇත.මෙයත් මත්කුඩු ජාවාරම වගේ. (නි)