(අංජුල මහික වීරරත්න)
ඇමරිකා තානාපතිනි ජූලි චංග් සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහත්ම මහත්මීන් අතර හමුවක් අද (18) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි.
දෙරට අතර ක්‍රීඩා සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර, විශේෂයෙන් ක්‍රීඩා හා බැඳුණු සංචාරක කර්මාන්තයේ වර්ධනයට කළ හැකි මැදිහත් වීම පිළිබඳව මෙහි දී අවධානය යොමු විය.
ශ්‍රී ලංකාවේ ඇමරිකා මාධ්‍යස්ථාන හරහා මෙරට තරුණ තරුණියන්ට ඉංග්‍රීසි සහ වෘත්තීය පුහුණුව ආදිය ලබා දීමට අවශ්‍ය කඳවුරු පැවැත්වීම සඳහා අවශ්‍ය සහය දැක්විය හැකි ආකාරය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.
රජය මෙරට ක්‍රීඩාවේ දියුණුවට සහ තරුණ කටයුතු වර්ධනය වෙනුවෙන් කරන මැදිහත් වීම අගය කළ තානාපතිවරිය, රටක් ලෙස ඒ සඳහා තවදුරටත් තම සහයෝගය දක්වන බවත්, මානසික සෞඛ්‍ය සහ වෘත්තීය පුහුණුව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව මෙවර අයවැයේ දී අවදානය යොමු කිරීම පිළිබඳව තමන් සතුටට පත් වන බවත් වැඩිදුරටත් පැවසුවාය.
මෙම හමුව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ද සහභාගී විය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ක්‍රීඩා දියුණුවට ඇමරිකාවේ සහය