නුවරඑළියේ පැවැති තුරග තරගාවලිය ඊයේ (23දා) නිමාවූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතායි. තරගාවලිය අවසානයේදී ඔහු විසින් ගීත කිහිපයක් ගායනා කරන ලද අතර ඒ අතරින් තමන් වඩාත් ප්‍රියකරන ගීතය ලෙස අමාත්‍යවරයා පවසා සිටියේ, 'බඹරා වගේ මට තවම විසේ' යන ගීතයයි.

එම ගීතය ගායනයට පෙරාතුව ක්‍රීඩා ඇමතිවරයා මෙසේද පවසා සිටියා.

“මේක  මගේ ආසම සිංදුවක්.  ඒ නිසා මේ ගීතය මම පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේදීත් ගායනය කළා.  මට ඒ ඡන්ද ව්‍යාපාරයට වියදම් කරන්න සල්ලි තිබුණේ නෑ. නමුත් මිලියනපතියන් හා බිලියනපතියන් වියදම් කරන්න හිටියා. මම කිව්වේ ‘මට සල්ලි නැතේ, විස්කි නැතේ’ කියලා

වීඩියෝකරණය - චානුක කුලසේකර